ඔබ මට ආදරේද?



  

ඔබේ නෙත් ගුහා තුල
ගිලි ගිලී රෑ යාමේ...
ඉපදුනේ රතු නෙලුම්..

පැතුවේ සුදු නෙලුම්..
මුනිදු පුද වඳින්න..
අමතකව දහම් සිත්
එකත් පස හිඳ
විසල් සිත්
හෑරුවා නොව,
උගුල්ලා ගත්තේ
සිතුවිලි කන්ද

නාය යාම් සියයකටත් වැඩියෙන්
හීනි පොදකට යට වුන
එදවස තමයි දවස

මා මිය ගිහිපු
ඔබ සළුව අතැරිය..

ලිවිය යුතු කවි නොව
ලියැවෙන්නේ....
නොලිවිය යුතු පද එක් වෙන්නේ..

තිතක් තබන්නට නොහැකිව
ලත නොවී
කොමා කිහිපයක් දමා
අසමි.. ප්‍රශ්නයක්
පිලිතුර නැතත්...

සිනහ වී යමි
තව දුරක්..

"ඔබ මට ආදරේද?"

Comments

  1. ගීතයකට සුදුසු පද ටිකක් වගේ දැණෙනවා අරූ. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. මෙන්න මූ යන යන තැන වැටවල් ගහන්නේ ඇයි අරු

      Delete
    2. එයාගේ ජොබ් එක වැටවල් ගහන එකලු..

      Delete
  3. මා මිය ගිහිපු
    ඔබ සළුව අතැරිය

    හ්ම හ්ම් හ්ම්

    ReplyDelete

Post a Comment

Popular Posts