ඔබම වෙන්න..

පොඩ්ඩක් ළඟින් ඉන්න...
යන්තම් අහන්න...
පරවෙලා වැටෙන මේ මල් එකිනෙක අහුලන්න...
පරවුනේ ඇයිදැයි අහන්න...
කුරුල්ලෝ ගයන මිහිරි ගීත තෝරන්න...
එන්න,ඇවිත් යන්න එන්න...

ඒ අමුතු කතන්දර අහන්න...

මේ වැසි කෝඩෙට හිර වෙලා,
මගේ කාමරේ පොඩ්ඩක් නැවතෙන්න...
අකැමැතිද කියන්න..
හීතලට ගුලි වෙන්න,
ඔය තුරුල මට දෙන්න...

මතකද මුල්ම හමුවීම..
ආදරේ උතුරන්න ආයෙත් එලෙසම බලන්න...
මට ඇහැකි ඔය පපුවට හිස හොවා,
ඔබ මුමුණන ගීයක් අහන්න...
ඒ එක්කම,
එකම එක තොල් පෙත්තක් බරට තියා සීතලට මත් වෙන්න...

තේකක් ඕනදැයි කියන්න.
කහට වැඩියෙන් ඉඟුරු එක්ක හදන්න,
තේ රස බලනකොට හෙමින්,
ළඟින් ඉඳන් හොරෙන් ඉඹින්න..
කන්පෙත්ත පොඩ්ඩක් හපන්න...

ජනේලේ ළඟ ඉන්න
මාව හොරෙන් ඇවිත් තුරුලු කරන්
තේ රස කර කර
මාරුවෙන් මාරුවට බොන්න,

මගේ නවැතැනට එන්න ආයෙමත්ම...
ආදරේ උතුරන්න පෙම් කරන්න
මගේ ළඟින් නැවතෙන්න....
එකම එක සීතලම සවසක,
ආයෙත්ම අපි අපිට හමුවෙන්න..
ඉඩ දෙන්න ඔබට ඔබම වෙන්න...

Comments

  1. තේ එකක් රසට හදන හැටි හොදට දන්නවා නේද??

    ReplyDelete
    Replies
    1. තේ රසට හදන්න බෑ අප්ෆා... තාම අම්මා තමා හදන්නේ...

      Delete

Post a Comment

Popular Posts