හිමිකරු



මගේ නෙත් මත වැතිරගෙන ඔබ
බලා උන්නේ ජීවිතේ දෙස.
ඔහේ කියවන ඔබේ ඇස් වල
කියෙව්වේ මං ආදරේ ගැන.

මේ තරම් ප්‍රේමයක් ගෙනවිත්
තැබුවේ ඔබ මගේ අබියස,
අසරණව මම බලා හුන්නේ
ප්‍රේමය හරි විසල් තරමට

සන්තුෂ්ටියකි ප්‍රේමයක් වින්ඳට.
උගැන්වු මුලකුරුත් නුඹෙමය.
ප්‍රේමයක මහ සනහසක් වෙද
නුඹයි හිමිකරු සදාකාලික...

Comments

Post a Comment

Popular Posts