විරාග රාගය

ආදරය, රාගයෙන් වියුක්ත කිරීමට හෝ  රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවුනා සේම, අසීමාන්තික අසම්මත බැඳීම් කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කොහොම නමුදු හර්ද සාක්ෂියට අනුකූල නොවූ හැඟීමක් සමඟ දුකක් පවතී.නමුත් මිනිස් හැඟීම් වු කලී මාරුතයක් සේය.. නිහඬව සිටින මාරුතය කිනම් මොහොතේ හෝ චණ්ඩ වී කොහේ හෝ ගලා යාම සිදු විය හැක..

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු පිණිස හෝ අතිශය ගැඹුරින් පරිකල්පනතා ප්‍රකට කරලූ ගීත කිහිපයක් මෑත කාලයේ සමාජය වෙත තිලිණ වීම මහත් සොම්නසකි. 
' විරාග රාගය' ද එසේ මහා නිර්මාණයක් සේ ම සිතට දැනේ...


සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිලිබඳ ගායකයෝ් දෙදෙනෙක්  අමුතුම ආකාරයේ කතාන්දරයක් කියති.. එය ගීතයක නොදුටු පාර්ශවයකට අත වැනීමක් වැන්න..
තුන්කොන් ප්‍රේමයක කිසිදා ගැහැණිය සිටිද්දි , පිරිමි දෙදෙනා හෝ පිරිමිය සිටිද්දී ගැහැණු දෙදෙනා කතාව ඉදිරිපත් කරන්නේ නැත.. ප්‍රධාන කතා නායකයා එක් පුද්ගලයෙක් නොවී මේ විප්ලවීය ගීතයේ ගායකයන් දෙදෙනෙකු ප්‍රධාන කතා නායකයන් වී හමාරය..

පද රචකයාගේ අපරිමිත පරිකල්ප ආශ්චර්යයම එහි වේ.. කෙසේ නමුදු ගායනය, පද රචනය හෝ නිර්මාණය ගැන හුදෙක් විචාරයක් කිරීම තරම් මම ලොකු මිනිසෙකු නොවෙමි.. 
මේ මගේ ආසාවට ලියන් යන ගීත විචාර පමණි.

මිනිස්සු යනු සමාජශීලි සත්ව කොට්ටාශයක්.. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදෙකලාවට හෝ තනිව ජීවත් වීම කැමැත්තක් නොදක්වයි.
එකඳු රාගික බැඳීමක එනම් සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවෙන පෘථග්ජනයෙකුට වෙනකෙකු පිලිබඳ රාගය ඇතිවීම ගැන ඉතාම සංයමයකින් ඉදිරිපත් කිරීමකි. එහිදි යුවලක එක් තැනැත්තෙකු අවිවේකී වීම නිසා තනිවන්නට සිදු වන පුද්ගලයාට හුදෙකලාවම මඟින් පහර දෙනු ලබයි., එයින් ඇයට හෝ ඔහුට පරාජ සිතුවිල්ලක් ඇති කරවයි. ඒ පරාජය නම් තනිකමය.. එය නැති කරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේදී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල් වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවයි. අනතුරුව නොසඟවා සිදුවූ විනාශය එනම් ඈ ඒ රාගයට පෙම් කරන බැව්ද එයට සහේතුක කාරනාව වන ඈ තනිව විසීම නිසා ජීවිතය කතරක් වීම පිලිබඳව ඉතාම කුඩා පද වලින් ගැඹුරින් ඉතා ප්‍රබල අර්ථකතනයක් දේ...


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය



ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා 
ඈ මුකුලිත වූවා



කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා



විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය



නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා



ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා 
ඈ මවෙතට ආවා



විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


ගායනය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගී පද - බන්දුල නානායක්කාරවසම්



(ගීතයේ  අයිතිකරුවන් ප්‍රවීණයන් වන අතර මා වැනි පුංචි එකෙක්ගේ අදහස් නිසා ගීතයට හානියක් වූයේ නම් එයට සමාව අයදිමි.මෙය හුදෙක් ආසාවට පමණක් ලියූවකි. අනිත් ප්‍රධානම කාරණය නම් තරුණ අධ්‍යක්ෂවරයකු වන තිසර ඉඹුලානයන්ගේ අධ්‍යක්ෂණයේ ඇති දක්ෂතාවයි. කිවයුතු සත්‍යය තිරයෙන් පිටුපස දර්ශන වලට නොගොස් ඉතාම සංයමයෙන්, ඕනෑම වයස් සීමාවක පුද්ගලයකුට නැරඹිය හැකි ලෙස ඉදිරිපත් කිරීමම ඉතාම අගනේය. නැති නම් අද බිහිවන් ලිංගිකත්වය පමණක් ඔසවා තබා මාකටින්  පමණක් අරමුණු වන නිර්මාණ අතර මෙවැනි විශිෂ්ට නිර්මාණයක් බිහිවීමද අනර්ඝය.)

මේ ගැන සොඳුරු සඳවතීගෙන් අදහස් විමසද්දි මඟ හැරුනු  මාතලන්ගේ බ්ලොගයේ විරාග රාගය ලිපියේ ලින්කුව ඇය මට එව්වාය. එය මෙතනින් කියන්නට හැකිය. සඳා අක්කාටත් ස්තූතියි...

Comments

  1. ඔය තියෙන්නේ අපූරුවට ලියලා...ඇත්තටම ඔබේ විචාරය අගෙයි.මම ඒ ගීතයේ වැඩියෙන්ම කැමති බොහොම සන්යමයෙන් කල රූප රචනයට. ඒ හැම අවස්ථාවකදීම ගීතයේ අරුත අපිට බොහොම සියුම්ව රූප වලින් පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. විෂුවල් එක මරු ඇත්තටම,මං විෂුවල් එකට නම් ආස අධ්‍යක්ෂකවරයා නිසා අනේ මන්දා මං ඒ අධ්‍යක්ෂවරයට කැමති...
      ඒත් මං වැඩියෙන්ම ආස පද වලටය, ඒ වගේම පිරිමි දෙදෙනෙක් වොයිස් කරන එකත් වෙනස් දෙයක්නේ.. ඒකටත් මං ආසයි..

      Delete
  2. For maximum depth, use decrease frequencies.

    ReplyDelete

Post a Comment

Popular Posts