විසංයෝජනයේදී.....,



හිම තුහින වැටෙන මේ
උදුවප් සිහිල මැදින්..
මගේ විසංයෝජනය සමරන්න එන්න...

මා ගැන විස්සෝප වෙන්න කාරී නෑ..
ඔව්, මේ මා තමා..
ඔබ නොදැනසිටිය මා..

ඇපොරියාවක් ඇති වෙවී,
ඔබ මා දෙසට ප්‍රතිප්‍රහර එල්ල නොකරන තාක්..
ඒත්, මං මගේ හීනය හඹා යනවා..
ඔබේ දෘෂ්ටියට එය හසු වීම උගහටය..

දළඹුවා පිලවා වෙලා,
පිලවා සමනලි වෙලා..
සමනල් ලෝකයට පියඹනවා..

සැක සංකාවක් තියා ගන්න කාරි නෑ..
ආයෙත් අපි හමු වේවි..
ඊළඟ අත්මයේදී,
කොස්ටෙවාරික්ස් ග්‍රහලෝකයේදී..


Comments

Post a Comment

Popular Posts