ඉරණම

උපන් සැනෙකින් ඉරණමම ඇතිය ලියැවී.
නොවන් කිසිවත් බාර කැපු ඉනි ගඟට වැටෙතී.
මුදුන් මුලෙකත් විපත කුණාටු සැඩ රකුස් මවති.
පවන් නොපහත් වීම මහ ගහක් උදුරාලන මඟකි.


කන්දකින් මියදි උල්පතක් කඩාගෙන දිය රැලක් උපදී.
පන්සලක් ළඟදි වුව රාග ගිනි සිලුත් නොසැඟ ඉපදී.
කඳුලකින් ඉපදී සිනහවක් නම් රැවටුමක් පමණී.
පින්සලක් අතැති සිත්තරෙක් විය නුඹ මැව් රටා වැරදී.

උදෑසන දිනිඳු උව කාෂ්ටක බවක් නොවිණි.
සැඳෑවට සිඳු උවත් හුඟක් රුදු මවතී.
රත් පැහැය ,මැව්වේ කිම, රුහිර සේ පෙඟවී.
ආදරෙන් මිස කෙලෙස රාගයෙන් හිතක් සැනහී.

අයිලයේ පහන් සිල  දැල්වුනේ අනලින් දිලිහි.
පන්හිඳේ සවිය හිමි පින් හිතට දැනුනේ සැනහි.
සංහිඳේ තරම් ලොව් වපසරිය දැන හැඳින ගැනුනි.
අම්බරේ පිපෙන ඒ තනි තරුව මමයි දිලුනි..

No comments:

Post a Comment

ඉරණම

උපන් සැනෙකින් ඉරණමම ඇතිය ලියැවී. නොවන් කිසිවත් බාර කැපු ඉනි ගඟට වැටෙතී. මුදුන් මුලෙකත් විපත කුණාටු සැඩ රකුස් මවති. පවන් නොපහත් වීම මහ ගහ...