"ප්‍රේමයම මඟ හැරුණු හුස්මකම..
තවත් පිනි බිඳු තරම්
තෙතම තෙත ප්‍රේමයන්....
ඉතිරිවී තිබේවිද...
ඒ තෙත ප්‍රේමයට ඔබට ගතු කියනු හැකිමද...."
සොඳුර...,
ඔබ දෙමල බව ඇත්ත...
ඒත් සිංහල කෙල්ලෙක්ට,
දෙමල කොල්ලෙක්ට,
"කාදල්" වෙන්න බැරිමද...
පොංගල් දවසට පාට පාටින් රටා මවන්න, ඉගෙන ගන්න බැරිවද...
පිච්ච මල් මාලයක් කෙහෙරැල්ලේ ගවසගෙන, නල්ලුර් යන්න තහනම්ද,
කෝණේෂ්වරම් ගිහින් කිරි හීන ගැන
ශිව වන්දනා අහිමිද...
මේ තරම් අරුම ප්‍රේමයකට තහනමක් නම් හිතලුවක් නොවේමද...
ඔබේ ඔය හිනාවට,
ආදරේ දැනෙන කතාවට
වසඟවී නිහඬව සිටීමම
මගේ ආදරේ හැටිමද....
ඉතින්,
ආදරණීය සොඳුර අපිට ආදරෙ තහනම්ද...
පිච්ච මල් පුරවාපු කෙහෙරැල්ල ලිහාගෙන,
දෙමල කයි කතන්දර කිය කියා හිස සිඹම...
"ආදරෙයි.. මැණික.." ආදරෙන් කියාගෙන..
හෙමි හෙමින් දෙමල මට කියා දෙනවද සොඳුර...
ඔබ ළඟින් ඉන්න විට ආදරේ දැනෙන විට...
ඉතින් මම ඔබ ගැනම දෙමලෙනුත් කවි නොලියාවිද...,
මේ හැම හිරි වැටීමකම ඔබ තමයි නිශ්චලම හේතුව...
හෙමි හෙමින් ඔබ මාව අකර්මණ්‍ය කල එකමද ඉතින් ඔබෙ ආදරය...