ඇත්තම කියනවා නම් මටත් නිවැරදි carrier guidance එකක් ලැබුණේ නැහැ.. ඉතින් මං කැමති මට පුලුවන් හැමෝටම carrier guidance කරන්න..
මේක ලියන්නේ මගේ දැනුමින් නිසා සමහර විට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. නමුත් බහුතර කරුණු නිවැරදි බව සහතිකයි..
මුලින්ම සාමන්‍ය පෙළ ශිෂ්‍යයෙක්ගෙන් මං පටන් ගන්නම්... සාමාන්‍ය පෙළ කියන්නේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යක්.. හුඟක් හොඳ ප්‍රතිඵලයක් එනවා කියන්නේ ඉතින් තමන්ට කැමති ඕනම විෂය ධාරවක් උසස්පෙළ යටතේ කරන්න පුලුවන් කියන එකනේ..
සාමාන්‍ය පෙළ සමත් නොවුණ අවස්ථාවක, තමන් කැමති අංශයෙන් යන්න රජයෙන් පවත්වන full time වගේම part time , පාඨමාලා හුඟක් තියෙනවා.. ඒ වගේ එකකට අවශ්‍ය කෙනෙක්ට ඒලෙවල් නැතිව වුණත් apply කරන්න පුලුවන්. NVQ level කියලා දෙන්නේ ඒ ඒ පාඨමාලා වල මට්ටම්.
රජය තරඟ විභාග වලින් ලබා දෙන විවිධ රැකියා
බැංකු
කළමනාකරණ සහකාර
මෙවැනි හුඟක් විශාල අවස්ථා තිබෙන නිසා එකින් එක බලන්න ඕනා වාසි අවාසී.. ඒත් ඇත්තටම ඒක සාපේක්ෂයි. එක්කෙනෙක් කියන දෙයක් තමන්ට අදාල නොවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා නිවැරදි කියලා තමන්ට හිතන මාර්ගයට විතරක් අවතීර්ණ වෙන එක තමා සුදුසුම දේ.
තව හොඳම අවස්ථාවක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිරි නමන පිටරට ශිෂ්‍යත්ව. ඒවා පිලිබඳ හුඟක්දෙනෙක් දන් නැහැ. සම්පුර්ණයෙන්ම නොමිලේ සහ අර්ධ වශයෙන් ලැබෙන ශිෂ්‍යත්ව තියෙනවා. ඒවා පිලිබඳ උසස් අධ්‍යාපන වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න පුලුවන්.උ