අමාගේ ලියමනට පිලිතුර ලිවුයෙමි..
කුමරියට ලියා තබමි....
අමාගේ ලියමනට පිලිතුර ලිවුයෙමි..
බන්ධන 06 (අවසාන කොටස.)
බන්ධන 05
ඩොලර් සියය 02
ඩොලර් සියය 01
කුමුදුනී
සීත කඳුකර දැනෙන දාහය
වැරෙන් අතගා පිස දමා
තේ දල්ල අතගා හිනැහුනා ඇය
සුවඳ බැව් හෙමිහිට පවසලා...
ජීවිතය නම් සුවඳවත් නැත
එබැව් අමතක කර දමා.
කඳුලු ඉහිරුන කන්ද පාමුල
කුමුදුනී සක්මන් කලා..
හවස ගැල්වෙන බෙහෙත් තෛලය
ඊයේ අහවර උන නිසා
අමතක කලා ඈ වේදනාවන්
හෙටත් තේ දලු ඇති නිසා..
කන්ද අභිමුව පැකිලෙනා පය
දහස් වරෙකත් සඟවලා
කඳුලු ඉහිරුනු වත්ත කෙලවර
නොබලන්න අදිටන් කලා..
දෙපාර්ශව
මම හදිනි සිරකල
යායුතුය මහත් දුර
චපල බොරුවම වසාගෙන
අගෙයි වේ නම් පහර දෙන
මහ දඬු මුගුර ගැහැණු සිත
නමුත් "දුක" එසේ නොවන එකය.
සිත දමා අනවරත වාලුකා කතරක
රිදෙන බව දැන දැනම මතුවට
කඳුලු මිරිකයි අනුවණව....
හාදු
මැවුන ප්‍රේමය
කීය නොකියා හීය නැගුනා මාගේ ප්‍රේමය බුර බුරා...
ලාව ගැලුවා පාට පිරුනා සීත හිතකම දළු ලලා....
නේන නොඑනා, පේන කියනා ප්‍රේම හදවත නුඹෙ තමා...
ලීය මල්කම් පීර ගාලා නුඹත් හිනැහුනි මත් වෙලා..
කීල පොපියා සීල බිඳෙතිය සීත ප්‍රේමය දොව දොවා....
දිනිඳු සහ තරිඳු
කැළඹිල්ලකට හසු වෙලා - තැනිතලා බිම් මැදින්
නැගුනේ මේ කඳු පන්ති - කල්පකාන්තරයකට කලින්.
කොහෙන් එබිකම් කලත් - නිතරඟෙයෙන් ජයගන්නේ දිනිඳු..
හෙමිහෙමින් ඇබිත්තියන්ව - ලැජ්ජවට හැංගෙන්නේ තරිඳු..
නිල් තැන්න වසාගෙන - පිනිබිංදු මවාගෙන
අරුණෝදේ හිරු කිරන - වඩින්නේ කඳුවැටි මතින..
කළුවරට බයේ දොර වහන් - හැංගෙනකොට දිනිඳු
ලැජ්ජාව විසිකරන් බැබලෙන්න - අඳුරේම වඩින්නේ තරිඳු...
හරි හොරෙන් කඳු මුදුන් - සිප ගන්නේ වලාකුලු
දුක බර දැනුන කාලෙට - වැටෙන්නේ මිහිකතට ඒ කඳු ..
උදෑසන කඳු අස්සේ හිර වෙවි - නැගෙන්නට බැරි වෙනකොට දිනිඳු
චප්ප කරන් අහස් ගව්වම - නැගෙන්නේ අහසට බය කරන් තරිඳු..
බන්ධන 04
තරු රටා ප්‍රේමය
දිදුලලා ගනඳුරු රැයේ
පීදිලා තනි අම්බරේ
තරුත් නැති,ඒ හඳත් නැති ඒ
ඔරායන් පිපුනේ බක්මහේ....
දඩයක්කරුවෙක් නම් නොවේ..
ප්‍රේමයේ මල් දොරටු හැරලා
මල් දුනුද අතිනත් දරා
මල් මී පැණිද පෙරී තිබ්බා...
පැමිණියේ මහ වේගයෙන්
තනියෙනි දිගේලි අශ්වයා
නිනව්වක් නැති කොඩිවිනේ වී
නැවතුනා සඳ ඒ එදා..
ඔරායන් වූ මල්සරා
ඉන්නවා දැන් පිල් හලා
මල් හීසර විදා එදවස
මැව්ව ප්‍රේමය මියගියා
මිය ගිහිපු දකුණු අහසට
දුනු සතරක්ය විදාලා
මැව්ව කුරුසිය දිදුලලා
රජකරන් දකුණේ ඉන්නවා
ඈව තබලා ඇණ ගසා
යන්න යනවා මල්සරා
පණ ඇද ඇදා උන්නු දුනුවා
තැලුවේ බඳ පටිය ගලවා...
නොදැන සේ චපලම වෙලා
අස්පයා පෙම්බර වෙලා
අහිංසක ඒ මල්සරා හට
මුග්ද වූයේ ඈ තමා..
මල්සරා දැන් දුනු දරා
ඔරායන් වී ගගන පාමුල
ඉන්නවා මල් පෙති හලා...
රළුම රළු දුනුවා වෙලා....
තනි දිගේලි අස්පයා..
කිසිඳුවක් නොදැනේ කියා..
ආයේ එන බක්මහේ එන්නේ
කියා බැහැලා ගියා..
නුවර කඳුලු
නොමියන මියයාම්....
සතුට සොයන මඟ
ටික කාලෙකට පෙර මං හරියට හැමදේටම දුක් වන කෙනෙක්. හරියට මට කරදර ආවා.. ඒ ඒ කරදර වලට දුක් වෙන එක මටම කරදරයක් වෙන්න පටන් ගත්තා. ටික කාලයකට පස්සේ...
