ඩොලර් සියය 02

<<<කලින් කොටසට
===============================
             
ඉන්න පොඩ්ඩක්...!!
හැමෝටම වගේ මට අමතක වුනා.. ඒ අශ්වයෙක් නොවන වග.. ඇත්තටම ඒ වෙලඹක්.. අශ්වයන්ව ඇති කරන්න නීතියෙන් ඉඩක් නැහැනේ.. ඒත් පුරුද්දට කියවෙන්නේ අශ්වයා කියලමයි. මගේ වෙලඹ ගිහින් තිබුනේ සිකුරාදා දවසක..

සිකුරාදා කියන්නේ මං ක්ලබ් යන දවස.. මට තිබ්බ හදිස්සිය කොච්චරද කියනවා නම් එහා ගෙදර නීග්‍රෝ කොල්ලා එක්ක ක්ල්බ් ගියේ ස්තාලේ වහන්නේවත් නැතුව. මං කොහොමත් වෙලඹ එක්ක ක්ලබ් ගියේ නැහැ කවදාවත්.. ඉතින් එයාට කියන්නවත් වුවමනාවක් තිබ්බේ නෑ..
මං නිග්‍රෝ කොල්ල එක්ක ගියේ මට එතකොට මානසික සතුටක් එනවා මං ලස්සනයි කියලා.. එතකොටනේ ක්ල්බ් එකේ නර පණුවෝ වගේ දඟලන කෙල්ලෝ මං දිහා බලන්නේ.. නිග්‍රෝ කොල්ලා දිහා නොබලා.. ඒත් උගේ තියන වේග රිද්ම ඩාන්ස් වලට කෙල්ලෝ පුදුම විදියට ඇදුනා.මට ඒක අදාල වුනේ නැහැ..
මං සිකුරාදා රෑ ගෙව්වේ වෙන කෙල්ලෙක් එක්ක.. ඒකී තායිද, චීනද, ජපන්ද කියන්න මං දැනන් හිටියේ නෑ.. මට මතක මං හොඳ වර්ගයේ විස්කි එකක රස බල බල හිටිය වග විතරයි. ඒ සුදු නාඹර කෙල්ල මාව ඩැහැගෙන තිබුනා. මං ඒක දැන ගත්තේ සෙනසුරාදා උදේ... ඒ වගේම මගේ වෙලඹත් ස්තාලේ කඩාගෙන ගිහින් කියලා දැන ගත්තෙත් සෙනසුරාදනේ..ඒ කෙල්ල මගේ පසුම්බිය හොඳට සුද්ද කරලා තිබුනා.. අවුරුදු ගානක් පරන පසුම්බියේ පරණ බස් ටිකට්වත් තිබ්බේ නැහැ. එක අතකින් ඒකත් හොඳයි.. මට වෙලාවක් තිබ්බෙත් නෑනේ පසුම්බිය පිරිසිදු කරගන්නවත්...
ඒත් මට දුක හිතුනේ මගේ ඩොලර් සියයේ කොලේ නෑ කියලා දැනුනම.. ඒක මට මතක් වෙන්න දුන්නේ මගේ නොම්බර දෙක.. ඒකී ගුවන් සේවිකාවක් වුනාට පස්සේ මං ඒකිව පෙන්නන්න බැරුව හිටියේ.. ඒත් ඒකී සමහර ටුවර් ගිහින් ආවම මාව බලන්න එන්නේ එක එක වර්ගයේ වොඩ්කා, විස්කි, ටිකිලා වර්ග අරගෙන.. මටත් එපා කියන්න හිතක් නැහැ.. එහෙම දවසක ඒකි ඩොලර් සීයක් පසුම්බියෙන් ඇදලා A අකුරක් ඇඳලා දුන්නේ මාව මතක් වෙන්න තියා ගන්න කියලා.. අතේ සතේ නැති වුනත් මං නෙවේ ඒක එදා වෙනකම් වියදම් කලේ... ඒත් අර තායිද, ජපන්ද කියලා නොදන්න කෙල්ල ඒ ඩොලර් සියය පසුම්බිය සුද්ධ කරනකොටම සුද්ධ කරලා තිබුනේ.. ඒ ඩොලර් කොලයයි, මගේ වෙලඹයි මාව දාලා ගියාට පස්සේ මට හැමවෙලේම මතක් වෙන්න ගත්තේ ගුවන් සේවිකාවව.. ඒ කියන්නේ මගේ ආලියව. ආලියා ගුවන් සේවිකාව උනාට පස්සේ මටත් දිගටම ආලියා වුනේ නැහැ. ඒකී නිකම්ම නිකම් ගුවන් සේවිකාව මිසක්.. ඒත් ඩොලර් සීය නැති වුනාට පස්සෙ ඒකී මට ඩොලර් සියයට වඩා වටිනාකමකින් පේන්න ගත්තා.. ඒ කියන්නේ ආලියා වෙන්න පටන් අරන් තිවුනේ...

අශ්වයා ගියාට පස්සේ ස්තාලේ වහලා වැඩක් නෑ කිව්වට මං ස්තාලේ වැහුවා.. මට දැන් උවමනා ප්‍රේමණීය හදවතක්.. ඒක තිබුනේ ඒ ගුවන් සේවිකාව ලඟ.. නැත්තම් මගේ ආලියා ගාව.. මගේ ප්‍රේමණීය හදවත.
මං ආලියාව හොයන්න ගත්තේ පිස්සෙක් වගේ.. මැසේජ්, ඊ මේල්ස් දැම්මත් කිසිම රිප්ලයි එකක් තිබ්බේ නැහැ සති ගානක් යනකම්.. ආලියා ටුවර් එකකට ගිහින් තිබ්බා.. එතකොට තව මාසයක් හෝ මාස එකහමාරක් මට බලන් ඉන්න වෙනවා..
මං ආලියව හොයන් ගියත් අවසානේ මටත් නොකියා ආලියා මාව හොයාගෙන ආවා. මං  කිව්වේ මගේ අතින් ඩොලර් සියය නැති වුන විත්තිය..ඒත් ඒ සිදුවීම කියන්න වුවමනා වුනේ නෑ.. ඒක නැති වුන නිසා මට තව ඩොලර් සියයක් ඕනා කියලා කියද්දි ඒකී මුලින් හිනා වෙලා ආයේ හිනාව නවත්තලා මං දිහා බලන් හිටියා.. 
"ඩොලර් සීයයක් නෙවේ සමහරවිට ඩොලර් එකදහස් පන්සීයයක්ම මං ගාව නැති වෙන එකක් නැහැ." ආලියා කිව්වේ බිම බලන්. ඒ අහිංසක කතාවට ආයේ කොහොම පුරුදු වුනාද  කියලා අහන්න මට බැරි උනා... ඒත් ඒ පරන ආලියා මගේ ලඟ ඉන්නවා කියලා දැනෙන්න පටන් අරනුයි තිබුනේ...

අපි එයාගේ ඩොලර් එක්දහස් පන්සිය කොටස් දෙකකට බෙදලා හොඳ වර්ගයේ වොඩ්කා එකකකුයි, රෑ කෑම එකකුයි ඕඩර් කලා සිනමන් ලේක් සයිඩ් ගිහින්...
අනිත් කොටසින් අපි අපිටම කියලා ෆැලැට් එකක් ගන්න තීරනය කලා...

==========================
නිමි.


Comments

  1. හ්ම්ම්ම්
    ලිවිම විචිත්‍රයි.... මම කැමතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා.. හැමදාමත් මගේ පිස්සු කතා රසවිඳිනවට...

      Delete

Post a Comment

Popular Posts