රටබීම හා තවත් කතා



කාලෙකින් කිසිම දෙයක් නොලිව්ව නිසා මං අලුත් කතා ටිකක් පල කරන්න හිතුවා.. මේක කලින් ලියපු එකක්.. වැඩිය එඩිට් පාරවල් දැම්මෙත් නැහැ.. එහෙනම් කියවන්නකෝ යාලුවනේ....

රටබීම හා තවත් කතා යනු තවත් එක් ප්‍රබන්දයක් නෙවෙයි ඇත්තටම.. මගේ පුංචි කාලේ ගැන ලියන කතාවක්. මෝඩ වැඩ, සීරියස් වැඩ, හොඳ වැඩ, නරක වැඩ, අබිරහස් වැඩ ගැන ලියන කතා එකතුවක්.

රට බීම කතාව

මං චූටිම කාලේ ඒ කියන්නේ ප්‍රයිමරි ක්ලාස් වලදි ඉස්කෝලේ ගියේ පානදුරේ ඉස්කෝලෙකට. ( පස්සේ ලොකු වෙලත් ගියේ පානදුරේම තමා ඉතින්.) ඒත් අපි ඒ කාලේ ජීවත් වුනේ කළුතරට ආසන්නව. ඒ වුනත් අපේ අලුතින් හදන ගේ තිබුනේ පානදුරේට ආසන්නව. ඉතින් හැමදාම උදේට අලුතින් ගේ හදන හරිය පහු කරන් ඉස්කෝලේ යනවා. හවසට ඒ හරිය පහු කරන් ආයේ ගෙදර එනවා. ඔහොම කාලයක් යනකොට අලුතින් ගේ හදන හරියේ බෝඩ් කියවන්න ගත්තා මං. එතකොට තමයි මට රට බීම හලක් ඒ හරියේ තියෙනවා දැක්කේ. ඉතින් මගේ පුංචි නුවණක්කාර මොලයට නුවණක්කාර සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි අලුත් ගෙට ගියාම රටින් ගෙනාපු රසම රස බීම බොන්න පුලුවන් නේද කියන සිතුවිල්ල.. ඇයි දෙයියනේ රට බීම තියෙන්නේ අලුතින් හදන ගෙදරට යන හෝල්ට් එකේනේ.. ඔය හීනේ එක්ක මං ඉස්කෝලේ ගියා. ඒ අස්සේ කොච්චර ඉවසුමක් නැද්ද කියනවා නම් රසම රස රට බීම තියන කඩෙත් වහයි කියලා බයක් තිබ්බේ, ඇයි දෙය්යනේ හදිස්සියේ බංකොලොත් වුනොත්.. ඒත් වහන පාටක් නෑ. හැමදාම ඒ කඩේ බෝඩ් එක දිලිසි දිලිසි මා එක්ක හිනා උනා.රට බීමත් ගණන් වැඩි උනා ඇති.
ඒත් ඉතින් මං ලොකු උනානේ. ඔන්න ඉතින් දවසක් දැන ගත්තා රට බීම කියන්නේ රටින් ගෙනාපු රස බීම නෙවෙයි මත්පැන් කියලා. දැන් නම් ඒ රට බීම හල කියන බෝඩ් එක දිලිසි දිලිසි මා එක්ක හිනා වෙන් නෑ. මට ඔරෝනවා.මාත් ඔරෝනවා. මොකද මං අමද්‍යප ව්‍යාපාරයේනේ...

ළමා නිවාස
ඔන්න මං හතර වසරෙදි පාසලේදී අපිව නිවාස වලට බෙදුවා අපිව. එක එක අය එක එක නිවාස වල. මගේ යාලුවෝ නෑ මගේ නිවසේ. දැන් මට තනියෙන් තමා ඉන්න වෙන්නෙ නිවාසේ. ගෙදර යන්න දෙයිද දන්නෙත් නෑ නිවාසෙට දැම්මට පස්සේ. නිවාසයක් කියන්නේ ගෙදරට කියන සමාන වචනේ. අනික නිවාසෙ කියන වචනේ මගේ පුංචි මොළයට ඇවිත් තිබුනේ "ළමා නිවාස" එක්ක එකට බැඳිලා. ඒ කියන්නේ අපිව දාන්නේ ළමා නිවාස වලටද... අම්ම නැතුව ඉන්න ඉගෙන ගන්නත් එපෑයෑ.. මං බයේ හිටියේ එදාම අපිව ඒ නිවාසෙට දාවි කියලා.  හොරෙන්වත් ගෙදර යන්න ඕනා. නැත්තම් මට ආයේ කවදා ගෙදර යන්න පුලුවන් වෙවිද දන් නෑ.. කොහොමහරි දෙයියනේ කියලා වෑන් එකේ නැගලා මං එදා ගෙදර ගියා. ගිහින් කිව්වා අපිව මෙහෙම නිවාස වලට දාලා කියලා. එතකොට මගේ ආච්චි අම්ම කිව්වේ ඒක ස්පෝට්ස් මීට් වලට ළමයි බෙදන විදිය කියලා.. පව් අප්ෆා මං.. හුඟක් බයේ හිටියේ. අන්තිමට මං ළමා නිවාසෙට ගියෙත් නෑ තනියෙම ඉන්න උනෙත් නෑ.

වෙසක් කාඩ්
අපේ ආච්චී තමයි මේ ලෝකේ සැරම ආච්චි. අපිට දාලා තිබ්බ නීති එක්ක අපි හැදුනේ හරි බයෙන්. එක නීතියක් තමා කිසිම කෙනෙක් දෙන දෙයක් බාර ගන්න එපා. ඉතින් මං කවුරුත් දෙන කිසිම දෙයක් බාර ගන්නෙ නැහැ. 

මට මුලින්ම වෙසක් කාඩ් එකක් හම්බුනේ මගේ යාලුවෙක්ගෙන්. ඉතින් ඒකත් අනුන් දීපු දෙයක් නිසා මට බාර ගන්න අමාරුයි. බාර ගත්තොත් ගෙදර යන්න බැහැ. ආච්චි මට බනී. ඉතින් දැන් ආච්චිගේ නීතිය අනුව වෙසක් කාඩ් එකගන්නත් බෑ.යාලුවගේ හිත රිද්දන්න ඒක නොගෙනත් බෑ.. මං කිව්වා, යාලුවට ස්තූති කරලා, ඒ වගේ දෙයක් මට දුන්නට, මට ඒක බාර ගන්න බැරි විත්තිය..  ඉතින් එයා ඇහුවා ඇයි කියලා,මං කිව්වා අච්චිගේ නීතිය. එයා කිව්වා ආච්චි වෙසක් කාඩ් එක බාර ගත්තට බනින්නේ නැතිවෙයි කියලත්. ඒත් අහිංසක මං ගත්තේ නැහැ. ආච්චිට බයේ... ඉතින් මං ගෙදර ගිහින් ආච්චිට මේ සිද්ධිය කිව්වා. මට යාලුවෙක් වෙසක් කාඩ් එකක් දුන්නා. ඒක ගත්තේ නෑ කියලා. ඔන්න ආච්චි ඒකට මට බනින්න ගත්තා ඒක නොගත්ත එකට. මං ඊළඟ දවසේ ගිහින් ඒ ළමයගෙන් ඒ වෙසක් කාඩ් එක ඉල්ල ගත්තා. තවම මතකයි එයාව. ඒ කාලේ මගේ හොඳම යාලුවෙක් එයා. මං ඔය කතාව එයාට ළඟදි කිව්වා. ඒක වුනේ මං එක වසරෙදි. එයාට නම් ඒක මතක නැහැ කිව්වා..

අබිරහස් පා  සටහන්.
මේ වුනේ මං තුනේ පන්තියෙදී. අපි ඉන්ටර්වල් එකට යනවා පිට්ටනිය අයිනේ තියන පුංචි කොට්ටම්බා ගහ යටට. සෙල්ලම් ගෙවල් දාන්න. හැබැයි ඒක ඉන්ටර්වල් එකේ දුවල ගිහින් අල්ල ගන්න ඕනා. නැත්තම් ඒකේ අයිතිය වෙන සෙට් එකක් ගන්නවා. හුඟක් වෙලාවට අපිට ඒක අපිට අයිති වෙන් නෑ. අපේ යාලුවෝ සෙල්ලම් ගෙවල් දාන්න බැරි වෙන නිසා අලුත් සෙල්ලමක් හොයාගත්තා. මේ සෙල්ලම හොයාගන්න කාලේ හැමදාම වැස්සා. ඉතින් අපි අබිරහස් කණ්ඩායමක් ඒ කණ්ඩායමේ එක්කෙනෙක් හොරෙක් කරලා කලින් යවනවා, පිට්ටනියට. අපි එයාව හොයා ගන්න ඕනා. එයාගේ අඩිපාර දිගේ ගිහින්. ඒ වගේම එයාගේ අඩි සලකුණු හොයන්නත් ඕනා. එයාගේ එහෙම නැත්තම් හොරාගේ කියලා අඩි සලකුණු වගයක් හොයාගෙන ඒව දිගේ අපි ඔන්න යනවා.. ගිහින් එයාව හොයනවා.. සමහර වෙලාවට ඉන්ටර්වල් ඉවර වෙනකනුත් අපි හොරාව හොයනවා. අඩි සලකුණු දිගේම යන්න ඕනා නිසා..


නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...