සුසුම වුව බිඳී විසිරී
හඬ මවන
කටුක නිහඬ යම,,
නුඹටය.....
දිගු රැයක පවා
නොසැලෙන ප්රේමයටය..
තරු වර්ෂ ගණන්
නොහිඳෙන කාලයට.
මේ වැසි අකලට නොවේ..
සමයටය..
මේ ආතුර හද,
මියැදී වුවත්...
පතන්නේ
නුඹටය..
පිදී පරව යන්නට
වුව පතන්නේ
නුඹේ පා පද්මයය
ටික කාලෙකට පෙර මං හරියට හැමදේටම දුක් වන කෙනෙක්. හරියට මට කරදර ආවා.. ඒ ඒ කරදර වලට දුක් වෙන එක මටම කරදරයක් වෙන්න පටන් ගත්තා. ටික කාලයකට පස්සේ...