පුලුවන්ද.....


ඔයා මුදු හිනාව රඳව ගන්න...
එතකොට,
මට පුළුවනි හිත හදා ගන්න...

මේ දේවල් අවසාන ඉල්ලීම් යැයි සිහි තබා ගන්න....
පැය විසි හතරක්වත් මං මැරුණම තියා නොගන්න..
මං බයයි තාම මිදෙන තරම් සීතලට..
තුරුල් වුණ හැටි මතකද සීතල දැනුනම නුඹේ පපුවට...
ඒ නිසා ඉක්මනින් වල දාන්න..,
පුලුවන් නම් මල් ගහක් යට හොයාගන්න.. රොබෝසීයා, මැයි මල් ලස්සන බව මතක තියාගන්න...

එකම එක මගේ කවියක්,
ඔබව හිනැහූව...
ගලක් මත ලියන්න..
එය රඳවන්න මගේ සොහොන ළඟ...

මතක් වෙන දවසට ඇවිත් එක මලක් මං වෙනුවෙන් තියන්න..
මල පරවෙන හැටි බලන් ඉන්න..
ජීවිතය ඒ වගේ යැයි හිතන්න.

සොඳුර..
ඔබ නැතිව මං කොහොම තව හුස්ම ගන්නද....

එයා එක්ක එකම දවසක් හරි එන්න..
"මං ආදරේ කරපු කෙල්ල.." යැයි කියන්න..
පුළුවන්ද...,
එහෙම කරන්න...
මට ආදරේ කලා නේද..!!!

දුරින් පැවතීමද ආදරේ උහුලන්න බැරි විදිය...???



ආදරේ කරන වෙනස..
දර්ශීය නොවන පෙම්වත,
මේ දර්ශීය නොවන විපර්යාසයන්ට
ආදරෙයි මමද....

විටෙක හිත දුකින් තබන,
විටෙක හිත පමෝදය උහුලනු නොහීව,
ආදරෙන් මිරිකන,
බොහෝ විට ඈතින්ම ඇඳී,
යලි මැකෙන
නුඹේ ප්‍රේමය,
සේයාරුවක්ද මිරිඟුවක..

මැකෙමින්, පිබිදෙමින්, නොමියෙන
දුරින් පවතින සඳක් සේ හැඟෙයි..
මේ විදිය උහුලනු නොහැක...

දුරින් පැවතීමද,
ආදරේ උහුලන්න බැරි විදිය...?

සිතන්නට යමක්...03

සිතන්නට යමක් ලිපි පෙල යනු අන්තර්ජාලයෙන් උපුටාගත් සමහර කතාවල පරිවර්තන වේ.. ඒ ඒ කර්තෘන්ට අයිතිය සතුවන අතර, මා කරන්නේ හුදෙක් මට තේරෙන ලෙස පරිවර්තනය කිරීම පමණි...


කෝපය පාලනය.



ඉතා නරක කෝපයක් ඇති කුඩා පිරිමි ළමයෙක් සිටියේය. ඔහුගේ පියා ඔහුට ඇණ මල්ලක් භාර දී කෝපය ඇති වූ  සෑම විටම එම ඇණ වැටට ගසන්නට පැවසීය.

පළමු දිනයේ පිරිමි ළමයා ඇණ 37 ක් එම වැටට ගැසුවේය.

එසේ කෝප වන විට ඇණ ගැසීම දිගටම කරගෙන ගිය ඔහුගේ තරහා සති කිහිපයක් යන විට ක්‍රමයෙන් පාලනය වීම ඇරඹී තිබිණි. ඒසේම වැටට ගසන ඇණ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වී තිබිණි.

ඔහු තමන්ගේ තරහ පාලනය කිරීමට මිටියෙන් ඇණ වලට පහ‍ර දෙනවාට වඩා පහසුවෙන් හඳුනා ගැනීමට සමත් විය.

අවසානයේදී, පිරිමි ළමයාට සිය කෝපය පාලනය වූ දිනයක් පැමිණි අතර ඒ බව සිය පියාට දැන් වූ විට, පියා අණ කලේ, කෝපය පාලනය වී තිබෙන්නය එම ඇණ එකින් එක ගලවා දමන ලෙසය.

කාලය ගෙවී ගිය අතර ඇණ සියල්ලම ගලවා වැටෙහි ඇණ නැති බව පිරිමි ළමයාට අවසානයේ තම පියාට පැවසීමට හැකි විය.

පියා විසින් පිරිමි ළමයාගේ අත අල්ලා ඔහුව වැට වටා ගෙන ගියේය.

"පුතේ ඔයා හොඳට කළා, නමුත් වැටේ වලවල් දිහා බලන්න. වැට කවදාවත් පෙර ලෙසම පවතින් නැහැ.. ඔබ කෝපයෙන් දේවල් පවසන විට, ඒවා මේ හා සමාන කැළලක් ඇති කරනවා. ඔබට මිනිසෙකුට පිහියක් දමා එය නැවත එලියට ඇද ගැනීමට හැකිය. මට කණගාටුයි, යැයි පැවසුවත් එම තුවාලය එහෙමම පවතිනවා."

සිතුවිල්ල: 
ඔබේ කෝපය පාලනය කර ගන්න, කෝප වූ විට කිසිවක් කිසිවෙකුට නොපවසන්න. පසුව පසුතැවිලි වූවාට පලක් නැත. ජීවිතයේ සමහර දේවල්, ඔබට ආපසු ගැනීමට නොහැකිය.

සිතන්නට යමක්...02





ජනප්‍රිය කථිකයෙක් ඩොලර් 20 ක බිල්පතක් මගින් සම්මන්ත්‍රණයක් පැවැත්වීම ආරම්භ කළේය. ඔහු කතා කිරීම ඇසීමට 200 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැස්ව සිටියහ. 

ඔහු ඇහුවා, 

"කවුද මේ ඩොලර් 20 බිලට කැමති?"

අත් 200 ක් ඉහළට ගියේය. 

"මම මුලින්ම මේ ඩොලර් 20 ඔබෙන් කෙනෙකුට දෙන්නම්, ඊට පෙර මං මෙහෙම කරානම්..."

ඔහු බිල්පත ඉරා දැමුවේය. 

ඉන්පසු ඔහු නැවත, 

"තවමත් එය අවශ්‍ය කාටද?" 

අත් 200 ම තවමත් ඔසවා ඇත. 

"හොඳයි,"

"මම මෙය කරන්නේ නම් කුමක් කරනවද?"

ඉන්පසු ඔහු බිල්පත බිම හෙළා,සිය සපත්තුවෙන් පාගා දැමුවේය.. 

ඔහු එය රැගෙන නැවත වතාවක් සමූහයාට පෙන්නුවේය.. බිල්පත සියල්ලම ගරා වැටී අපිරිසිදු වී ඇත.

 "දැන් කාටද එය අවශ්‍ය?"

සියලු දෑත් තවමත් ඉහළට ගියේය. 

" මිත්රවරුනි, මම ඔබට ඉතා වැදගත් පාඩමක් පෙන්වා ඇත්තෙමි. මම මුදලට කුමක් කළත් ඔබට එය තවමත් අවශ්‍ය විය. එය තවමත් ඩොලර් 20 ක් විය....... අපේ ජීවිතයේ බොහෝ වාර ගණනක් ජීවිතය අපව පොඩි කර අපිරිසිදු කරයි. අපි නරක තීරණ ගන්නවා හෝ දුර්වල තත්වයන් සමඟ කටයුතු කරනවා විය හැක. අපට කිසි වැදගැම්මකට නැති බවක් දැනේ. කුමක් සිදු වුවද, ඔබට කිසි විටෙකත් ඔබේ වටිනාකම අහිමි නොවේ. ඔබ විශේෂයි - එය කිසිදා අමතක නොකරන්න!"

සිතන්නට යමක්...01

සිතුවිලි සිත්තමට නැගෙන කවි පොතේ ඉංග්‍රීසී කතා වල පරිවර්තන කිහිපයක් දුටුවෙන් මම ටිකක් කාලෙකට කලින් පරිවර්තනය කල කතා කිහිපයක්ම තිබුණා කියලා මතක් වුණා.. ඒකෙන් දෙකක් තමයි මේ.....

පාන් රාත්තල.



බේකරියකට සෑම දිනකම බටර් රාත්තලක ප්‍රමාණයක් විකුණූ ගොවියෙක් සිටියේය. දිනක් බේකරියේ අයිතිකරු බටර් කිරා මැන බැලීමට අවශ්‍ය වූ අතර, එහි සැබෑ ලෙසටම රාත්තලක ප්‍රමාණයක් නොතිබිණි. මේ ගැන කෝපයට පත් බේකරි හිමිකරු ගොවියාට විරුද්ධව උසාවි ගියේය.

විනිසුරුවරයා ගොවියාගෙන් ඇසුවේ බටර් බර කිරා බැලීමට කිසියම් මිනුමක් භාවිතා කරන්නේද යන්නයි. ගොවියා පිළිතුරු දෙමින් කියා සිටියේ, 

“ගෞරවනීය විනිසුරුතුමනි, මම තවම නොදියුණුය.. මට නිසි මිනුම් උපකරණයක් නැත, නමුත් මට පරිමාණයක් තිබේ. ” යන්නයි.

“එහෙනම් ඔබ බටර් කිරා මැන බලන්නේ කෙසේද?" විනිසුරු ඇසුවේය.

"බේකරිය මගෙන් බටර් මිලදී ගැනීමට බොහෝ කලකට පෙර මම ඔහුගෙන් පාන් රාත්තලක් මිල දී ගත්තා. එම රාත්තලක පරිමාණයට බටර් ගෙන එන සෑම විටම මම බටර් දමා කිරා මැන රැගෙන එමි. යමෙකුට රාත්තල නිවැරදිව නොවේ යන්න දොස් පැවරිය යුතු නම්, එය බේකරියේ වරදයි. ”

සිතුවිල්ල :
ජීවිතයේ දී, ඔබ ලබා දෙන දේ ඔබට ලැබේ. අන් අයව රවටන්න උත්සාහ නොකරන්න.


***********************************

විහිළුව



එකම ප්‍රශ්නයක් පිලිබඳ පැමිණිලි කිරීම සඳහා මිනිස්සු කණ්ඩායමක් පණ්ඩිතයකු හමුවීමට දිනපතා ගියෝය.

දිනක් පණ්ඩිතයා ඔවුන්ට විහිළුවක් පැවසීමට තීරණය කළ අතර ඔවුන් සියල්ලෝම මහ හඬින් සිනාසෙන්නට වූහ.

මිනිත්තු කිහිපයකට පසු, නැවතත්  ඔවුන්ට එම විහිළුවම පැවසූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පමණක් සිනාසෙන්නට වූ අතර නැවතත් ඔහු එම විහිළුවම තුන්වන වරටත් පැවසූ නමුත් කිසිවෙකු සිනාසුණේ නැත.

පණ්ඩිතයා සිනාසෙමින් මෙසේ විමසීය: ''ඔබට එකම විහිළුවට නැවත නැවතත් සිනාසෙන්නට නොහැකිය. ඉතින් ඔබ නිතරම එකම ගැටලුව පිලිබඳ සිතමින් නැවත නැවත හඬන්නේ..?"

සිතුවිල්ල:
එකම දෙය පැමිණිලි කිරීමෙන් කාලය නාස්ති කිරීම නවත්වන්න.

හිස්තැන්

සුසුම් හෙලා කුමට,
සපත කෙරුවාට ආදරය..
මෙය නුඹේ ක්‍රමයැයි අදහමින්
මියෙන තුරු  හිඳින්නම්
බලාපොරොත්තුවේ දෑස් දල්වගෙන..

නොහිඳියා නම් මේ තරම් දිගු දුරක්.
පෙම් නොකල බවම පමණක්ම
අදහන්න තිබුණා නොවෙද..
මේ තරම් පොඩි ගමනක අවුරුදු ගණනක නවාතැනක්ව
නුඹ මා හුන් දින ගණන්..
වකවානු නොසිඳේවී මතකයෙන්..

තුති පුද කරන්නම්..
මේ තරම් සවියක් වූවාට
මෙතරම් කාලයක් ළඟින් හිඳ,
දුර ගියත් කෙටි තත්පර වලින්...
ඒ හිස්තැන් මතක කාටද..

ඔබ නිවැරදිමය


සොඳුර...
ඔබ කවදටත් වඩා නිවැරදිය..
ඔව්...
මම අසහනෙනි...

ඔබට පෙම් කර
අසහනෙනි.
ඔබ ගැනම
හිත හිතමින් අසහනෙනි.
මේ තරම්
කවි ලියන්නෙද අසහනෙනි...

ඉතින්..... වස්තු,
ඔබ නිවැරදිමය..
මම අසහනෙනි...

සෘතු


වසන්තය එතරම් දිගුව
මා කුල්මත් කල තරමට
ශ්‍රීෂ්මය කෙටි වෙතැ‍යි
හිත විප්ලවයක..

අපේ ආදරයත් හරියටම
සෘතු වගෙයි...
වසන්තය, ග්‍රීෂ්මය,
සරතය, සිසිලය..
මේ අවදි කුම වුවත්
ආදරේ නොපැරදෙන
එක තමයි පුදුමය...

ග්‍රීෂ්ම, නුඹ මා ඈත් කල
හදවත් ආදරෙන් පුරවන ලදුව,
සරතයේදී ඉතා කෙටි තත්පර වලින්,
නුඹ මා ළං කරවයි.
වසන්තයේදි නුඹ මා
තදින් සිප වැලඳගෙන
ආයේ නො‍යමි දුරකට
සපත කරවයි..
ආයේ සිසිරයේ
ආදරය ග්ලැසියර්ව මිදෙමින්
අපි අපෙන් වෙන් කරවයි...

අපේ ප්‍රේමය කෙසේ දැයි
විමසුවොත් කවරෙකු හෝ
සෘතු හතර පවසමි ..
නුඹ වඩාත් ලංව විසුයේ
වසන්තයේදි බවත්
මේ ගත වෙන්නේ ගිම්හානය බවත්
නොසඟවමි....

රිදුම්..


නුඹේ ඔය නිහඬ බව
පරදවයි හුස්ම වුව..
බර වෙච්ච හුදෙකලා කඳුලු කැට
රිදව රිදවා සුරවයි ප්‍රේමය...

කන්දකින් වුව ඇද හැලෙන්නේ ප්‍රේමය,
දිය ඇල්ලක්ව...
එය වැටී රිදව ගන්නට හදවතේ මධ්‍ය අංශුවත් ඇත...
නුඹ අහසක්ව නැඟ දේදුන්නක්ව බැස යනු ඇත...
මියෙන රිදවීම් රිද්ද රිද්දාම...

සැනසුමක් වුව හදවතේ මැද
මියෙන එකයි පහස...
රිදවගෙන චුම්බනයක රත් වෙන එක
මැරි මැරී හුස්ම යැදීමක්මය..
මේ සියලු රත්ව ගිය ප්‍රේම අන්දරයම
දියව අලුව සැඟව යන රත් ගිනි පුලඟුවක් සේමය..

Before next summer



Before the next summer
Should be written our romantic story  in the epigraph..

Instant shocks,
cruel storms
should be omitted,
to avouch the ancestral history
It should be socialized as a scripture
This is a wonderful spring.

Your craziness and our frantic french kisses, as well as,
Our intimate cuddles With dates and times to be documented.

Before next spring,
So that fantastic history you will be able to read again and again ...

****************************************


This is my first translated poem of this poem.

ග්‍රීෂ්මයට පෙර



මීළඟ ග්‍රීෂ්මය එලැඹෙන්නට මත්තෙන්
ලේඛන ගත කල යුතුය ප්‍රේමය....

හදිසි කම්පන වුව,
චණ්ඩ මාරුත වුව අතැර.
දිර්ඝ පෞඩ ඉතිහාසයකට වග වීමට,
ශීලා ලිපියක් ලෙසින් සමාජ ගත කල යුතුය..
මේ අරුම අරුමෝසම් වසන්තය..

නුඹේ ඉපිලීම්, මෙන්ම,
අපේ ප්‍රංශ හාදු වැසි...
දින වකවානු සහිතව,
මල් පිපෙන චුම්භන සමඟින්
ලියැවිය යුතුය..

මීළඟ වසන්තයේදී නැවත ඒ ලිපි දිගැර කියවීමට නුඹටම...

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...