රිදුම්..


නුඹේ ඔය නිහඬ බව
පරදවයි හුස්ම වුව..
බර වෙච්ච හුදෙකලා කඳුලු කැට
රිදව රිදවා සුරවයි ප්‍රේමය...

කන්දකින් වුව ඇද හැලෙන්නේ ප්‍රේමය,
දිය ඇල්ලක්ව...
එය වැටී රිදව ගන්නට හදවතේ මධ්‍ය අංශුවත් ඇත...
නුඹ අහසක්ව නැඟ දේදුන්නක්ව බැස යනු ඇත...
මියෙන රිදවීම් රිද්ද රිද්දාම...

සැනසුමක් වුව හදවතේ මැද
මියෙන එකයි පහස...
රිදවගෙන චුම්බනයක රත් වෙන එක
මැරි මැරී හුස්ම යැදීමක්මය..
මේ සියලු රත්ව ගිය ප්‍රේම අන්දරයම
දියව අලුව සැඟව යන රත් ගිනි පුලඟුවක් සේමය..

4 comments:

  1. මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා හදවතේ දුකතියා ඔබ ගියා ඔබ ගියා.

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...