මනමේ කුමරි 03- අවසාන කොටස.

 

ගේට්ටුවෙන් එලියට එද්දීම මට ත්‍රීවීලර් එකක් හම්බුනා. මං ඒකේ නැගලා එක්ස්ප්‍රස් හෝල්ට් එකට ගියා...


මං හෝල්ට් එකට ඇවිත් විනාඩියක් ගත වුණේ නැහැ.. ඔහු ආවේ මෝටර් බයික් එකක යාලුවෙක් එක්ක.. ලොකු බෑග් එකක් ඔහු අතේ තිබුණා. මං නොදැක්ක ගානට හිටියේ මට ඔහුට ප්‍රතිචාර දක්වන්න නොතේරුණ නිසා..


එයා මාව ෆ්ලෝ කරලද. 


මට තේරුණේ මාව ක්ලාන්ත වෙනවා වගේ... මං හෝල්ට් එකේ බංකුව උඩින් වාඩි වුණේ කරකියාගන්න බැරුව..


"ඇයි නංගි....?" ඒ එයා... කලබලෙන් වගේ එයා ඇහුවේ මගේ වෙනස දැකලා වෙන්න ඇති..


"දැන් හොඳද...?" මගේ ඇස් ඉදිරිපිට හිටියේ එයා.. මට නිරුවත් වුණා වගේ හැඟීමක් ආවේ.. 


මං හිටියේ බඩගින්නේ කියලා දැනන් හිටියට ෆේන්ට් වෙයි කියලා මං හිතුවේ නැහැ.. මං හෝල්ට් බංකුවේ යන්තම් වාඩි වුණාට පස්සේ කිසිම දෙයක් මට මතක නැහැ. මං හිටියේ වේදනාව අමතකව ගිය සිහිසුන් පිලිමයක්ව...


"මට ගෙදරට ගිහින් දාන්නවෙයිද.?"


මං දිහා බලන් මනමේ කුමරා හිනා වුණා...


ඒවෙලාවෙම ආපු කොළඹ ඒසී එකක් නතර කරගත්ත එයා මාව ඇදගෙන නැග්ගේ කිසිම ස්ට්‍රේන්ජර් ස්වභාවයක් නැතුව... මාත් ඔහුට අවනත වෙලා හිටියා වගෙයි.


ළඟම හිස් අසුන් දෙකක් තිබ්බේ වාසනාවටද නැත්තම් අවාසනාවකට ද කියන්න මං දැනන් හිටියේ නැහැ..


තිහාරිය... ඔහුම ටිකට් දෙකක් තිහාරියට කැඩුවේ ඇයි කියන්න මං දැනන් හිටියේ නැහැ...ඔහු අපේ ගෙදර එනවද... ඔහු දන්නවද ඒ කියන්නේ අපි දැන් ගාල්ලේ නෙවෙයි ඉන්නේ කියලත්.  ඒ වගේම තිහාරියේ කියලත්.


සීතාව රාමා බලන්න එනවා වගේද ඔහු එන්නේ....


රෝස්ට ජැක් ආදරේ ප්‍රකාශ කලා වගේ හැඟීමක් මට ආවේ...


මං අම්මට කෝල් කලා... මං පේරාදෙණියෙන් නැග්ග බව කියන්න..


"මේ කිරි පැකට් එක බොන්න.." අයිතියක් තියනවා වගේ මනමේ කුමරා මට කිරිපැකට් එක දික් කලේ... මාත් සුවච කීකරුව ඔහුට කිරි පැකට් එක කිසිම ප්‍රතික්ෂේප කිරීමකින් තොරව බිව්වා.


" ඇයි ෆේන්ට් උනේ කාලා හිටියේ නැද්ද...?"


"හ්ම්..."


"නංගි ඇයි බය වෙලා දිව්වේ... "


එයාට ඕන වෙලා තිබ්බේ මා එක්ක කතා කරන්න.. මට මොනව වෙලාද කියන්න මං දැනන් හිටියේ නැහැ... 


"නංගි.. මං ගැන හිතන්නේ මොනවද...."


ඔහු අසන්නේ කුමක්දැයි මට තේරෙන්නේ නැත.. මා ඔහු ගැන කිසි දෙයක් දන්නේ නැත. මා දන්නේ මගේ හිත ඔහුට ආදරය කරන බව පමණි.. 


"මොකද්ද.. ලාරා අයියේ.. ඔයා ගැන මං මොනව හිතන්නද..."


"ඒක තමයි..." එහෙම කියලා හුඟක් ගැඹුරට සුසුමක් හෙලුවා.. ඒ සද්දෙට නාව ඇදිලා ගියා වගෙයි..


ඒ ඇස් මගේ ඇස් වලට එබිලා ඇහුව විදියේන් මාව පිච්චිලා ගියා.. මට ඒ ඇස් දිහා බලන් ඉන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.. මගේ තිබුණ හැම ශක්තියක්ම අවසන් වුණා වගේ හැඟීමක් මට දැනුනේ. මට මේ අවස්ථාවෙන් පලා යන්න වුවමනා වුණත් හැමදේම මාව හිර කරලා තිබුණේ.. මගේ උගුර කට වේලිලා ගියා.. මං ඇස් බිමට හරවන් හිටියා..


ඒ වෙද්දි පිලිමතලාව හරියේ.. තව හුඟ දුරක් තියනවා මට බහින්න.. එතකම් මං මේ අවස්ථාව මඟහැර යන්න ක්‍රමයක් නැහැ. 


"මං දන් නැහැ..." හුඟ වෙලාවකට පස්සේ මං උත්තර බැන්දා. 


මං ඇස් පියන් නිදා ගන්න හැදුවේ බොරුවට.. මට ගැලවෙන්න වෙන ක්‍රමයක් මතක් වුන් නැති නිසා.. 


ඔහු ටික වෙලාවකින් මං නිදි  හිතන්, මගේ ඔලුව අත ගාන්න පටන් ගත්තා.. හරිම ආදරෙන් ඒක කලේ.. මට ඉවස ගන්න බැරි වුණා.. ඇත්තටම කිව්වොත් මට නින්ද නොගිය එකට ආස හිතුනා.. ඉන් පස්සේ ඔහු මගේ උරහිසට ඉහලින් ඔහුගේ අත දාලා මගේ හිස ඔහුගේ උරහිසේ රඳව ගත්තා.. ඉන් පස්සෙත් දිගින් දිගටම ඔහු මගේ ඔලුව අත ගගා හිටියේ... 


"දැන් නැගිටින්න, නංගි.. ගෙවල් ළඟයි.." එහෙම හරිම හෙමින් කියද්දි මං ඇහැරුණේ.. එතකොට මං ඔහුගේ තුරුලේ හිටියේ.. මට ලැජ්ජ හිතුනා.. පොළව පලාගෙන යන්න හිතුණා.. 


"මං දැන් ඔයාට දෙයක් කියන්න යන්නේ.. තව ඉවසන් ඉන්න බැරි නිසා... " මං ඒ ඇස් දිහා බලන් හිටියා.. මං අහන්න බලන් හිටපු දේ කියන්න යනවා වගෙයි..


නංගි මං ඔයාට කැමතියි..මං බලන් හිටියා.. එහෙම කියයි කියලා...


"මට ස්කොල් එකක් හම්බෙලා තියෙන්නෙ  නංගී ස්පෙෂල් ට්‍රේනින් එකකට ජැපෑන් වලින්.. මගේ ඉනොවේෂන් එකට.. කවුරුත් දන්නේ නැහැ. ප්‍රොෆෙසර් සුදත් මට ඒක හදලා දුන්නේ.. මං රිසාල්ට් එනකම් ඉන් නැහැ නංගී. නෙක්ස්ට් වීක් එකේ යනවා.."


මං ඒ ඇස් දිහා බලන් ඉන්දෙද්දි එයා එහෙම කියලා දැම්මා..


ඇත්තටම මට සතුටක් දැනුනා.. මගේ ඇස් දිලිසෙන්න පටන් ගෙන ආයෙත් කළු වලාවකින් වැහුනා.. ඒත් මං බලාපොරොත්තු වුණ දේ කවදා අහන්න පුලුවන් වෙයිද.. ඒ කියන්නේ මෙයා ලංකාවෙනුත් යනවා...

මං බිම බලා ගත්තා...


" කන්ග්‍රැජුලේෂන්ස්..." එහෙම කිව්වේ නොකියා බැරි කමට... 


"' ඔයාට දුකද..?"


"'මං දුක් වෙන්නේ ඇයි... සතුටුයි මට... ඔයාට හොඳ චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ.. ඔයාට ට්‍රේනින් එක ඉවර වෙලා ජොබ් එකකුත් ලැබේවී..."

මං බිම බලාගෙන බොරුවක් කියගෙන ගියා. එයා නවතීවී.. එහෙම ස්ටේබල් වෙයි..

එක අතකින් එයා සතුටින් ඉඳීවී.. ජීවිතය ජයගෙන...


මං හැරිලා බලද්දි ගෙවල් ලං වෙලා. අම්මට කෝල් කලෙත් නැහැ.. 


" මං ගෙදරට කෝල් කලේ නෑනේ.."


"අම්මා කෝල් කලා මං ආන්සර් කලා.."


කිසිම ගාණක් නැතුව ඔහු කියලා දැම්ම..


මාව ගිනි ගත්තා වගේ හැඟීමක් ආවේ...


ඒත් මට අම්මට කෝල් කරන්න ඕන වුණත් මට ඒකට ශක්තියක් ආවේ නැහැ...


මං අයියට කතා කළා. අයියා කිව්වේ පාරේ ඉන්න බව.


"'නංගි... මගේ කතාව ඔයා අහන් නැද්ද..."


"'මට කියන්න දෙයක් නැහැ අයියේ.."


මං මොනවා කියලා කියන්නද.. මනමේ කුමාරයට මං කැමති කියන්නද.. නැත්තම් දැක්ක දවසේ ඉඳන්  අපිව රැග් කරපු ලාරා අයියට කැමති කියන්නද...


"' නංගි මේ බලන්න.. මට තව ඉවසන්න අමාරුයි... අවුරුදු තුනකට වැඩි, මං ඔයාව දැනගෙන.. ඔයා කැම්පස් එකේ කරපු කියපු හැමදේටම මං ඇහැ ගහගෙන හිටියේ... නංගි.. මං දිහා බලන්න.."


බිමට හරවන් හිටපු මගේ මුහුණ එයාගෙ පැත්තට හරවලා, එයා මගේ ඇස් දෙකට එබුනා...


"'මං ඔයාට ආදරෙයි.. මට රට යන්න ඉස්සෙල්ලා ඔයාට මේක කියලා මට ඔයාව මගේ කරගන්න ඕන වුණා.."


මට කියන්න දෙයක් ඉතිරි නොකරම එයා කියලා දැම්මා...


ඇත්තටම මනමේ කුමාරයා ....

මට ආදරේ කරනවා... මට විශ්වාස කරන්න බැහැ..


_________________________________________


අවසානයි...


මනමේ කුමරි 02

පළමු කොටස මෙතනින්.


මේක හීනයක්ද. මනමේ කුමරු මගේ ඉදිරියේ...  ඔහු ඔටුන්න ගලවා ඇත. නමුත් ඒ වස්ත්‍ර ඉවත් කොට නැත. තවමත් රුධිරය ලෙසට රතු පැහැ දියරයක් ඔහුගේ ළය මතය. 

"ලේ..." මගේ ඒ වචනෙන් ඔහු සිනාසෙන්නට විය.. නමුත් මා සිටියේ බය වී සේය. දුක භය මගේ මුහුණේ ඉරියව් වලින් ඔහු හඳුනා ගන්නට ඇත. 

"ලේ නෙවෙයි ළමයෝ තීන්ත.." ඔහු පැවසුවේ සිනහසෙමින්‍ ය. මට පොලව පලාගෙන යන ලැජ්ජාවක් දැනුනේ ඔහුගේ හිනා හඬ විසිරෙද්දී...

"ආ... මේ බෙලි මල් එක බොන්න.. මං හකුරු කෑලි දෙකක් ඔයාට ගෙනාවා..." ඔහු මගේ අතට බලෙන් බෙලිමල් එක දුන්නා.. 

"මොකද නිකම් ගල්භූත වෙලා.. "

"එහෙම නැහැ.. " මං අපහසුවෙන් කියාගත්තට, ඔහුට මගේ වෙනස හඳුනා ගැනීමට අමාරු නැති බව මං දැනන් හිටියා.

මං බෙලි මල් එක අරන් නැගිට්ටා. ආයෙත් මට මනමේ නාට්‍ය බලන්න බැහැ. මනමේ කුමරු මැරෙනවා බලන්නේ කෙසේද..

" කොහෙද යන්නේ?"  මගේ බාහුවෙන් ඔහු අල්ල ගත්තේ හරිම තද විදියට. ඇත්තටම මට රිදුනා..

"ආව්..." මං ඇඹරුනේ රිදුන නිසා..

" ඕ... සොරි සොරි.." මනමේ කුමාරයා බය වෙලා..

" මං යනවා හොස්ටල් එකට.. තැන්ක් යූ.." මං මගේ අතේ තිබ්බ බෙලි මල් එක පෙන්නලා ස්තූති කලා..

"යන්නෙපා...!"

ඔහු එහෙම කිව්වා වුණත් මං ආයෙත් හැරෙන්න කියලා මගේ හිත කිව්වේ නැහැ. මගේ ආඩම්බරකම ඉදිරියට ඇවිත් තිබුණා.  මං නෑසුන ගානට ඉක්මනින් එතනින් එලියට ආවා.. එතකොට ඊළඟ ෂෝ එකට කට්ටිය එලියේ රැස් වෙලා හිටියා.. මං නිශාලා උකොහෙද කියලා හෙව්වේ නැහැ. එහෙම්මම කාමරයට ආවා.. හෙටින් වැකේෂන් පටන් ගන්නවා.. හවස බස් එකේ ගෙදර යන්න හිතාගෙන හිටියත්, මට ආයෙත් ඔහුව බලන්න වුවමනා වුණා. මගේ හිත හිටියේ සීතල යුද්ධයක. හදවතේ එක අර්ධයක් පැවසුවේ ඔහුව අවසාන වතාවට හමුවන්න කියලා. අනික් අර්ධය ඒ යෝජනාවට කිසිසේත්ම කැමත්ත දුන්නේ නැහැ..

මං හැමදේම අමතක කරලා බඩු පැක් කලා. මං නිශාට මැසේජ් එකක් දැම්මා. මං ගෙදර යන බව කියන්න.. ඒ වෙනකොට මනමේ දෙවනි ෂෝ එක ඉවර ඇති. රෑට තියන පාර්ටි එකට කට්ටිය ලැහැස්ති වෙනවා ඇති. ඒක තිබ්බේ නෙට්බෝල් ස්ටේඩියම් එකේ නිසා නිශාට හොස්ටල් එකට එන්න වෙලා . ඇය කෝල් කලා මගේ මැසේජ් එක ගියපු වහාම. 

" පිස්සු කියවන්න එපා.. පාර්ටි එකට ඉඳලා හෙට උදේම යමු.. "

"බැහැ නිශා මං ගෙදර යනවා..."

"ලාරා අය්..........."

නිශා ඔහු ගැන කියන්නට ගොස් කතාව නැවැත්තුවා.. ඊළඟ වචනය කියනකම් මං බලන් හිටියා.. තත්පර කිහිපයක් ගත වෙන්න ඇති... ඒ නිහඬ බව දරාගන්න බැරිවුණා.. 

"නිශා...."

ඒත් කතාවක් නැහැ...

"මං එනකම් ඉන්න. පොඩි දෙයක් තියෙනවා කියන්න...."

"අහ්..."

"හරිද ඉන්නවද...."

"හරි.. ඉක්මන්ට එන්න.. "

මං ෆෝන් එක කට් කරලා ඇඳේ වාඩි වෙලා කල්පනා කලා.. ලාරා.. ඒ ඔහුය.. ඔහු ගැන නිශා කියන්නට තැත් කලේ කුමක්ද..  මට නිශා එනතුරු ඉවස ගන්නට බැරි වුණා.. ඔහු ගැනද කියන්න දෙයක් තියෙනවා කිව්වේ.. මගේ මුලු ඇඟම ගැහෙන්න ගත්තා.. වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ...

ඇයට එන්නට විනාඩි දහයකට වඩා ගත වෙනු ඇත.. 

ලැප් බෑග් එකත්, ඇඳුම් බෑග් එකත් නැවත මගේ කුඩා හෑන්ඩ් බෑග් එකත් දෙවනි වතාවට චෙක් කරන්නට සිතුවේ මං ඉන්න විපර්‍යාසය එක්ක මා අවශ්‍යම බඩුවක් මඟහැර යන්න ඉඩකඩ වැඩි නිසා... 

"හංසි..." නිශා ඉතා ඉක්මනින් පැමිණියාය. 

"ඇයි හදිස්සියේ යන්නේ..?"

"ම්.. අම්මා එන්න කිව්වා." මම බොරුවක් කිව්වෙමි. 

"දැන් ගියොත් රෑ වෙනවනේ..."

"අයියා ඒවී එක්ක යන්න නුවර පාරට. අනික පැය හතරයිනේ.."

ඒ සමඟම නිශාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

එහෙනම් ඔයා පරිස්සමෙන් යන්න... තත්පර කිහිපයක කෝල් එකෙන් පස්සේ ඇය කිව්වා.. කෝල් එකේ මොනවා කිව්වද කියන්න මට තේරුනේ නැහැ.. ඒත් නිශා ගේ මුනේ තිබ්බේ හොර පෙනුමක්. ලාරා අයියා නැත්තම් මනමේ කුමාරයා ගැන කිසිම දෙයක් නිශා කිව්වේ නැහැ... මං බලන් හිටියේ දැන් මොනවාහරි කියයි කියලා ...

ඒත් නිශා මුකුත් කිව්වේ නැහැ.. 

මං බලාපොරොත්තු සුන් වෙච්ච හැඟීමෙන් හොස්ටල් එකෙන් එලියට ආවා.

ඉදිරියට >>>


මනමේ කුමරි.. 01


මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න... මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි උනා. ප්‍රේක්ෂකාගරයේ හිටපු මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. මං පුටුවටම ඇලිලා හිටියේ. මගේ පිට කොන්දත් පුටුවට ඇලිලා.. ඇස් පිය සැලුන් නෑ.. මං එයා දිහාම බලන් හිටියා. මනමේ කුමරා දිහා... එයා එහෙම නාට්‍යයට වුණත් මෙහෙම මැරෙනවා බලන් ඉන්න බැරි මට කවදාවත් එයාව හිමි කර ගන්නවත් බැරි වෙනවා කියලා මං දැනන් හිටියා.. ඒක බගාදා හොඳයි කියලා මං මගේ හිතට කිව්වා.. හදිස්සියේ එයාට අසනීපයක්වත් හැදුනොත් මගේ ඉදිරිපිට මටම සිහිය නැති වෙයි වගේ..


"මොකෝ බන් අඬන්නේ.."
නිශා මගේ අතට ගැහුවා.. මාව උඩ ගිහින් බිම වැටුනා වගෙයි.. කුමක් කියන්නද කියල හිතුනෙත් නැහැ. කඳුලු වැක්කෙරිලා ඒක පිහිද ගන්න ඕන කියල වත් දැනුන් නෑ.. අඩුම තරමේ මට පණක් තිබුනේ නැහැ වගේ..

පේරාදෙණියට ආපු මුල්ම කාලේ , එයා තමයි අපිව රැග් කරන්න ආවේ.. තව කිහිප දෙනෙකුත් සමඟ. සමහරු මගේ කොණ්ඩෙට එක එක ඒවා කියලා බනිද්දි, එයා හැදුවේ හැමොගෙන්ම මාව බේරගන්න.. ඒත් එයා බේරනවා වගේ ඇවිත් මට බනින්න ගත්තා. එයා බනින්න ගත්තම මාව ගැස්සෙනවා. සමහර දවසට කඳුලු බේරුණා. මං ඒවා හංගගෙන හිටියා. නැත්තම් තව බැනුම් අහන්න වෙන නිසා.

ඒත් දවසක් මට බනින කොට වුණ සිදුවීමක් පිලිබඳ යෙහෙලියන් විහිළු කලේ මට මගේ හැඟීම් අමත කරන්න බැරි විදියට.  ඒ සිදුවීමෙන් මං තේරුම් ගත්තා, මගේ ප්‍රේමය එයම බව.. 

"උඹේ කඳුලු දැකලා ඒ අයියට බනින්න ඕනා ඊළඟ වචනෙ ලොප් වෙනවා බන්. ඒක හොඳයි. එතකොට අපිව රැග් වෙනවත් අඩුයි. උඹව රැග් කරන්න ගන්නවා නම් හොඳයි හැමදාම මුලින්."
නිශා, පියුමි හැමෝම මට ඒක කියලා තියනවා.. ඒත් එයා දිහා මං කෙලින්වත් කවදාවත් බලලා තිබුනේ නැහැ.. 

ඒ වගේම කවදාවත් ඔහු ඒ පිලිබඳ නාම මාත්‍රයක ඉඟියක් මගේ තුන් වන වසර අවසන් වනතුරුත් කර තිබුනේ නැහැ.. 

කහොමත් පියුමි නිශා තරම් පැහැපත් නැහැ.. මං තලෙලු කෙල්ලෙක්.. ඒත් එයත් මට වඩා සුදුයි.

" උඹ එතකොට ගාල්ලේ.."

"හ්ම්"

"ඇයි උඹ බකමූණෙක්ද හ්ම් ගාන්නේ...... බකමුණී..."

"නැහැ."

"තෝ දන්නේ නැද්ද පහිඳි ජ්‍යේෂ්ඨ උතුමන්ට ගරු කරන්න."

"දන්නවා ජ්‍යේෂ්ඨ උතුමනි."

මං බයෙන් වගේ මුමුණද්දි, ඔහු ආයේ මා ඇමතුවේ පෙරටත් වඩා නපුරු විදියට.

"දන්නවා නම් ජ්‍යේෂ්ඨ උතුමන් වන්දනා කරන ගාථාව කියලා වැඳපන්"

මම එහෙම ගාථාවක් දැන සිටියේ නැත. එමෙන්ම අදටත් දන්නේ නැහැ.

අඬන්න බලන් හිටියට අහස කළු කරගෙන වැස්ස ආරම්භ කරමින් තිබුනි. කඳුලු දැක්කා නම් නැවත බැනුම් අහන්න වන බව දැන සිටියෙමි. නමුත්, පුදුමය නම්,ඒ බව දුටු ඔහු මට කිසි දෙයක් නොකියා අපිව පැන්නුවේය.

"දැන් පල, පස්සේ අල්ල ගන්නම්.. ගාථාව පාඩම් කරගෙන තියා ගන්න."

නමුත් ඉන්පසු කිසිදිනෙක ඔහු නැවත එම ගාථාව ඇසුවේද , නැවත වත් කරන්නවත් පැමිණියේ නැත.
වත් කාලයද අවසන් විය.

වත අවසන් උනේ කාඩ් දැමීමෙන් පසුය. කාඩ් දැමීමට පෙර තමන් වේදිකාවට නැග තමා ගැන විස්තරයක් කල යුතුවිය. පසුව තමාට ඒ වනවිටත් කාඩ් එකක් ලැබී නැත්තම් කාඩ් එකක් ලැබේ. කාඩ් එකක් ඒ වනවිටත් ඇත් නම් කාඩ් එකද කිව යුතුය. මා මගේ විස්තරය කියා අවසන් වූ පසු, මගේ කාඩ් එක දැන ගැනීමට බලා සිටියෙමි.

" උඹේ කාඩ් එක මොකද්ද "

මට ගාලු කුමාරි කියලා කාඩ් එක පට බැන්ඳෙත් එයාමයි. සමහරුන්ට නැට්ටිච්චි, කටුස්සි, වගේ කාඩ් දාද්දී මට දැම්ම කාඩ් එකට මං දොහොත් මුදුන් තියලා එයාට හිතින් වැන්දා.. කාඩ් එක මට කැම්පස් එකේ ඉන්නකම් කියන නමනේ. සමහර විට කැම්පස් අවුට් වුනත් ඒ නමම කියන වෙලාවල් තියෙනවනේ පුරුද්ද නිසා.. කැත නමක් උනා නම් එපා වෙනවනේ..

මනමේ කුමරු මැරී තිබුණා.. වේදිකාව මත ලේ විසිරිලා තිබුණා.. මනමේ කුමරි දුකින් වැලපෙමින් හිටියා.. ඒත් ඇත්ත මනමේ කුමරි හිටියේ ප්‍රේක්ෂකාගරයේ... 

ටික වෙලාවකින් මනමේ කුමරිය වැද්දා සමඟ යන්න පටන් ගත්තා... ඒත් වැද්දා ඇයව හැර ගියා...

ඒ වෙනකොට නාටකය අවසන්ව තිබුණා..

සියල්ලම බෙලි මල් දන්සලට ගිහින් තිබුනේ මාව ශාලාවේ තනි කරලා. පෝලිමේ ඉන්න අකමැති නිසා බොහෝ දෙනා ඉක්මනින් පෝලිමේ මුල අල්ල ගන්න දුවන්නේ.. ඒත් මගේ කල්පනාව දුර ඇදී තිබුණයින් මට නැවත බෙලිමල් බොන්න යන්න සිතුණේ නැහැ. අදින් පසු ඔහුව මට ආයෙත් දකින්න නොලැබේවී.. 

මට වුවමනා වුණෙ ආයෙත් මනමේ නාට්‍ය බලන්න. දෙවනි ශෝ එක තව පැය එකාමාරකින් ආරම්භ වේවී.. ඇත්තට මට අවශ්‍ය වෙලා තිබ්බේ මනමේ කුමරයව මගේ හිතේ නිදන් ගත කරන්න. ඒ දර්ශන හිතේ දෘඩව තැන්පත් කරගන්න. අමතක නොවන ලෙසටම..

ඒ වගේම මට අවැසි වුණේ මගේ මනමේ කුමාරයා එක්ක කාත් කවුරුත් නැති වනයකට ගිහින් ප්‍රේමයෙන් දිවි ගෙවන්න.. ඒත් වැද්දෙක් ඇවිත් මනමේ නාට්‍යයේ වගේ නොවිය යුතු දෙයක් වුණොත්.. මං බය වුණා..

ඇත්තටම  මනමේ කුමරිය මා වූණා නම් කොහොම මා\"තින් සිදුවූ වරදට මටම සමාව දෙන්නද...මට කවදාවත් ඒ විදියට කියන්න බැරි වේවී.. මම ඒ සැනෙන්ම වැදි රජුගේ කඩුව පැහැර ගෙන සියදිවි නසා ගනිවී. නැතුව කොහොම වැද්දා සමඟ යන්න හිත හදා ගන්නද..

“මා ප්‍රිය සැමියා මරුමුව වැටුණා -

කිම ද කළේ ඔබ මේ අපරාදේ

යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා -

මේ ඔබ දෝසා - මේ ඔබ දෝසා”

එසේ  වැදි රජුගේ දෝෂාරෝපණය කිරීම ඇත්තටම වැරදියි.. වරද තිබුණේ කුමරියගේ අතේ.. 

"ආ.."

මගේ ඇස් ඉස්සරහා මං වෙනුවෙන් බෙලි මල් කෝප්පයක් දික් කරන්. කවුද... මං හිතුවේ නිශා කියලා.. ඇත්තටම ඒ මනමේ කුමාරයා.. මම දකින්න ආසාවෙන් හිටපු මනමේ කුමාරයා.. 


මතු සම්බන්ධයි.


සබඳ ... යලි අපි හමුවෙමු...


 

ඉතා සීරුවට හීරුන,
හදවතේ එකම එක රිදුමක් ඇත..
ඒ රිදුම වසා අලවනු ලැබූ
පැලැස්තරයක සිනාවක් ඇත..

ඔබ දකිනු රිසි ඒ සිනාවයි..
මගේ නුපුරුදු කතාවයි..
වහ වැටෙන එක නොවේ නම්..
කුමට මේ මගේ ළබැඳිකම්...

සබඳ ...
යලි අපි හමුවෙමු...
මේ භවය අහවරක් නැති නම්..
නුඹ තවම මට පෙම් කරන බව,
රහසින්ම මුමුණන්න හැකි නම්.
සැබැයි මා හිනැහේවී.. 
සැබැවින්ම,
පැලැස්තර ගලවා දමා...


අතහරිනු කොහොම


දල්ව ගෙන උන්නට උඹ..
ප්‍රේමය වළකන්නේ කොහොම මම.

එකම එක බැල්මෙන් ඇරඹි 
ප්‍රේමයේ අභිමන්..
වියවුලක් වුණේ කොහොම 
අහිංසක හිතකට..

බිව්වට කමක් නැහැ,
විහිළුවක් නොවී..
නමුත් දුම් දමන විස කූරූ
තහනමට ලක් වුණා..
ආයේ සිගරට් දැල්වුණොත්
අතහරිනවා ඔබව...

නමුත් ඔබ පහසුවෙන්
අතහැරියා මාව.
අමතකව මගේ නිතී මැද
නුඹ ඔහේ පිච්චුණා.

කිසිම හොරකමක් නැතිව
නුඹෙ මෙලෙස කියන කොට,
අද මිතුරන් සමඟ 
තුටුවෙච්ච බව එලෙස

පිච්චෙන්න විස කූරූ 
නිසා නුඹ අතහැරිනු කොහොම
දල්ව ගෙන උන්නට උඹ..
ප්‍රේමය වළකන්නේ කොහොම මම.


කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...