සබඳ ... යලි අපි හමුවෙමු...


 

ඉතා සීරුවට හීරුන,
හදවතේ එකම එක රිදුමක් ඇත..
ඒ රිදුම වසා අලවනු ලැබූ
පැලැස්තරයක සිනාවක් ඇත..

ඔබ දකිනු රිසි ඒ සිනාවයි..
මගේ නුපුරුදු කතාවයි..
වහ වැටෙන එක නොවේ නම්..
කුමට මේ මගේ ළබැඳිකම්...

සබඳ ...
යලි අපි හමුවෙමු...
මේ භවය අහවරක් නැති නම්..
නුඹ තවම මට පෙම් කරන බව,
රහසින්ම මුමුණන්න හැකි නම්.
සැබැයි මා හිනැහේවී.. 
සැබැවින්ම,
පැලැස්තර ගලවා දමා...


Comments

  1. කාලෙකින් ඇවිත් එක දිගට කවි හොදා හොදා...

    ReplyDelete
    Replies
    1. ලියපු කතා වගයක් තියනවා ඉක්මන්ට දාන්නම් 😍😍

      Delete

Post a Comment

Popular Posts