පෘථිවියේ ජලය අවසන් වන ප්‍රථම නගරය

පින්තුරය : 2018 ජනවාරි 20 වනදා. කේප් ටවුන් සඳහා බොහොමයක් ජලය සපයන මෙම ජලාශය වර්තමානයේ අනතුරු ලෙස අඩු මට්ටමක පවතී.

නොබෝ දිනකින් එනම්, මාර්තු මුල් භාගයේදී  දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී සියලු ජලය තුරන් වනු ඇතැයි ස්වභාවික විද්‍යඥයෝ පෙන්වා දෙති. දැනටමත් ඉතා උග්‍ර ජල හිඟයකට ලක්ව සිටින දකුණු අප්‍රිකාව ජලය රැක ගැනීමේ හා, ජලය සොයා ගැනීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කලද, සියල්ල නිශ්ඵල වෙමින් පවති.

වසර තුනක් මුළුල්ලේ නොකඩවා පැවති අඩු වර්ෂාපතනයත්,සීග්‍රයෙන් වර්ධනය වන ජනගහනය නිසා ජල භාවිතා  වැඩි වීමත් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත

දකුණු අප්‍රිකාවේ රජය මේ සඳහා මුහුණ දීමට ලවණහරිත කිරීමට හැකි ශාක භාවිතා කර මුහුදේ ජලය පානය කළ හැකි ලෙස සකස් කිරීම, භූගත ජලය එකතු කිරීමේ ව්‍යාපෘති සහ ජල ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර පවතී.

කේප් ටවුන් නිවැසියන්ට තත්පර 90 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකින් දිය නෑමටද පුහුණු වී ඇති අතර ජනප්‍රිය සංචාරක කර්මාන්තයේ හෝටල් පිරිසිදු ජල සැපයුම් තහවුරු කිරීම සඳහා ඔවුන්ගේම ලවණහරනය කරනු ලබන ශාක සෑදීමට කටයුතු කරමින් ද සිටී. නේවාසික ජල පරිභෝජනය හා මන්දගාමී මට්ටමේ මන්දගාමී මට්ටමකට ස්තුති කරමින් පෙබරවාරි මස 20 වන දින කේප් ටවුන්හි නිලධාරීන් විසින් ජූලි මාසයේ සිට මාස 9 කට වැඩි කාලයක් ජල සැපයුම් අත්හිටුවීමට අපේක්ෂිත ඇස්තමේන්තුගත දිනයක්  නම් කරනු ලැබීය.

කලාපයේ වැසි සමය මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර එයින් සමහර විටෙක සහනයක් ඇති වේ යැයි අපේක්ෂා කෙරේ.

අපි ජල අර්බුදය හුදෙක් කේප් ටවුන් වලට පමණක් ඇති වූ ගැටලුවක් නොවේ, එය ගෝලීය ප්‍රශ්නයකි.

එලෙසම ජල අර්බුදයට මුහුණපා සිටින අනෙක් ප්‍රධාන නගර ලෙස,

බ්‍රසීලයේ ශාන්ත පවුලො
ඉන්දියාවේ බැංගලෝරය
චීනයේ බීජින්
ඊජිප්තුවේ කයිරෝ
ඉන්දුනීසියාවේ ජකර්තා
රුසියාවේ මොස්කව්
කුර්කියේ ඉස්තාන්බුල්
මෙක්සිකෝවේ මෙක්සිකො සිටි
එක්සත් රාජධානියේ ලන්ඩන්
ජපානයේ ටෝකියෝ
ඇමරිකා එක්සත් ජනපදයේ මියාමී  යන නගර හඳුනා ගෙන ඇත.

විරාග රාගය

ආදරය, රාගයෙන් වියුක්ත කිරීමට හෝ  රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවුනා සේම, අසීමාන්තික අසම්මත බැඳීම් කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කොහොම නමුදු හර්ද සාක්ෂියට අනුකූල නොවූ හැඟීමක් සමඟ දුකක් පවතී.නමුත් මිනිස් හැඟීම් වු කලී මාරුතයක් සේය.. නිහඬව සිටින මාරුතය කිනම් මොහොතේ හෝ චණ්ඩ වී කොහේ හෝ ගලා යාම සිදු විය හැක..

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු පිණිස හෝ අතිශය ගැඹුරින් පරිකල්පනතා ප්‍රකට කරලූ ගීත කිහිපයක් මෑත කාලයේ සමාජය වෙත තිලිණ වීම මහත් සොම්නසකි. 
' විරාග රාගය' ද එසේ මහා නිර්මාණයක් සේ ම සිතට දැනේ...


සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිලිබඳ ගායකයෝ් දෙදෙනෙක්  අමුතුම ආකාරයේ කතාන්දරයක් කියති.. එය ගීතයක නොදුටු පාර්ශවයකට අත වැනීමක් වැන්න..
තුන්කොන් ප්‍රේමයක කිසිදා ගැහැණිය සිටිද්දි , පිරිමි දෙදෙනා හෝ පිරිමිය සිටිද්දී ගැහැණු දෙදෙනා කතාව ඉදිරිපත් කරන්නේ නැත.. ප්‍රධාන කතා නායකයා එක් පුද්ගලයෙක් නොවී මේ විප්ලවීය ගීතයේ ගායකයන් දෙදෙනෙකු ප්‍රධාන කතා නායකයන් වී හමාරය..

පද රචකයාගේ අපරිමිත පරිකල්ප ආශ්චර්යයම එහි වේ.. කෙසේ නමුදු ගායනය, පද රචනය හෝ නිර්මාණය ගැන හුදෙක් විචාරයක් කිරීම තරම් මම ලොකු මිනිසෙකු නොවෙමි.. 
මේ මගේ ආසාවට ලියන් යන ගීත විචාර පමණි.

මිනිස්සු යනු සමාජශීලි සත්ව කොට්ටාශයක්.. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදෙකලාවට හෝ තනිව ජීවත් වීම කැමැත්තක් නොදක්වයි.
එකඳු රාගික බැඳීමක එනම් සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවෙන පෘථග්ජනයෙකුට වෙනකෙකු පිලිබඳ රාගය ඇතිවීම ගැන ඉතාම සංයමයකින් ඉදිරිපත් කිරීමකි. එහිදි යුවලක එක් තැනැත්තෙකු අවිවේකී වීම නිසා තනිවන්නට සිදු වන පුද්ගලයාට හුදෙකලාවම මඟින් පහර දෙනු ලබයි., එයින් ඇයට හෝ ඔහුට පරාජ සිතුවිල්ලක් ඇති කරවයි. ඒ පරාජය නම් තනිකමය.. එය නැති කරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේදී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල් වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවයි. අනතුරුව නොසඟවා සිදුවූ විනාශය එනම් ඈ ඒ රාගයට පෙම් කරන බැව්ද එයට සහේතුක කාරනාව වන ඈ තනිව විසීම නිසා ජීවිතය කතරක් වීම පිලිබඳව ඉතාම කුඩා පද වලින් ගැඹුරින් ඉතා ප්‍රබල අර්ථකතනයක් දේ...


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය



ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා 
ඈ මුකුලිත වූවා



කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා



විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය



නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා



ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා 
ඈ මවෙතට ආවා



විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය


ගායනය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගී පද - බන්දුල නානායක්කාරවසම්



(ගීතයේ  අයිතිකරුවන් ප්‍රවීණයන් වන අතර මා වැනි පුංචි එකෙක්ගේ අදහස් නිසා ගීතයට හානියක් වූයේ නම් එයට සමාව අයදිමි.මෙය හුදෙක් ආසාවට පමණක් ලියූවකි. අනිත් ප්‍රධානම කාරණය නම් තරුණ අධ්‍යක්ෂවරයකු වන තිසර ඉඹුලානයන්ගේ අධ්‍යක්ෂණයේ ඇති දක්ෂතාවයි. කිවයුතු සත්‍යය තිරයෙන් පිටුපස දර්ශන වලට නොගොස් ඉතාම සංයමයෙන්, ඕනෑම වයස් සීමාවක පුද්ගලයකුට නැරඹිය හැකි ලෙස ඉදිරිපත් කිරීමම ඉතාම අගනේය. නැති නම් අද බිහිවන් ලිංගිකත්වය පමණක් ඔසවා තබා මාකටින්  පමණක් අරමුණු වන නිර්මාණ අතර මෙවැනි විශිෂ්ට නිර්මාණයක් බිහිවීමද අනර්ඝය.)

මේ ගැන සොඳුරු සඳවතීගෙන් අදහස් විමසද්දි මඟ හැරුනු  මාතලන්ගේ බ්ලොගයේ විරාග රාගය ලිපියේ ලින්කුව ඇය මට එව්වාය. එය මෙතනින් කියන්නට හැකිය. සඳා අක්කාටත් ස්තූතියි...

රන් අශ්වයා සහ මාශා



එකෝමත් එක රටක ‍රත්තරන් පාට විශාල අශ්වයෙක් හිටියා.. ඌ ඒ තරම් විශාල වුනේ එලකිරි බිව්ව හින්දා... මොකද අශ්වයා ඉපදෙදිම අශ්ව අම්මා මියගියේ විශාල වශයෙන් රුධිර වහනය නිසා..අශ්වයාව මුල් කාලයේ බලාගත්තේ ධනවත් ගොවියෙක්.. ඒත් පස්සේ මේ අශ්වයාට ස්වාමියෙන් හිටියේ නැහැ... මොකද ඒ ධනවත් ගොවියාත් කාලෙකට පස්සේ මිය ගියේ අසනීපයක් හැදිලා. ඉතින් මේ රන් අශ්වයා පස්සේ හැදුනේ කැලයේ තනිවම.

දවසක් රත්තරං පාට දිගු කොණ්ඩයක් තියන මාශා කැලයේ දර කඩන්න ගියේ අම්මට කාසි හොයාගන්න උදව් වෙන්න.... මොකද මාශාට හිටියේ අක්කලා තුන්දෙනෙක්. එයාල හැමදාම ලස්සන වෙන්න කාසි වියදම් කලා විතරයි. අම්මට උදව් කලේ නැහැ. අම්මා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරි තැන හැමදාම මාශා අම්මට උදව් වුනා... අක්කලා තුන්දෙනා නම් මාශාට සැලකුවේ වැඩකාරියක් විදියට.. ඒත් මාශා ලස්සන කෙල්ලක්... වැඩ කරන නිසා හැමදාම කැත වැඩකාරියක් විදියට තමයි හැමෝටම පෙනුනේ.. හැමවෙලේම ඇඳුම් වල දැලි කුණු තැරවිලා තිබුනා.. ඉතින් මාශගේ අක්කලා මාශට සැලකුවේ නැහැ. මාශා එක්ක කතා කලේවත් නැහැ හරියට. මොකද කිසිම ලස්සනට ඉන්න වුවමනා නැති නිසා මාශා හරියට වැඩකාරියක් වගේ හිටිය නිසා.. ඒත් ඇත්ත කතාව මාශා අම්මා ගැන හැමදාම හිතුවා. අම්මට උදව් වුනා.. ඒකයි.

දවසක් මාශා අම්මට උදව් දර ඇහිඳින්න කැලයට යනකොට ඉස්සරහට ආවේ අර විශාල රන් අශ්වයා.

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

එක පාර අශ්වයා හේෂාවර කරලා මාශට කියුවේ එහෙම.. මාශා පුදුම වුනා අශ්වයෙක් කතා කරන එක ගැන. ඒත් මාශා දුක් වුනා අශ්වයාව හිමි කරගන්න තමාට වත්කමක් නැති එක ගැන.. මොකද අශ්වයෙක් ඇති කරනවා කියන්නේ හුඟක් වියදම් යන වැඩක්..  මාශගේ පියා ඉන්න කාලේ නම් ඔවුන්ට හුඟක් කාසි තිබුනා. ගොවිපොලක් තිබුනා... ඒත් දැන් එහෙම නෑ.. තාත්තා මිය ගිය නිසා අම්මා තමාවයි අක්කලා තුන්දෙනාවයි හදන්නේ බොහොම දුක් විඳලා.. ඒ අතර තව අශ්වයෙක් ගෙදර ගෙනියනවා කියන්නේ අක්කලා තුන්දෙනාගෙනුයි අම්මගෙනුයි තමාට බැනුම් අහන්න වෙන එක...

"අශ්වයෝ... අපිට කාසි නැහැ.. ඒනිසා උඹව හදා ගන්න මට බැහැ.."

මාශා කිව්වේ අශ්වයව දුකට පත් කරන ගමන්...

ඉන් පස්සේ මාශා දර කඩාගෙන ගෙදර ගියා... ගෙදර යන කොට ඇපල් ගස් වල හුඟක් ඇපල් හැදිලා තිබුනා.. ඒ ඇපල් කාලෙත් නෙවෙයි.. ඒත් ඒ ඇපල් හැදිලා තිබුනේ මාශ වෙනුවෙන්ම වගෙයි. මාශා අක්කලා තුන්දෙනාටයි, අම්මට‍යි, තමාටයි ඇපල් කඩාගෙන ගියා...
එදා රෑ ඇපල් කාලා මාශගේ ගෙදර හැමෝම නිදා ගත්තා...

ඊළඟ දවසෙත් මාශා ගියේ කැලේට දර කඩන්න... එදත් අශ්වයා ඇවිත් හිටියා..

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

එදත් එහෙම කිව්වා අශ්වයා.
එදත් මාශා කලේ අශ්වයට බැහැ කියලා දර කඩපු එක...

ඔහොම හැමදාම මාශා දර කඩන්න එනකොට අශ්වයා ඇවිත් හිටියා.. 
හැමදාම අශ්වයා මාශට මෙහෙම කිව්වා.

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

මාශාට අන්තිමට සිදු වුනේ අශ්වයව ගෙනියන්න වුන එක.. ඒත් මාශා කලේ ගෙදරට කලින් තියන තණපිටියේ අශ්වයව තියලා යන එක..

හැමදාම මාශට හම්බවුනේ රෑට පාන් පෙතිදෙකයි. එක පාන් පෙත්තක් මාශා අශ්වයාට ඉතුරු කරගත්තා.

"උඹට මේ පාන් කෑල්ලට වැඩිය දෙයක් මට දෙන්න බැහැ මගේ රන් අශ්වයෝ" කියලා මාශා අශ්වයගේ බෙල්ල අත ගාලා දුකින් ගෙදර ගියා..

අශ්වයට කන්න දෙන්න ඕන නිසා මාශා හුඟක් මහන්සි වෙලා දර ඇහිලුවා. ඒවා මිටි බැඳලා විකුණන්න අම්මට දුන්නා.. ඒ එක්කම කැලේ ගිහින් ඇපල් කැඩුවා... ඒවා අශ්වයට ගෙනත් දුන්නා. අශ්වයා එක්ක කතා කලා. රටේ විස්තර කිව්වා. හැමවෙලේම අශ්වයව හොඳින් බලා ගන්න මාශා උත්සහ කලා..

දවසක් මාශගේ ලොකුම අක්කා මේ රහස දැන ගත්තා.. ඒ මාශා සතුටින් ඉන්න හේතුව සොයාගෙන මාශගේ පස්සෙන් රහසින් ආපු නිසා.. තණපිටියේ මාශා අශ්වයට රහසින් හංගගෙන ආපු පාන් පෙත්ත දෙන බව දැක්ක අක්කාට හොඳටම තරහා ගියා... තමන් පාන් පෙති දෙකක් කාලා කුසගින්න නිවා ගන්න වතුර බොද්දී අශ්වයට පාන් පෙත්ටක් දෙන්න තරම් මාශා මෝඩ කෙල්ලක් බව අම්මට කේලම් කිව්වා..

අම්මටත් හොඳටම තරහ ගියා... ඇයි හාමතෙන් ඉන්න පවුලට පාන් පෙත්තක් කියන්නේ වටිනා දෙයක් නිසා..
ඉන් පස්සේ ඉඳන් මාශට ලැබුනේ එක පාන් පෙත්තක් විතරයි... ඒත් හැමදාම කෑලේට ගිහින් දර වගේම පලතුරු කඩන්නත් මාශා උනන්දු වුනේ අශ්වයා කුසගින්නේ තියන්න බැරි නිසා..

ඔහොම කාලයක ගත වුනා... රජ මාලිගාවෙන් නිවේදනය නිකුත් කලා. රටේ රජ කුමරුගේ අභිෂේක සිදු වන නිසා කුමරුට සුදුසු කුමරියක් සොයන බවට.

ඉතින් එදත් සාමාන්‍ය ලෙසටම වගේ මාශා රන් අශ්වයා ළඟට ගිහින් කුමරුගේ අභිෂේකය දැන්වුවා...

"මාශා ඔයාත් යන්න කුමරිය තෝරන තරඟෙට.." රන් අශ්වයා මාශාට කිව්වේ එහෙම..

ඒත් මාශාට එලෙස යන්න තරම් හැකියාවක් තිබ්බේ නැහැ.. මොකද කියනවා නම් ලස්සන ඇඳුමක් ගන්නවත් මාශාට කාසි තිබුනේ නැති නිසා. මාශා කිව්වා තමාට යන්න බැරි බව.

ඒ අතර මාශගේ අක්කලා තුන්දෙනා කොහොමහරි ලස්සන ඇඳුම් හොයාගෙන තිබුනා. අම්මගෙන් කාසි ඉල්ලගෙන. ඒත් අසරණ මාශා අම්මට කරදර කරන්න ගියේ නැහැ.

"මගේ රන් අශ්වයෝ, අක්කලා කුමරියක් තෝරන තරඟෙට යනවා, එයාලා ලස්සන ඇඳුම් අරන්..."

අශ්වයාට මාශා එහෙම කිව්වම අශ්වයා හිතා ගත්තා මාශට ඇඳුමක් හදලා දෙන්න..

එදා හවස අශ්වයා තමන්ගේ රන් කෙඳි වලින් ලස්සන ගවුමක් හැදුවා මාශට..

ඇත්තටම ඒ දවස උදා වුනා.. කුමරුට කුමරියක් තෝරන, එදා උදේ ඉඳන් මාලිගාව ඉදිරිපිට දිගු පෝලිමක්.. උදේ පාන්දරම මාශගේ අක්කලා තුන් දෙනත් ලස්සනට ඇඳගෙන ගියා. මාශා උදේට බාර්ලි ඇට තම්බලා කෑවා. අශ්වයව හොයාගෙන ගියා උදේ කෑම දෙන්න. එතකොට අශ්වයා ළඟ ලස්සන රන් කෙඳි  ගවුමක්.. මාශට පුදුමයි...

" මාශා ඉක්මන් කරන්න අපි තරඟෙට යන්න ඕනා."

" මොන තරඟෙටද රන් අශ්වයෝ"

"කුමරුගේ රාජාභිෂේකය කුමරියක් තෝරන තරඟේ අදනේ.. අපි ඒකට යන්න ඕනා."

" මං කැමති නැහැ"

"ඒ උනාට මේ ඇඳුමත් ඇඳගෙන යන්න ඕනා. මං හැදුවෙ ඒ තරඟෙටමයි." මාශට රන් අශ්වයගෙන් බේරෙන්න බැරි වුනා.

අකමැත්තෙන් වුනත් මාශා ගවුමත් ඇඳගෙන ආවා තරඟෙට ඉදිරිපත් වෙන්න.

"මාශා, මං කවදාවත් නොකියපු කතාවක් කියන්නද,"

මාශා පුදුම වෙලා බලන් හිටියා රන් අශ්වයා කියන්නේ මොනවද කියලා..

"ඇත්තටම මාශා, මං හැදුනේ ඔයාගේ පියතුමාගේ ගොවිපොලේ, මං ඉපදෙද්දි මගේ අම්මා මියගියේ ගොඩක් රුධිර වහනය නිසා. මට ඔබගේ පියා බොන්න දුන්නේ හොඳ එලකිරි. මාව ආදරෙන් බලා ගත්තා.. ඔබගේ පියා මියයද්දි කිව්වා, මට ඔබව බලා ගන්න කියලා. මොකද, හැමෝගෙන්ම ලස්සනම හදවත තියෙන්නෙ මාශට නිසා, එයා ඔයාට තමයි හුඟක් ආදරේ කලේ, ඒ වගේම ඔයා නිර්භීතකටත් මාශගේ තාත්තා ආදරේ කලා..   ඉතින් ඔයාගේ ජීවිතය අලුතින් ලියැවෙන දවස තමයි අද.. " අශ්වයා එහෙම කියාගෙන ගියා.
මාශට පුදුමයි මේ කතාව..

"දැන් හිතන්න වෙලා නැහැ මාශා නගින්න මගේ පිට උඩට"

එහෙම කිව්ව අශ්වයගෙ පිටට මාශා නැග්ගා... සුළඟ වගේ වේගයෙන් අශ්වයා මාලිගාවට දිව්වා.. මාශට නම් කරකැවිල්ල වගේ, ඒත් ඒක කියන්නවත් වෙලා උනේ නෑ.. අශ්වයා හරි තැනට ඇවිත්. හුඟක් කුමරිකාවන් ඇවිත් හිටියේ අශ්ව කරත්ත වල. සමහර ලස්සන කරත්ත වල අශ්වයන් හතර දෙනා බැගින් හෝ  දෙදෙනා බැගින් හිටියා.. ඒවා  ඇතුලේ උන්නු කුමාරිකාවන් එලියට බැස්සේ නැහැ.. ඔවුන් ඉතා ලස්සන ඇතිය  යන්න මාශා හිතුවා.. මේ තරඟෙට මුලින්ම කුමාරිකාවන් තෝරන්නේ රජ කුමරුගේ අමාත්‍යවරුන්.. සුදුසුකම් ඇති නම් විතරයි කුමරු ළඟට යවන්නේ. නමුත් මේ සියල්ලම කුමරු බලාගෙන හිටියා මාලිගාවේ සඳලු තලයේ ඉඳන්. විකාර රූපිව ඇඳ ගෙන හිටපු සමහර ගැහැණු ළමුන් දැක්කම කුමරුට සිනහා නැගුනා. තමන් සොයන ආකාරයේ කුමරියක් දැක ගන්නට හමුවේ යැයි සිතමින් කුමරු දිගු වෙලාවක් බලා සිටියා.

ඇත්තටම කිසිම ගැහැණු ළමයකු තමන්ගේ කුමරුව හොයාගෙන අසුපිටින් කිසිම කතාවකවත් පැමිණිලා තිබ්බේ නැහැ. ඒත් මාශා ආවේ රන් පාට අසෙකු පිට තමන්ගේ කුමරුව හොයාගෙන. කුමරු මේ දර්ශනයෙන් උමතු වුනා. එවැනි නිර්භීත කුමරියක්ය තමාට අවශ්‍ය කියලා කුමරු තමාටම කියා ගත්තා.

ඉතින් සඳලු තලයෙන් බැහැලා කුමරු ආවේ මාශා ළඟට.. ප්‍රධාන දොරටුව වෙත එන කුමරුව දැකපු කුමරියන් උමතු වුනා, මොකද කුමරු ආවේ හැමෝම සමඟ හිනා වෙමින් හරිම නිහතමානීව, ඒත් සමහර කුමරියන් අඟර දඟර පානවා.. ඒත් මාශා හිටියෙ තවමත් රන් අශ්වයගේ පිට උඩ. තමන් කුමක් කරන්නද කියලා මාශා දැන සිටියේ නැහැ.

කුමරු ඇවිත් මාශගේ දෙසට අත දික් කරා.. අශ්වයගේ පිට උඩින් බහින්න.. මාශා ඒ මොහොතෙයි කුමරුව පලමු වතාවට දැක්කේ.. ඇත්තටම කුමරු ලස්සනයි. මාශටත් එහෙම හිතුනා.. මාශත් ගැහැණු ළමයෙක්නේ. එහෙම දෙයක් හිතෙන එක පුදුමයක් නෙවෙයි..

"උමතුවෙන් වගේ බලන් ඉන් නැතුව මගේ පිටින් බහින්න මාශා" ඇහෙන නොඇසෙන ගානට රන් අශ්වයා කිව්වේ නැත්තම් තවමත් මාශා අශ්වයා ගේ පිට උඩ. මාශා කුමරුගේ අත අල්ල බිමට බැස්සා. හැමෝම දැන ගත්තා මාශා තමයි වාසනාවන්ත කුමරිය කියලා..

ඉතින් කුමරුගේ හිත ගත්ත මාශා ඒ රාජ්‍යයේ රජ කුමරිය වෙලා සතුටින් ජීවත් වුනා... ඒ වගේම රන් අශ්වයත් මාශා ළඟ හැමදාම හිටියා..

පුරහඳ

බොහෝ පිහි ඇනුම් පහරවල්,
ඇනී ඇනී දුක් සුළි වරා..
රුහිරයෙන් තෙත් නොවූවත් සඳ,
ආවාට විය දුක වරා...
නුමුත් කිසිදා නොපැරදි දෙන,
මහත් ආලෝකය දරා..
හෙටත් සඳ ඇති පුරහඳක් වී,
ලොවට ප්‍රේමය කියවනා...



=================================

ලියැවෙන්නේ නැති කතන්දර ගැන දුකය.. බාගෙට ලියැවුන කතන්දර ගැන ඊටත් දුකය... පුංචි කවියකින් සිත සනස ගැනීම පහසු නුවූවත් එයට ඇබ්බැහි වෙන්නටම සිතේ, ඒත් කවියෙක් නොවෙමි මම්... 😢😢


"නුඹ සුළං රැල්ලක්ව" පොත එලි දැක්වීම



කවියන් හතු පිපෙන්නා වගේ යැයි කෙනෙක්ට කිව හැක. එහෙත්, වචනයේ අර්ථයෙන්ම කවියො වීම හැමෝටම කල නොහැකිය.. මන්ද කවියක් කියන්නේ වචන ගොඩක් එක්ක රිද්මයක් නෙවෙයි, ඇත්තටම කවියක් කියන්නේ හැඟීම් එක්ක එක් වුන හද ගැස්මකට.. කියවන්නන්ව ප්‍රහර්ෂයකට හෝ දොම්නසකට රැගෙන යන්න අන්න එහෙමත් කවියොන්ටයි හැකි වෙන්නේ... නිශාන්ත ෆර්නෑන්ඩුත් එහෙම කෙනෙක් ....

ඒ වගේම විශේෂයෙන්ම ආදරය කියන්න සුන්දර හැඟීම  ගැන විඳින්න පුලුවන් කවි ලියන්න දක්ෂයෙක් ගැන ඇහුවොත් නිශාන්ත ෆර්නෑන්ඩු කවියව නැත්තම් "නිශ්" ව අමතක කරන්න බැහැ....

එයාගේ පලවෙනි කවි පොත නුඹ සුළං රැල්ලක්ව පොත මේ 17 සෙනසුරාදා හවස 3ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරෙනවා... මේ ආරාධනය එයට...

සුභ පැතුම් අයියේ....


සුපෙම්වත,,,

සුපෙම්වත,
ප්‍රේමයට නිමිති නැත.
නුඹම නිමිත්තකි මට,
ප්‍රේමය පූදීන්නටම....

හේතුවක් නොමැතිව වුව
නුඹ මහද ගිලී යාමම
ප්‍රේමය යැයි විඳිමි.

නියතතාවක් නොමැති ලොව
ඔබව හිමිවීමක් නැත.
නුමුත් මොහොතකට හමු වීමද
විඳීමකි.
නැවත අහිමි වීම විඳවීමක් දැනම
මම විඳිමි.
අහිමි නුඹගේ මගේ ප්‍රේමය...

සියලු නිශ්ඵල කාරණා අබියස,
මේ ප්‍රේමයම ඇතිය.
වර නොගනන තරම් වුව
පෙම් කරන විඳවිල්ල,ප්‍රේමයෙනි
හදවතේ හරියටම මැද,
නිදන් ගතව ඇත..
විටෙක සක්‍රීය වන...
ඉතින් තවම මම ප්‍රේමයෙනි ....

නොරිදවන


ලිඛිතා ලියු කවියක් මගේ හිත රැයක් පුරා පහුරු ගෑවෙන්, ලියා දැම්මෙමි....



රිදවන දනන් මැද
දුවෙකුට නොරිදවන
එකම පිරිමි ලය
හිමි පියෙකුටම පමණ
රුහිර කිර නොවුනට
හිත ලෙයෙන් මිරිකෙන
ගල් බොරලු වැදී වැදී
කැලල් වුන හදකි ඉතිරිව

නොකීවට ආදරේ බැව්,
නොකියාම මහ සයුර පරදන,
ආදරේ පුද දුන්න මහ විසල්
හද පත්ල හිමි එකඳු පිරිමි හිත
ඈත හිඳ බලන් හිඳ
හදවතින් තුරුලු කර නලල සිඹ
පුදන මහමෙරක් ආදරය
පියෙකුගෙම පමණිය.


විසංයෝජන

"මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද... ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්... ඩොමෙස්ටික් ව‍යල්න්ස් ගැන තකහනියක්ම අවලාද කිය...