නොරිදවන


ලිඛිතා ලියු කවියක් මගේ හිත රැයක් පුරා පහුරු ගෑවෙන්, ලියා දැම්මෙමි....



රිදවන දනන් මැද
දුවෙකුට නොරිදවන
එකම පිරිමි ලය
හිමි පියෙකුටම පමණ
රුහිර කිර නොවුනට
හිත ලෙයෙන් මිරිකෙන
ගල් බොරලු වැදී වැදී
කැලල් වුන හදකි ඉතිරිව

නොකීවට ආදරේ බැව්,
නොකියාම මහ සයුර පරදන,
ආදරේ පුද දුන්න මහ විසල්
හද පත්ල හිමි එකඳු පිරිමි හිත
ඈත හිඳ බලන් හිඳ
හදවතින් තුරුලු කර නලල සිඹ
පුදන මහමෙරක් ආදරය
පියෙකුගෙම පමණිය.


Comments

  1. Replies
    1. හා හා .... ස්තූතියි හොඳේ

      Delete
  2. බොහොම ස්තුතියි 'දුවේ'.. ලිඛිතා ගේ කවිය වගේම හිත හිරි වැට්ටුවා.. :)

    ReplyDelete
    Replies
    1. මං ඔබතුමට මොකක් කියලා කතා කරන්න ඕනද කියලා දන් නෑ.. ඒත් මං හිතනවා මං තරම් වයස ළමයි නැතුව ඇති කියලා... මට හිතෙන්නේ නම් තාත්තාලා නිහඬ ආදරවන්තයෝ වෙන්නේ නැතුව තමන්ගේ දූට ඒ ආදරය පෙන්නන්න ඕනා.. මොකද තාත්තගේ ආදරේ තේරුම් ගන්නකොට සමහරවිට දූ පරක්කු වැඩි වෙන්න පුළුවන්...

      Delete
    2. 'දුවේ' කියුවේ සංකේතාත්මකව.. මගේ ලොකු එකීත් තාම පොඩියි.. :)

      Delete
  3. ඇත්තටම දුවෙකුට තාත්තෙක් තරම් වෙන කවුද....මේක හරි අපූරුයි අරූ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් අක්කේ....
      කොහොම උනත් මට තාත්තා ගැන දැනෙන්න ගත්තේ හුඟක් ළඟදි ඉඳලා... පොඩිම කාලේ මාව හුරතල් කලාට ආදරේ කරාට පස්සේ, වයසත් එක්ක තාත්තව මට මඟ හැරුනා වගේ උනා.. ඒත් අනේ මන්දා ඒක නම්... කොහොම උනත්, මං පිලිගන්න එකම දේ තමයි මේ ලෝකේ පිරිමින්ගෙන් තමාව නොරිදවන එකම පිරිමියා තමන්ගේ තාත්තා කියලා.. ( සමහර වෙලාවට එහෙම නැති ඒවත් අපිට අහන්න ලැබෙනවා..) ඒත් අනික් පිරිමි කවදාවත් එහෙම නෑ... ඒ නිසා දුවෙක් තාත්තට හුඟක් ආදරේ කරන්න ගන්නේ අන්න ඒක දැනුනට පස්සේ... ඒක හුඟක් වයසට යෑම එක්ක එන ආදරයක්... සමාජය තේරුම් ගැනීමත් එක්ක....

      Delete
  4. අහිමි වුණ ඒ පෙම තරම්
    හාර හාරා රිදුම් දෙන
    අහිමි උණුසුම
    සොය සොයා වැලපෙන
    හීනයෙන් ඇවිත්
    හිස පිරිමදින
    අන් පෙමක් කොතැනක වෙද
    මියැදුණත් පණ ගැහෙන......

    ලස්සනම ලස්සනයි අරූ.....

    ReplyDelete
    Replies
    1. Oo... sry සඳ ... කවිය ලස්සනයි.... ඒත් ඒ හැඟීම ගැන දුකයි...

      Delete
  5. නියමයි

    දුවෙකුගේ පියෙක්

    ReplyDelete

  6. හරිම ලස්සණයි ,අරූ .

    ReplyDelete
  7. මට දුවෙක් නැතත්...බොක්කට වැදුනා

    ReplyDelete
    Replies
    1. දුවක් ඕනා මට නම් හිතෙන්නේ හරියට පියෙක් වෙන්න... ඒ වගකීම දැනෙන්න.... ස්තූතියි ඔබට...

      Delete
  8. හරිම ලස්සනයි!!!

    ReplyDelete

Post a Comment

Popular Posts