සිනහවක් දීගෙන ලෝකයට
පාඩුවේ ඉන්න බව පෙන්වාම
සුගන්ධය විදා මත් කරන එකයි වරද
පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව
උන් උනුන් පියඹන්නෙ සනුහරේ එක්ක.
මල් ඉඳන් උන්ගේ පාරෙම ඉඟි කරන එක හොඳද.
හැමදාම බැන්නේ මල් වලට බව ඇත්ත.
ඉතින් මල් මැදින් පාඩුවේ යන බඹරුත් වැරදිද.
මල් වුණත් පිපෙන්නෙම රොන් දෙන්න බඹරුන්ට.
බඹරු වුව සැලෙන්නේ රොන් නිසා මලක.
මේ දම ලොව අමුත්තක් නොවන බව.
නොතේරුනෙ කිම තවම ලෝකයේ උගතුන්ට.