යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

සතුරු වෙසින් රට හාවෝ පැන යද්දී
පතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දී
පදම් කල යකඩ මෙන් හරි බර වෙද්දී
සිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.

කළුවර රෑට දුම් දමනා ලයිට් කණු
සෙවනක් වෙන්න උසට උසේ සිට ගත්තු
හවහක ඇවිත් ඉස ඉඹ අතගා බලනු
රත් වුණ යකඩ මෙන් ලෝ බොර සේ පුළිගු.

සතා වෙසින් නොව දෙවියන් සේ වෙසෙසින්
රෑට රෑට මඟ මරුවෝ රඟ පාමින්
අත ගුලි කරන් මිට මොලවන මොණර කොලෙන්
හෙට මගෙ දරුවන්ට කුස පිරෙනවා එපින් බෙලෙන්..

තුඃ ගාමින් මා දුටු  ඒ මඟමරුවන් .
අසුබ ලකුණ  මා වුණ කර්මය වැනසෙන්.
බෝසත් ලෙසින් සුදු පිරුවට ඇඳ පැලදන්.
යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

අරු 


බැලුම්

අහසේ හිරු සයුරුතෙර හොයන් යන ගමන හුන්නේ.. තව ස්වල්ප වෙලාවයි තිබුණේ හිරු සයුරේ ගිලෙන්න.. ඇසල සඳ මෝදු වෙමින් රාත්‍රිය උදවනු ඇත. විහ...