අනුකම්පාව නොවේ
මං උපැස් යුවල ගැලෙව්වා. ආයේ කියවන්න ඕනා ලිව්ව පරිච්ඡේදයම. මං ලිව්වට පස්සේ එක පාර කියවන් නැත්තේ වැරදි අහුනොවෙන නිසා.. ඒ නිසා පස්සෙ කියවන්න ඕන කියලා හිතුවා.. ජනේලෙන් එලිය චුරු චුරුව.. මං ආසයි මේ සීතලට.. ඒ ශබ්දෙට... ඒ සසලතාවයට.. "මනු ආ...!" දේවී උණුසුම් කෝපි කෝප්පයක් මේසේ උඩින් තිබ්බා. මේ පස් වෙනි කෝප්පය වෙන්න ඕනා, සවස ඉඳන්. මං ඇය දිහා බැලුවා හිනා වී ගෙන. ඇය හිටියේ මට පිටුපස හරවගෙන.දිග කෙහෙරැලි පිට දිගේ පහලට වැටිලා තිබුනා. ඇත්තටම ඒ දිග කෙහෙරැලි ඇගේ රෑ ඇඳුමටත් වඩා දිගට තිබුනේ. ඈ ජනේලෙන් අත දාලා වැහි වතුර ඇල්ලුවා.. අත්ලට පිරෙන වතුර උඩට විසි කලා.. මට ඕන උනා මේ සීතලේ ඇයව තුරුලට අරන් ආදරේ කරන්න.. ඒත් අපේ දුරස්ථභාවය මගේ අදහස ඈතටම ඇද්දා. "ඇය ඇත්තටම මට ආදරේද...." මිනිහෙක් කැමති නැහැ ප්‍රතික්ෂේප වෙන්න. මිනිහෙක් කැමති නැහැ ඊටත් පසුතැවිලි වෙන්න.. මං දැන් ඇයට ආදරේ කරන්න අරන්. අපි විවාහ වුනේ යෝජනාවකින්, මං වගේම ඇයගෙත් කැමත්තක් තිබුනා කියලා මං හිතන් නෑ මේ විවාහයට. අම්මා අප්පච්චි දෙන්නගෙම කියවිල්ල අඬවැඩියාවක් වෙද්දී, මට මගේ ප්‍රේමය සදහටම නැති වෙලා ජීවිතෙත් නැති වෙන්