සමු නොගනිමි

සමුගන්න නොකියමි.
සමු අරන් යන
සාහසික හැන්දෑවේ
නුඹ තවමත් මා ළඟයි හැඟේ.

නොනිදා කඳුලු වැසි වැස්ස යම
තුරුළුව ගෙව්ව නිහඬ රාත්‍රීන්
ගොළුව බිහිරිව හුස්ම ගත් වරු
ගත කළේ මම නුඹේ හුස්ම යට

රිදෙන, වේදනාත්මක ප්‍රතිකාර
පිලිස්සෙන ඖෂධ, නොනවතින ඒ ගමන
ප්‍රාණය සහිතව මැරුව හැඟුමන්
නැවතුනි ඔබ අද, ඒත් මම මෙතන

මේ සාහසික දනව්වේ, විඳිමින් රිඳුමන්
හැකි මට, වෙන මුකුත් නොව
මතක මත ගුලිව නිද්‍රාශීලීව
මේ හුස්ම යනකම් පවතින්න.

Comments