ශුන්‍ය සැලසුම්
ගිම් නිවා වූ වසන්තෙක
ලූලකු නැති වී
අදිසි සැලැස්මක හූයක එල්ලී
කනයකු පණ්ඩිත වී ඇති අරුමෙක
සියල්ල පසෙකලා
පුස් වීරයකු මවා පාමින්
සියලු සහචරයෝ
වහලුන් කර ගනිමින්
මේ මැවෙන නාටකයෙන්
සහචර ප්‍රජාව ඉක්මවූ ගිය පසු
කනයා, දුර්දර ආසාව පසෙකලා
වහල්කම පිළි නොගත මුත්..
ගිනි පුපුරන නිමේෂය... එය,
ශුන්‍ය සැලසුම සමඟ
එකම එක රාත්‍රියක් පසු කරන්නට බැරිව
ඉබාගාතේ යන කනයා,
සපථ වී ඇතිය, මෝඩයකු වග


Comments
Post a Comment