පිපුණු වසන්තයට


කොඳුරනා ඇස් නවන බැල්මකි.
කියවනා සිත් කවන රිදුමකි.
නොහඬනා නෙත් තෙමන බිරුමකි.
නොපවසා නුඹ දුරැර ගමනකි.

කුරුල් නද ගී විසිර යන්නට.
පීදෙනම මල් පිපෙන්නට දෙන.
සිහිල් ගිම් නැති සෞම්‍යය වන.
වසන්තය දැන් පිපිගෙන ඇත.

සීතලම රැය පහන් කල මැන.
දාහයම නුඹ සුන් කරනු මැන.
ප්‍රේමයෙන් සිත මත් කරනු මැන.
භාවනාවම නුඹම වෙනු මැන.

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...