මට උගන්නන්න,
එකම එක පාරක්..
ඔයා වගේ,
වෙරී නොවී,
කවි ලියන්න...
හීන කවි කර,
දුකම දිය කර...
ඔබ ලියන විදියටම
රිදෙන්න...
නමුත් ප්‍රේමය රස කර,
වෙරි වුනත් රිදෙන මට,
වෙරී නොවී නොරිදෙන්න..
නමුත් ඔබව රිද්දන්න...
එකම එක පාරක් ආදරෙන් කියා දෙන්න...
කවි ලියන හැටි