කඳුලක්...
සීත හිරිපොද වැටෙන විට රැයෙ
ඔබේ ළය මැද ගුලි වෙමි.
හීන් දාදිය හෙලෙන මොහොතක
ඔබේ උණුහුම විඳ ගමි.
හීතලම වුන ඒ සිහින දැන්
අයිස් වී ඇත හිමියනි.
ඔබ ඇගේ ළඟ සැපට තුරුලුව
නිදියනා බව දන්නෙමි.
නියත විවරණ යලි නොදෙන්නෙමි
නුඹේ ළඟ තවමත් ඇති.
මගේ හිත ගෙන ඔබ ගිහිපු දුර
හුඟ වැඩි මගෙ හිමියනි.
මගේ කිව්වත් මගේ නොවනා
ඔබ කඳුල වී ගිනි ගනී.
ඔබ ඇගේ ළඟ සැපට තුරුලුව
නිදියනා බව දන්නෙමි.
ම්ම්.. ලස්සන නිර්මාණයක්. අරූගේ මෝස්තරෙන් වෙනස්වුනු කවියක් වගෙ. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
සමාවෙන්න ඔබේ කොමෙන්ටුව පෝස්ට් කරන්න පරක්කු වුනාට,,
Deleteස්තූතියි ,,, වෙනසක් දැනුනා මටත් මං ලියන ඒවට වඩා දුමී මේ කවියේ...
හ්ම්ම්ම්
ReplyDeleteම්ම්ම්ම්.... 😊😊😊
Deleteදුක හිතෙනව
ReplyDeleteදුක් වෙන්න එපෝ...
Deleteහරිම අගෙයි ... දිගටම ලියන්න
ReplyDeleteහැමදාම ස්තූතියි
Deleteදුක හිතෙන ලස්සන කවියක්.
ReplyDeleteස්තූතියි ඉරෝ... මේ පැත්තට ආවට ආයෙත්ම.
Delete