බැඳීම


මම කළුයි. එයා සුදුයි. එතකොට ඔයාලට හිතෙනවා ඇත්තේ මමයි කොල්ලා කියලා. නෑ මං තමයි කෙල්ල. එතකොට හැම කතාවකම වගේ මෙතන කෙල්ල සුදු නොවුනේ කියන ප්‍රශ්නය මතු වෙනවා. මං පිලිතුරු හොයන්න උත්සහ කලේ නෑ තාම මොකද ඊට වඩා පිලිතුරු හොයන්න දේවල් මට තිවුනා. ඒ වගේම මේකත් ප්‍රේම කථාවක්ද කියන්න මං තවම දන්නෙත් නෑ. අපි දෙන්නගේ අතරේ ප්‍රේමයක් තිබුනද නැද්ද කියන්නත් මට ප්‍රශ්නයක්. ඊටත් වඩා සුදු කෙල්ලන්ට විතරද ප්‍රේමය කැප කියලත් හිතේවී මේ කතාව කියව්වට පස්සෙ.. ඒත් එක මොන මුසාවක්ද.
එයාව මුලින්ම හම්බුනේ පන්සලේදී, පහන් පින්කමක් දවසේ මං පහන දල්වනකොට, ඒ අසලම පහන එයා දැල්වුවා. මං එයාගේ මුහුන දිහා බැලුවා, ඒත් එයා හිනා වුනාද කියන්න මට හොයා ගන්න බැරි වුනා.එතකොටම මගේ අත පිච්චුනා,දැල්වුන ආලෝකයෙන් රන් පාටින් දිදුලන එයාගේ මුහුනෙන් මගේ නෙත් ඇදලා ගන්න මට සිදු වුනා. එදා අපිට කථා කරන්න වුනේ නැහැ.
ඊටත් අවුරුදු 2කට පස්සේ එයාව නැවත මුණ ගැහුනේ කෝපි හලකදී.
ඒ දවස් වල හැමදාම වැස්ස.මං නීතී පීඨේ ඉන්න කොට මං පුරුදු වෙලා හිටියා කෝපි බොන්න එකම අවන්හලකට යන්න..
ඒ අවන්හලේ වේදිකාවක් වගේ කොටසක් තිබුනා එලිමහනට විවෘත වුනු කොටසක් තිබුනා. එතන ඉදන් පාර පේනවා. වාහන යනවා, මිනිස්සුන්ගේ ජිවිත දිහා බලන් මං මගේ ජිවීතේ වින්දා. සමහර වෙලාවට මං මගේ සටහන් සම්පුර්ණ කලේ එතන ඉදන්. මොහොතකින් මගේ ඉදිරිපිට හිටියේ ඔහු, එදත් ඔහු මා එක්ක හිනාඋනාද නැද්ද යන්න ප්‍රේහෙලිකාවක්. මුව ගොලු වෙලා ඇස් පිය නොගහ අපි බලන් හිටියා. මටත් හිනා වෙන්න අමතක උනා ඇති. එයා එකපාර මං ළඟ තිබුනු පුටුවෙන් වාඩි උනා.

"ඔයා මංකොල්ලකාරයෙක්ද?"
මමයි මුලින්ම හඬ නැගුවේ.
ඒ ආරම්භය හොද නැතුව ඇති.ඒත් අවාසනාවකට එහෙම තමයි ආරම්භය සනිටුහන් උනේ.

"මොකක්?" එයා හිටියේ හොල්මනකට බය වෙලා වගේ.
මම මිනිත්තු කිහිපයකින් එතනින් ඉවත් වෙලා ගියේ බෝඩිමට යන්න..

පාර මාරු වෙන තැන යාචකයෙක් දරුවෙකුත් වඩාගෙන.. වෙලාව දෙකත් පහුයි.
මගේ අතේ තිබුන බත් පත තියනවා කියලා මතක් වුනේ ඒ වෙලාවේ. දවල්ට කන්න වුන් නැහැ දේශනයක් තිබුන නිසා. පුරුද්දට දේශනය අවසන් උන වහාම මං කෝපි හලටයි ආවේ.
මං බත් පත ඇය අත තැබුවා.

ඇගේ මුහුනේ හිනාවක් ඇදුනා. ළදරුවා අපිරිසිදුකමින් මිරිකිලා.
අව් කාශ්ටකේ බස් නැවතුමට යද්දී යන්තමින් වගේ ඇහුනේ අම්මගේ වදන්, "පිරිමි ළමයෙක් වගේ. කුඩයක්වත් ගෙනියන් නෑ"
මදහසක් නැගුනා ඒ එකකම..

"පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද?" පිටුපසින් ඔහු පැමිණිලා.
හීන යාය විසුරුවලා දැම්මේ ඒ හඬ...
"පුළුවන් හොඳට" එහෙම මම පැවසුවෙ ඔච්චමටත් එක්ක..

"මම අනිශ්ග, ඔයාගේ නොට්ස් ටික ගන්න පුලුවන්ද, පහුගිය ලෙක්චර්ස් ටික මග හැරුනා"
එහෙම තමා බැඳීම ඇරඹුනේ. මං මින් පෙර නීතී පිඨයේදී නොදුටුවට ඔහුත් මගෙම වසරෙයි ඉගෙනුම ලැබුයෙ..

එදා ඉදන් හැමදාම අවුරුදු හතරක් පුරා, කොල්ස්, මැසේජ්, ෆේස්බුක්, ස්කයිප්...
හැමදේම අඩුවක් නැතුව තිබුනා..

අපි නිවාඩුවට කලේ මුහුදු වෙරලට ගිහින් රැලි දිහා බලන් උන්නු එක විතරයි.
-නිහඬතාවය...

මම ආස උනා වේදිකා නාට්‍ය බලන්න. ඒක දැන ගත්තම එයා මාව එක්ක ගියා..
මගේ කලුවර දිවියේ, ආලෝකයෙන් ඔප වැටෙන්න පටන් අරන් තිබුනේ..
සමහර දවස් වලට වරු ගණන් අපි එකට පාඩම් කලා. නීති පීඨයේ අපිව දකින හැමෝම හිතුවා ඇත්තෙ, අපි පෙම්වතුන් කියලා. ඒත් එකම එක දවසක් එයාගේ දකුනු අතක ස්පර්ශයක් ඇරෙන්න. එයාගේ උනුහුම මං විදලා තිබුනෙත් නෑ. ප්‍රේම කතාවක් ඇති වුනෙත් නැහැ..

දවසක් මං එයාගේ සටහන් පොත බැලුවා.
"අලේෂා ඔයා දිහා බලන් ඉන්න හැම තිස්සෙම මගේ ප්‍රශ්න මට අමතක වෙනවා. සතුටක් දැනෙනවා ජිවිතේ.. ජිවිතේ විදින්න උගැන්නුවේ ඔයයි මට. ඔයා දිහා බලා ඉද්දි මම.. ඔයාගේ තොල් වල අමුතුම කතාවක් තියනවා. ඒක එක තත්පරේකට හරි මග ඇරෙයි කියලා... ඇස් පිය ගැහෙන් නෑ...
ඇස් වල කතාවක් තියනවා. එක කවදාවත් කියලා ඉවර කරන්න බැරි දෙයක් වගේ.. ඒත් ඔයා දිහා බලා ඉද්දී මගේ හිත නිසසල වෙනවා.." 

අවුරුදු 4ක් ගෙවුනට පස්සේ එයා මගෙන් අහුවා ඔයාට පෙම්වතෙක් නැද්ද කියලා..
හිත ඉපිල්ලුනා, ඉගිල්ලුනා. මගේ පෙම්වතා ඔයා කියන්න..
ඒත් එක මොන තරම් රැවටීමක්ද, අවුරුදු 4ක් ඔහු එක්කම ඉදලා, හදවතින් හුඟක් ළං වීමකින් ජිවීතේ අවුරුදු 4 ක්ම ගත කරලා, ඔහුම අහනවා පෙම්වතෙක් නැද්ද කියලා. කොයි තරම් අතාත්විකද?
මං කියලා මොනවා කියන්නද, ඔබනේ මගේ ආදරය කියන්නද?

"මං ලබන මාසේ විවාහ වෙනවා"
ඔහු කිව්වේ එහෙම."කාවද?"මගේ සිතයි ප්‍රශ්න කලේ. ඒත් ඒවා වාතලයට මුසු වුනේ නෑ.

ඒත් ප්‍රශ්නය එයා ගත්තා. සමහරවිට මගේ මුහුනේ හැඩතල ඔහුගෙන් එය විමසන්නැති.
"මගේ අවැස්ස නෑනා" ඔහු කිව්වේ එහෙම.

අකුණු ගැහුවා විදුලි කෙටුවා.. අහස නෙවේ. මගේ හිත.
මොනවා කියන්නද මං.

"හොර කොල්ලා, කිව්වෙත් නෑ. මෙච්චර දවසක්"මං කිව්වේ එහෙම..
"මගේ සුභ පැතුම්..." මං සුභ පැතුවේ අවංකවද කියන්න මං දැනන් හිටියේ නෑ.
අවුරුදු 4ක් එකට ඉදලා, ආදරය කරලා ඒ වගේ දෙයක් දැන ගත්තම හිත කරන කුණාටුව කවුරු හැඳින ගන්නද?
කෙලෙස පහදන්නද,

එහෙමයි අපේ කතාව අවසන් වුනේ.
එයා මට වෙඩින් එකට ආරාධනා කලෙත් නෑ.
ආයේ අපි හමු වෙන්න සංසාරේ ඉඩ තිබ්බෙත් නෑ.
ඒත් අදටත් මං මගේ හිතෙන් අහන ප්‍රශ්නයක් තමා එයා කවුද මගේ?. ඒ තරම් ළං වීමකට කියන්නෙ ආදරේ කියලා නෙවෙයිද? මට ආදරේ කලේ නැද්ද? 

උදුම්බරාගේ පසු වදන..


උදුම්බරාගේ පසු වදන

කටු ඉපල් ගසා ගිය මහිමි සඳ..
මා නැගි හුන් කල දිඹුල් ගස මත.
මගේ සා ගිනි නිවාලන්නට එදවසැ, එනුවර..

ශ්‍රී යහන මත නැගෙන කල
මානවකයා බිමට බැස හොත්තේය..
කුහුල විය එදවසැ මගේ හද මැදුරු..

තක්සලාවේ විගද්ධ අතවැසි..
මාපිය සිත් ගත්,
මතක ගඟුලට වැඩම විය..

රාජ දේපල විලස නම් කොට.
රැගෙන යන කල රජ මැදුරු වෙත.
නොසිතුවෙමි අග මෙහෙසිය වන බැව්..

පිංගුත්තර නොවෙයි නුඹ..
නිර්මල ආදර සංකේතය නොවෙද,
මේ සා සැප විපුල් මා හට පුදා දුක් ගැහැට විදි..

පිංතූරය උපුටා ගත්තේ, https://goo.gl/images/4fP4v1



මෙය උම්මග්ග ජාතකයේ අනු කතාවක් වන සිරිකාලකණ්ණි ප්‍රශ්නය ඇසුරෙන් ලියුවකි.
නිදාන කතාව කෙටියෙන් මෙසේය..

පිංගුත්තර නමින් සිසුවෙක් මියුලු නුවර ඉදන් දිසාපාමොක් ආචාරින් ළග සියළු උවැටැන් කරමින් හොදින් සිප් සතර ඉගෙන ගත්තලු.
ඉතින් ඒ කාලයේ චාරිත්‍රයක් තිබුනා තමන්ගේ හොඳම සිසුවට තමන්ගෙ දුවනි කෙනෙක් දෙනවායි කියලා.
ඉතින් පිංගුත්‍තර වන පොත් දුන්නාට පස්සේ. ඒ කියන්නෙ සියලු තමන් උගත් සිප් කට පාඩම් දුන්නට පස්සෙ තමන්ගේ රූමත් දුවක් වන උදුම්බරාව සරන පාවා ගන්න කිව්වලු.
සරන පාවා ගත් දවසේ රෑ දේවිය ඇඳට ආවලු පිංගුත්තර නිදා සිටින. ඉන් පස්සෙ මේ මොන කරදරයක්ද කියල පිංගුත්තර ඇදෙන් බැහැලා බිමට ගියාලු. දැන් උදුම්බරා දන්නෙත් නෑනෙ ඇයි කියලා. ඇයත් ඔහු සමග ගියාලු බිමට
අයේ ඔහු ඇදට නැග්ගලු
කොහොමහරි පව් කාරයට පින නෑ කියලා උදුම්බරා දේවිය ඇදේ නිදා ගත්තලු.

ඉන් පස්සේ පිංගුත්තර මියුලු නුවරට යන්න පිටත් වුනාලු.
උදුම්බරාත් තමන්ගේ ස්වාමියා එක්කලා යනවලු.
මියුලු නුවරට ගියාම අත්තික්කා ගසක් තියනවා දැකලා පිංගුත්තර අත්තික්කා කඩන්න ගහට නැග්ගලු.

උදුම්බරාටත් බඩගිනි නිසා අත්තික්ක ඉල්ලුවාම පිංගුත්තර කිව්වලු,
ඇයි තී හට අත් පා නැද්ද නැගලා කඩා ගන්න කියලා.
කොහොමහරි උදුම්බර ගහට නැග්ගට පස්සෙ පිංගුත්තර ගහ වටෙට කටු ඉපල් දාලා ඇයගෙන් බේරිලා ගියා.
උදුම්බරාට ගහෙන් බැහැ ගන්න බැරුව ගහේ ඉන්නකොට රාජ පුරුශයො දැකලා මියුලු නුවර රජු වන වේදේහ රජ තුමාට එ පවත් දන්වනවා.

අයිතිකරුවන් නැති වස්තුව රාජ සන්තකයි කියලා උදුම්බරා දේවියව රජු සරන පාවා ගන්නවා.

ඉතින් මේ කතාවෙන් කියන්නෙ පව්කාරයාට කිසිදා පින් කල තැනැත්තියක් නොලැබෙනවා කියලයි.
පසුව උදුම්බරා දේවි අග මෙහෙසිය වෙලා රාජ සැප භුක්ති විදිනවා.

උම්මග්ග ජාතකය ඇසුරෙන්.
----////----


ලැජ්ජාව



හීනියට දැකපු මදහසේ..
මෝදු වුන පැතුමන් දහසක්
දුටියෙමි... රැවටිල්ලක් තමයි..
ඒත් කවි ලිව් බැව් නම් සැබයි.

වැහිදාක කලුවරේ ගුලිවෙද්දී..
සීතලට උනුහුමක් සොයද්දී..
ඔබව මතකෙට අරන්
පෙම් හැගුම් මල් වල දැවටුනා තමයී..

රෑ ගගනතේ තරු එක්ක කතාවෙක.
රහසින්ම මා මැවු බොලද හීනෙක
ඔබ උන්නා තමයි.
ඒත් ... සැබැවින් ඔබ නැති බැව් හැගෙයි..

ඔබව සොයා නෙත් පිය සලන ඇසිල්ලෙක..
මංසලේ ඔබ උන්නේ ඇය එක්ක..
ලැජ්ජාව වසන් කර හිනැහුනා තමයි.
ඔබ හිනා නුවුනද සැකයී..

" ඔබේ නෙත් හරි තිව්‍රයි..
හරියට නිදිකුම්බා වගෙයි."
අරුත නොතේරුනා තමයී.
ඒත් ආදරේ නොවෙයි.

ලැජ්ජාව සගව ගන්නට
හැකිලුනා රහසේම..
නිදිකුම්බා විලසට..
ඒත් කටු නැති බැව් නම් සැබැයි.

නුඹ අයේ ආව මුත්
බය නැතුව මා ඇහැරුනෙන්..
ඒ හීනයෙන් මියෙදුනා මං.
ආයේ ආදරේ කරන් නෑ සත්තකයි..



අල්තීනායිගෙන් ගුරු ගීතයට තුතී...

හුදෙකලාවෙන් තැවෙන තණ පිටිය මත
දලු දමන පොප්ලර් තුරු සෙවනක
අකුරු ඇහිදින්න මග පෙන් වු..
ලෙනින් වදනට ගරු කරපු..
ගුරු වදනට ඉදුරාම සුදුස්සෙකු වූ....
දූයීශේන් ගුරුතුමනි,

තවමත් නුඹේ මනුසත් බැව්..
අයිලයේ කදු වැටි සිසාරා
රලු ගිම්හාන සුලග වුව මුමුනයි..

හුදෙකලා පොප්ලර් තුරු අතර රැදි
නුඹේ ඇහිපිල්ලමක් යට සැගව ගිය..
නුඹේ හදවත මුමුනපු සුන්දර හැගුම්
නපුරු ගිම්හාන කල සමග සටන් වැද පැරදුන බැව් දනිමි මම...
ගුරු පියානෙනි...

වස්සානයේ දොරටුව අබියසට
මා කැදවන් ගොසින්..
තනිව සැගව ගිය නුඹ..
හුල්ලමින් උන් මගේ හීන දළුලන්න වරම් දුන්නද...
තුතී පුද කරන්නට නොහී තැවෙමි අල්තානි තවම...

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...