බැඳීම


මම කළුයි. එයා සුදුයි. එතකොට ඔයාලට හිතෙනවා ඇත්තේ මමයි කොල්ලා කියලා. නෑ මං තමයි කෙල්ල. එතකොට හැම කතාවකම වගේ මෙතන කෙල්ල සුදු නොවුනේ කියන ප්‍රශ්නය මතු වෙනවා. මං පිලිතුරු හොයන්න උත්සහ කලේ නෑ තාම මොකද ඊට වඩා පිලිතුරු හොයන්න දේවල් මට තිවුනා. ඒ වගේම මේකත් ප්‍රේම කථාවක්ද කියන්න මං තවම දන්නෙත් නෑ. අපි දෙන්නගේ අතරේ ප්‍රේමයක් තිබුනද නැද්ද කියන්නත් මට ප්‍රශ්නයක්. ඊටත් වඩා සුදු කෙල්ලන්ට විතරද ප්‍රේමය කැප කියලත් හිතේවී මේ කතාව කියව්වට පස්සෙ.. ඒත් එක මොන මුසාවක්ද.
එයාව මුලින්ම හම්බුනේ පන්සලේදී, පහන් පින්කමක් දවසේ මං පහන දල්වනකොට, ඒ අසලම පහන එයා දැල්වුවා. මං එයාගේ මුහුන දිහා බැලුවා, ඒත් එයා හිනා වුනාද කියන්න මට හොයා ගන්න බැරි වුනා.එතකොටම මගේ අත පිච්චුනා,දැල්වුන ආලෝකයෙන් රන් පාටින් දිදුලන එයාගේ මුහුනෙන් මගේ නෙත් ඇදලා ගන්න මට සිදු වුනා. එදා අපිට කථා කරන්න වුනේ නැහැ.
ඊටත් අවුරුදු 2කට පස්සේ එයාව නැවත මුණ ගැහුනේ කෝපි හලකදී.
ඒ දවස් වල හැමදාම වැස්ස.මං නීතී පීඨේ ඉන්න කොට මං පුරුදු වෙලා හිටියා කෝපි බොන්න එකම අවන්හලකට යන්න..
ඒ අවන්හලේ වේදිකාවක් වගේ කොටසක් තිබුනා එලිමහනට විවෘත වුනු කොටසක් තිබුනා. එතන ඉදන් පාර පේනවා. වාහන යනවා, මිනිස්සුන්ගේ ජිවිත දිහා බලන් මං මගේ ජිවීතේ වින්දා. සමහර වෙලාවට මං මගේ සටහන් සම්පුර්ණ කලේ එතන ඉදන්. මොහොතකින් මගේ ඉදිරිපිට හිටියේ ඔහු, එදත් ඔහු මා එක්ක හිනාඋනාද නැද්ද යන්න ප්‍රේහෙලිකාවක්. මුව ගොලු වෙලා ඇස් පිය නොගහ අපි බලන් හිටියා. මටත් හිනා වෙන්න අමතක උනා ඇති. එයා එකපාර මං ළඟ තිබුනු පුටුවෙන් වාඩි උනා.

"ඔයා මංකොල්ලකාරයෙක්ද?"
මමයි මුලින්ම හඬ නැගුවේ.
ඒ ආරම්භය හොද නැතුව ඇති.ඒත් අවාසනාවකට එහෙම තමයි ආරම්භය සනිටුහන් උනේ.

"මොකක්?" එයා හිටියේ හොල්මනකට බය වෙලා වගේ.
මම මිනිත්තු කිහිපයකින් එතනින් ඉවත් වෙලා ගියේ බෝඩිමට යන්න..

පාර මාරු වෙන තැන යාචකයෙක් දරුවෙකුත් වඩාගෙන.. වෙලාව දෙකත් පහුයි.
මගේ අතේ තිබුන බත් පත තියනවා කියලා මතක් වුනේ ඒ වෙලාවේ. දවල්ට කන්න වුන් නැහැ දේශනයක් තිබුන නිසා. පුරුද්දට දේශනය අවසන් උන වහාම මං කෝපි හලටයි ආවේ.
මං බත් පත ඇය අත තැබුවා.

ඇගේ මුහුනේ හිනාවක් ඇදුනා. ළදරුවා අපිරිසිදුකමින් මිරිකිලා.
අව් කාශ්ටකේ බස් නැවතුමට යද්දී යන්තමින් වගේ ඇහුනේ අම්මගේ වදන්, "පිරිමි ළමයෙක් වගේ. කුඩයක්වත් ගෙනියන් නෑ"
මදහසක් නැගුනා ඒ එකකම..

"පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද?" පිටුපසින් ඔහු පැමිණිලා.
හීන යාය විසුරුවලා දැම්මේ ඒ හඬ...
"පුළුවන් හොඳට" එහෙම මම පැවසුවෙ ඔච්චමටත් එක්ක..

"මම අනිශ්ග, ඔයාගේ නොට්ස් ටික ගන්න පුලුවන්ද, පහුගිය ලෙක්චර්ස් ටික මග හැරුනා"
එහෙම තමා බැඳීම ඇරඹුනේ. මං මින් පෙර නීතී පිඨයේදී නොදුටුවට ඔහුත් මගෙම වසරෙයි ඉගෙනුම ලැබුයෙ..

එදා ඉදන් හැමදාම අවුරුදු හතරක් පුරා, කොල්ස්, මැසේජ්, ෆේස්බුක්, ස්කයිප්...
හැමදේම අඩුවක් නැතුව තිබුනා..

අපි නිවාඩුවට කලේ මුහුදු වෙරලට ගිහින් රැලි දිහා බලන් උන්නු එක විතරයි.
-නිහඬතාවය...

මම ආස උනා වේදිකා නාට්‍ය බලන්න. ඒක දැන ගත්තම එයා මාව එක්ක ගියා..
මගේ කලුවර දිවියේ, ආලෝකයෙන් ඔප වැටෙන්න පටන් අරන් තිබුනේ..
සමහර දවස් වලට වරු ගණන් අපි එකට පාඩම් කලා. නීති පීඨයේ අපිව දකින හැමෝම හිතුවා ඇත්තෙ, අපි පෙම්වතුන් කියලා. ඒත් එකම එක දවසක් එයාගේ දකුනු අතක ස්පර්ශයක් ඇරෙන්න. එයාගේ උනුහුම මං විදලා තිබුනෙත් නෑ. ප්‍රේම කතාවක් ඇති වුනෙත් නැහැ..

දවසක් මං එයාගේ සටහන් පොත බැලුවා.
"අලේෂා ඔයා දිහා බලන් ඉන්න හැම තිස්සෙම මගේ ප්‍රශ්න මට අමතක වෙනවා. සතුටක් දැනෙනවා ජිවිතේ.. ජිවිතේ විදින්න උගැන්නුවේ ඔයයි මට. ඔයා දිහා බලා ඉද්දි මම.. ඔයාගේ තොල් වල අමුතුම කතාවක් තියනවා. ඒක එක තත්පරේකට හරි මග ඇරෙයි කියලා... ඇස් පිය ගැහෙන් නෑ...
ඇස් වල කතාවක් තියනවා. එක කවදාවත් කියලා ඉවර කරන්න බැරි දෙයක් වගේ.. ඒත් ඔයා දිහා බලා ඉද්දී මගේ හිත නිසසල වෙනවා.." 

අවුරුදු 4ක් ගෙවුනට පස්සේ එයා මගෙන් අහුවා ඔයාට පෙම්වතෙක් නැද්ද කියලා..
හිත ඉපිල්ලුනා, ඉගිල්ලුනා. මගේ පෙම්වතා ඔයා කියන්න..
ඒත් එක මොන තරම් රැවටීමක්ද, අවුරුදු 4ක් ඔහු එක්කම ඉදලා, හදවතින් හුඟක් ළං වීමකින් ජිවීතේ අවුරුදු 4 ක්ම ගත කරලා, ඔහුම අහනවා පෙම්වතෙක් නැද්ද කියලා. කොයි තරම් අතාත්විකද?
මං කියලා මොනවා කියන්නද, ඔබනේ මගේ ආදරය කියන්නද?

"මං ලබන මාසේ විවාහ වෙනවා"
ඔහු කිව්වේ එහෙම."කාවද?"මගේ සිතයි ප්‍රශ්න කලේ. ඒත් ඒවා වාතලයට මුසු වුනේ නෑ.

ඒත් ප්‍රශ්නය එයා ගත්තා. සමහරවිට මගේ මුහුනේ හැඩතල ඔහුගෙන් එය විමසන්නැති.
"මගේ අවැස්ස නෑනා" ඔහු කිව්වේ එහෙම.

අකුණු ගැහුවා විදුලි කෙටුවා.. අහස නෙවේ. මගේ හිත.
මොනවා කියන්නද මං.

"හොර කොල්ලා, කිව්වෙත් නෑ. මෙච්චර දවසක්"මං කිව්වේ එහෙම..
"මගේ සුභ පැතුම්..." මං සුභ පැතුවේ අවංකවද කියන්න මං දැනන් හිටියේ නෑ.
අවුරුදු 4ක් එකට ඉදලා, ආදරය කරලා ඒ වගේ දෙයක් දැන ගත්තම හිත කරන කුණාටුව කවුරු හැඳින ගන්නද?
කෙලෙස පහදන්නද,

එහෙමයි අපේ කතාව අවසන් වුනේ.
එයා මට වෙඩින් එකට ආරාධනා කලෙත් නෑ.
ආයේ අපි හමු වෙන්න සංසාරේ ඉඩ තිබ්බෙත් නෑ.
ඒත් අදටත් මං මගේ හිතෙන් අහන ප්‍රශ්නයක් තමා එයා කවුද මගේ?. ඒ තරම් ළං වීමකට කියන්නෙ ආදරේ කියලා නෙවෙයිද? මට ආදරේ කලේ නැද්ද? 

Comments

  1. අර ෂාරුක් ඛාන්ගෙ පරණ ෆිල්ම් එකක් තියෙන්නෙ කුච් කුච් හෝතාහේ කියලා
    අන ඒක මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ^_^
      ඒක නම් මට මතක් වුනේවත් නෑ රෝමා

      Delete
  2. හෑ ඒක පාර්ශවිය ලව් එකක්

    ReplyDelete

Post a Comment

Popular Posts