උදුම්බරාගේ පසු වදන..


උදුම්බරාගේ පසු වදන

කටු ඉපල් ගසා ගිය මහිමි සඳ..
මා නැගි හුන් කල දිඹුල් ගස මත.
මගේ සා ගිනි නිවාලන්නට එදවසැ, එනුවර..

ශ්‍රී යහන මත නැගෙන කල
මානවකයා බිමට බැස හොත්තේය..
කුහුල විය එදවසැ මගේ හද මැදුරු..

තක්සලාවේ විගද්ධ අතවැසි..
මාපිය සිත් ගත්,
මතක ගඟුලට වැඩම විය..

රාජ දේපල විලස නම් කොට.
රැගෙන යන කල රජ මැදුරු වෙත.
නොසිතුවෙමි අග මෙහෙසිය වන බැව්..

පිංගුත්තර නොවෙයි නුඹ..
නිර්මල ආදර සංකේතය නොවෙද,
මේ සා සැප විපුල් මා හට පුදා දුක් ගැහැට විදි..

පිංතූරය උපුටා ගත්තේ, https://goo.gl/images/4fP4v1



මෙය උම්මග්ග ජාතකයේ අනු කතාවක් වන සිරිකාලකණ්ණි ප්‍රශ්නය ඇසුරෙන් ලියුවකි.
නිදාන කතාව කෙටියෙන් මෙසේය..

පිංගුත්තර නමින් සිසුවෙක් මියුලු නුවර ඉදන් දිසාපාමොක් ආචාරින් ළග සියළු උවැටැන් කරමින් හොදින් සිප් සතර ඉගෙන ගත්තලු.
ඉතින් ඒ කාලයේ චාරිත්‍රයක් තිබුනා තමන්ගේ හොඳම සිසුවට තමන්ගෙ දුවනි කෙනෙක් දෙනවායි කියලා.
ඉතින් පිංගුත්‍තර වන පොත් දුන්නාට පස්සේ. ඒ කියන්නෙ සියලු තමන් උගත් සිප් කට පාඩම් දුන්නට පස්සෙ තමන්ගේ රූමත් දුවක් වන උදුම්බරාව සරන පාවා ගන්න කිව්වලු.
සරන පාවා ගත් දවසේ රෑ දේවිය ඇඳට ආවලු පිංගුත්තර නිදා සිටින. ඉන් පස්සෙ මේ මොන කරදරයක්ද කියල පිංගුත්තර ඇදෙන් බැහැලා බිමට ගියාලු. දැන් උදුම්බරා දන්නෙත් නෑනෙ ඇයි කියලා. ඇයත් ඔහු සමග ගියාලු බිමට
අයේ ඔහු ඇදට නැග්ගලු
කොහොමහරි පව් කාරයට පින නෑ කියලා උදුම්බරා දේවිය ඇදේ නිදා ගත්තලු.

ඉන් පස්සේ පිංගුත්තර මියුලු නුවරට යන්න පිටත් වුනාලු.
උදුම්බරාත් තමන්ගේ ස්වාමියා එක්කලා යනවලු.
මියුලු නුවරට ගියාම අත්තික්කා ගසක් තියනවා දැකලා පිංගුත්තර අත්තික්කා කඩන්න ගහට නැග්ගලු.

උදුම්බරාටත් බඩගිනි නිසා අත්තික්ක ඉල්ලුවාම පිංගුත්තර කිව්වලු,
ඇයි තී හට අත් පා නැද්ද නැගලා කඩා ගන්න කියලා.
කොහොමහරි උදුම්බර ගහට නැග්ගට පස්සෙ පිංගුත්තර ගහ වටෙට කටු ඉපල් දාලා ඇයගෙන් බේරිලා ගියා.
උදුම්බරාට ගහෙන් බැහැ ගන්න බැරුව ගහේ ඉන්නකොට රාජ පුරුශයො දැකලා මියුලු නුවර රජු වන වේදේහ රජ තුමාට එ පවත් දන්වනවා.

අයිතිකරුවන් නැති වස්තුව රාජ සන්තකයි කියලා උදුම්බරා දේවියව රජු සරන පාවා ගන්නවා.

ඉතින් මේ කතාවෙන් කියන්නෙ පව්කාරයාට කිසිදා පින් කල තැනැත්තියක් නොලැබෙනවා කියලයි.
පසුව උදුම්බරා දේවි අග මෙහෙසිය වෙලා රාජ සැප භුක්ති විදිනවා.

උම්මග්ග ජාතකය ඇසුරෙන්.
----////----


Comments

Post a Comment

Popular Posts