අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය

කාලය නවත්තන්න පුලුවන්ද කියලා ඇහුවම ඔබ කියවී, කවදාවත් බැහැ කියලා... ඒත් භෞතික විද්‍යාවට අනුව හැමදේම රාමුවක තියනවා නම් කාලයත් යම් රාමුවකට අයිති දෙයක් කියලා කිව්වොත්, අනිවාර්යයෙන්ම රාමුවෙන් පිටතට ගියහම කාලය නැවතිලා තියේවී නේද කියලා මට හැමවෙලේම හිතෙනවා... ඉතින් මට අද කියන්න තියෙන්නේ කතාවක්වත් කවියක්වත් නෙවෙයි අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය අද තමයි. ඒ කියන්නේ මං බ්ලොග් ලෝකයට ඇවිත් හරියට අවුරුද්දක්. ඒ කාලය නැවතුනා නම් මේ තරම් විශාල පෝස්ට් ප්‍රමාණයක් බ්ලොග් එකේ නැහැ නේද කියලා හිතෙනකොට, වෙලාවට මට කාලය නතර කරන්න බැරි, කියලා සතුටු හිතෙනවා මාසෙන් මාසේ පොස්ට් ගණන බැලුවම බ්ලොග් එකේ තියන..
මගේ හැම නිර්මාණයකම පලවෙනි පාඨකයා මගේ නංගි, එයා තමා හුඟක් වෙලාවට වැරදි කියන්නේ... එයා නැත්තම් අරු කියලා කෙනෙකුත් නෑ වගේ තමයි ඉතින් ඇත්තටම...
තව මගේ කෙටිකතා කවි කියවන පාසලේ, කැම්පස් එකේ යාලුවෝන්ටත් ස්තූති පුද කරන්න ඕනා මට වචනයකින් හරි දෙන දිරියට...
ඒ වගේම ඇත්තටම මං බ්ලොග් එක ලියන්න ගත්තේ බ්ලොග් කියවලා පරිණත වෙච්ච කෙනෙක් විදියටත් නෙවෙයි.
බ්ලොග් එකක් හදන්න මට ආසාව තිබුනා හුඟක් කල් ඉඳලා. ඒත් මට හදන්න තේරුමක් තිබ්බේ නැහැ..
ගිය අවුරුද්දේ මේ දවස් වල මං හිටියේ පොඩි සර්ජරි එකක් කරලා ගෙදරට වෙලා.. ඒ දවස් වල තමයි හිතට ආවේ කම්මැලි කමට බ්ලොග් එකක් කරන්න.. ප්ලේ ස්ටෝ ගිහින් බ්ලොග් කියලා සර්ච් කරපුවම ආපු ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ආපු දුර තමයි මේ.. ඉතින් අද වෙනකම් බ්ලොග් එක කලේ මං මගෙ ෆෝන් එකට පින්සිද්ධ වෙන්න...
අඩුම තරමේ සින්ඩියක් කියන්නේ මොකද්ද කියලාවත් මං බ්ලොග් එක පටන් අරන් හුඟ කාලයක් යනකම් දැනන් උන්නේ නැහැ.. ඒක කිව්වේත් රෝමා... අයියට පිං සිද්ධ වෙන්න ටික දෙනෙක් මගේ බ්ලොග් එක ගැන දැන ගත්තා... එයා තමයි මං හිතන්නේ බ්ලොග් ලෝකයේ මගේ මුල්ම පාඨකයා... ඉන් පස්සේ එයා මගේ බ්ලොග් එක සින්ඩි වලට දාගන්න මට වඩා මහන්සි වුනාද මන්ද.. ඒකට නම් මං හැමදාම ස්තුති කරන්න ඕනා..
ඉන් පස්සේ  දුමී, බක්කරේ, කොලොම්පුරේ අසංග, සොඳුරු සඳවති අක්කා, කටුසු හදවත, අමා, ලිඛිතා, සයුරි, ඉෂානි, කප්පිත්තා වගේ හුඟක් අය ආවා.. ඒවගේම ඉයන් මාමට, තරිඳු මල්ලිට, මිතිල මල්ලිට ස්තූති කරන්න ඕනා... මට අත හිත දීපු එකට මං නොදන්න සමහර දේවල් වලට කියලා දුන්නට...
මගේ බ්ලොග් එකේ දෝෂයක් නිසා සමහර සින්ඩි වල පෙන්නනෙත් නැහැ.. අටම්පහියේ අටම් අයියටත් ස්තූතියි කරන්න ඕනා මගේ බ්ලොග් සින්ඩියට ඇතුල් කලාට.
ඒ වගේම නම් නොකියපු මට වචනයකින් හරි උදව් කල සහෝදරයන්ගේ සහෝදරියන්ගේ නම් අමතක වුන නම් සමාව ඉල්ලනවා..
හුඟක් අය කියන්නේ අරුට ගැලපෙන්නේ කතා කියලා, ඒත් ඉතින් මං හුඟක් ලියන්නේ ආදරය, විරහව, අසම්මත බැඳීම් ගැන.. පොඩ්ඩක් වෙනස් විදියට හිතලා ලියන්න ගත්තත් මට ඒවා ඉවර කරගන්න බැරි වෙනවා..
කොහොම වුනත්, හුඟක් අය එන බ්ලොග් එකක් නොවුනත් මගේ පුංචි ලෝකයට එන ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි, ආදරණීය සහෘදයන් නොසිටියා නම්, පලවෙනි උපන්දිනයවත් සමරන්න වෙන්නේ නැහැ. මොකද අරු බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වෙලා තියෙන්න තිබුනා.. ඉතින් මගේ අකුරක් හරි කියවපු හැමෝටම හුඟක් ස්තූතියි...
ඉතින් දෙවනි උපන්දිනයට ඔයාලා මා එක්ක ඉඳීවි කියල ප්‍රාර්ථනා කරනවා....

අන්තිම දවස



"ස්ස්.."
බියර් ටින් එක කැඩුවේ මං, ඒ වෙනකොටත් එයා බ්‍රැන්ඩි වීදුරු දෙකක්ම හිස් කරලා තිබුනේ...
අපි හිටියේ එයාගේ මහල් නිවාසේ බැල්කනි එකේ.. යන්තම් පොද වැස්සක් වැටෙමින් තිවුනේ... මං ආස උනේ මේ වගේ වැස්ස වෙලාවක මත් වෙමින් ආයේ මත් වෙන්න.. අද තමයි හොඳම දවස...
එයා... මං... මහල් නිවාසය... ලිකර්... වැස්ස...
හැමදේම..!!!
මේක තමයි අන්තිමට දවස...
"ඔයා බොන්න පුරුදු වුනේ කවදා ඉඳන්ද සුදූ..?"
එයා ඇහුවේ පුදුමෙන් වගේ... මං බියර් ටින් එක බීපු වේගේ දැකලා..
ඒක එයාව හිමින් හූරන්න පුලුවන් ප්‍රශ්නයක්...
මං... ඔව්..!! ඇත්තටම සුදු නපුරුයි.. විශේෂයෙන්ම එයාට.. මොකද මේ ආදරය කියනේ වෙනස් වෙන දෙයක්.. ඒ පාට ඇතුලේ තිබ්බේ දේදුන්නක්.. ඒත් එයාමයි ඒක අඳුරු වලාකුලක් බවට පත් කලේ... හැමදේම මහ මූසල පාටකින් වෙලාගෙන තිබුනේ...
"ඔයා මාව අතෑරපු දවසේ ඉඳන්..."
මං කිව්වේ එයාගේ ඇස් දිහා බලන්, ඩිරෙක්ට්ලි...
එක පාර ගැස්සුනා ඒ ඇස්... ඉන් පස්සේ බලන් ඉද්දිම මුහුන කලු වුනා...
"සොරි කවී..."
එයා උන්නේ හරියටම මගේ ඉදිරිපිට ඩිවාන් එකේ.. මට එයාව රිද්දන්න ඕන වුනාට එයාට රිදුනම මටයි වැඩියෙන් රිදෙන්නේ... මං මුල ඉඳන්ම බලන් උන්නේ එයාගේ මුහුන දිහා... හරියට නෙලුම් මලක් වගේ... ලස්සනට පිපිලා තිබුන නෙලුම බලා ඉද්දිම පර වෙලා පෙති එකින් එක හැලුනා.. ඇත්තටම පර වෙන්න තරම් සැහැස් වචන කිව්වේ මං..
මං හිටිය පුටුවෙන් නැගිටලා එයාගේ ඩිවාන් එකේ වාඩි වුනා.. එකේ මට ඇති තරම් ඉඩ තිබුනා.. මං හුඟක් කෙට්ටු නිසා... මාව ස්පර්ශ වෙද්දිම එයා වෙවුලුවා... මට ඒක දැනුනා...
"ඇයි මාව අතෑරියේ කවී..."
මං ඇහුවේ එයාගේ ඇස් මගේ ඇස් වල තියාගෙන... එයාට මඟහරින්න බැරි වෙන්න...
"  ඔයාගේ හොඳටමයි මං එහෙම කලේ.. නැතුව, පුලුවන් කමකට නෙවෙයි සුදූ... "
හැමදාම කියන වචනේ... මාව එක මොහොතකින් එයාගෙම කර ගත්ත පිරිමියා මාව අතහැරියේ මගේ හොඳට.  ඒක මහ විකාර කතාවක්..
"දැන් දන්නවනේ.. මං දැන් සල්ලං වෙච්ච ගෑණියෙක්.. මට ඩිවෝස් එක ලැබෙයි හෙට අනිද්දම..."
මං කිව්වා නෙවෙයි..කියවුනා.. ඒක එයා දැනන් හිටියා.. මගෙන් නොවුනත්.. මං දන්නවා එයා දැනන් හිටිය බව...
"ඔයා එයාව මැරි කලේ කැමැත්තෙන් නෙවේද සුදූ... මගෙන් පලි ගන්න නේද හැමදේම ඔයා කලේ.."
"ඔයාගෙන් මං මොකටද පලි ගන්නේ.. මං මගෙනුයි පලි ගත්තේ කවිෂ්.. මට වුවමනා වුනේ නෑ, ආයේ ආදරේ කරන්න.. මට පුලුවන්කමක් තිබ්බේ නැහැ ආයේ ආදරේ කරන්න.. මං හිටියේ හොඳටම ෆෙඩප් වෙලා... ඔයා අතෑරලා ගිය දවසේ ඉඳන් මට වුවමනා වුනේ ඒ ජීවිතයට තිත තියන්න. ඒකයි මං ඒකට කැමති වුනේ.."
අන්තිමට ඔක්කොම සිද්ධ වුනාට පස්සේ මේවා දැනගෙන වැඩක් තියේද එයා.. රිදිල්ල විතරයි.. මං එයාට ඒවා කිව්වේ නැහැ..
" මගේ දෛවය ඒක... "
මං එහෙම කිව්වේ අහක බලාගෙන.
"මගේ ඇස් බලන්න සුදූ.."
මට බලන්න වුවමනා වුනේ නැහැ.. දැන් වුන දේවල් ඉවරයි..
"ඔයා ඇයි එහෙම කලේ... කෙල්ලෙක් කොහොමද තනියෙන් ඉන්නේ.. ඊටත්..."
"ඔව්..ඊටත්... කසාදේ ලිහිච්ච ගෑණියෙක්.."
මං එහෙම කියලා හිනා වුනා.. කවිෂ් මං දිහා බලන් හිටියේ පුදුමෙන්..
"මට දැන් ඒවා කතා කරන්න වුවමනා නෑ කවී..  වෙච්ච දේවල් වුනා.."
මං නැගිට්ටා.. ඒ එතනින් යන්න.. එයා එක්ක ස්පර්ශ වෙවී ඉන්නවා කියන්නේ මං මාවම පුච්ච ගන්නවා කියන එක...
මං යන්න හදද්දිම එයා මාව නවත්ත් ගත්තේ වේගයෙන්.. මාව ඇද වැටුනේ මං හුඟ කාලයකට කලින් සැනසුම හෙව්ව පපුව උඩට.. !!!

දුරුතු හීතල...




දුරුත්තේ හීතල මාව මුසපත් කරලා තිවුනේ.. මට අවැසි වුනේ ඇය එක්ක මේ හීතලෙන් මිරිකෙන්න.. ආයේ ආයෙත්ම මගේ විසේකාර හැඟුමන් මුදා හරින්න, ඇයත් එක්කලා.. මං ඇයට එන්න කියලා කෙටි පනිවිඩයක් යැවුවේ හැමදාම අපි ගත කරන ලස්සන දවසක් ගත කරන්න.. එදත් ඇය ආවේ කියන පමාවෙන්.. හුඟ කලෙකින් අපි හමු වෙලා තිබුනේ නැති වුනත් ඇය ආවා, කිසිම වෙනසක් නැතුවම. සමහර විට මේ හමුවීම සිදුවුනේ මාස කිහිපයකින් වගේ..  ඒ මාස කිහිපය තුල ඇය මගේ හද මඬලේ සක්මන් නොකලාම නෙවෙයි.. ඒත් අහේතුවකට මං ඇයගෙන් වෙන් වෙලා උන්නේ...

ඇත්තටම අපි'තර තිවුනේ කුමන සම්බන්ධතාවක්ද කියලා පවසන්න අපි දෙදෙනගෙන් එක්කෙනෙක්ටවත් හැකියාවක් කෙලෙසකවත් තිබුනේ නැහැ.. ඒක ආත්මීය බන්ධනයක් වගෙයි .. එහෙමත් නැත්තම් හුදෙක් මගේ පිරිමිකම පුරවා ගන්නට යත්ත දැරීමක්‍ යැයි පැවසීමත් සුදුසු නැහැ.. මොකද මං ඇත්තටම ඇයට ප්‍රේම කලා... මං අදටත් කියනවා මං ඇයට වෙන ගැහැණු දිහා බලන ඇහෙන් නෙවෙයි කවදාවත් බැලුවේ...

එදා ඈ පැමිණ මගේ යහනෙන් හිඳ ගත්තේ මා දෙස නොබලාම.. කිසිම වදනක් නොදොඩා.. ඒ නිහඬතාව මට ඇගේ වෙනස් තේරුම් ගන්න උදව් වුනා..
කිසිම දාක එලෙස නිහඬතාවක්  රජ කලේ නැහැ..

හැමදාම ඇය පැමිණි වහාම කුමක් හෝ කියමින් විහිළු තහලු කලා. ඇයට සිදුවුන කුමක් හෝ සිදුවීමක් විස්තර කලා. එසේම මට බෝඩිමේ තිබුන දෙයක් පිලියෙල කලා. නැතහොත් ඇය රැගෙන ආ යමක් පිසුවා. හැමදාම ඇගේ ආහාර වලට මම ඇලුම් කලේ ඇත්තටම ඒ ආහාර ඒ තරම් රස නිසා...
ඇත්තටම ඇගේ ඇති සමහර ගතිගුන මට නොතේරුනු තරම්.. බගාදා ඒවාට මා වසඟ වුනා වෙන්න පුලුවන්. ආයේ ආයේම මට විහිලු තහලු කරමින් මා සතුටින් තබන්න ඇය දක්ෂ වුනා...

ඒත් එදා වෙනසට හේතුව මං ඇගේ මුවින්ම ඇහුවා.. කවදාවත් අසන්නට නොපැතුව දේ...!!!
මං දැන උන්නත් ඒ දේ කවදා හරි සිදු වෙනවා කියලා, මං බලාපොරොත්තු වුනේ නැහැ මේ තරම් ඉක්මන්ට....

"මං මැරි කරනවා පියුම්.."

"මොකක්!"

මගේ හදවත මොහොතකට නැවතුන තරම්...

ඉන්පසු ඈ කිසිවක් කීවේ නැහැ.

මම ඈ දෙස නොබලාම  ඈත අහස දිහා බැලුවා.. මට වුවමනා කලේ ඇගේ නෙත් මඟ හරින්න...
ඒ වගේම ඇයට මුහුණ දෙන්න හැකියාවක් තිබුනේ නැහැ.. මට මගේ පිරිමිකම ගැන ලැජ්ජ හිතුනා...ඒ වගේම ඈට මුහුණ දීමට මට සවියක් නොතිබුන තරම්... හැමදාම කිව්වේ ඔයා මට වඩා බාල වුනා නම් කියලා විතරයි.. ඒත්... එහෙම ප්‍රේමයන් විවාහ වලින් කෙලවර නොවී නැද්ද මේ ලෝකයේ.. මට  ඇත්තටම කිව යුතු දෙයක් හිතා ගන්න බැරි වුනා.... ඊටත් වඩා මොකද්දෝ කියා ගන්න බැරි වේදනාවකින් මගේ පපුව ඇදුම් කෑවා...

වෙනදා වගේ නොවෙයි හැමදේම වුනේ ඉක්මණට.. ඇය කිසිදාකවත් නුවූ ලෙස ඉක්මන් වුනා... ඇය මට හිතාගන්නත් වෙලාවක් නොතියම මගේ මුහුණ සිප ගත්‍තා... ඉන් පස්සේ සියල්ලම සිදු වුනා... හරිම ඉක්මණින්.. වෙනදා ලෙසටම නැවුම්ව.. ඒත් ඒ අතර කුඩා සංක්‍රන්ති අවධි කිහිපයක් පසු වුනා... ඒ වල ගලා ගියේ මගේ අධික වේදනාව. ඒත් ඒවා මඟ හරින්න ඇයට පුලුවන් වුනා.. කිසිම වෙනසක් නැතුව ඇය මට ආදරේ කලා... වෙනදා වගේම...

"මම යන්නද........ ආයේ මාව බලාපොරොත්තු වෙන්න එපා... ප්ලීස්.."

අන්තිමට මගේ පාද ස්පර්ශයෙන් මාව හිරි වැටිලා ගියා... ඒ සීතල ඇඟිලි තුඩු මගේ පා'ඟිලි වල තැරවුනේ විදුලි කම්පන කිහිපයක් ඇතිකරමින්...
ඈ සමාව ඉල්ලන්නත්, ඇගේ ජීවිතය දෙපලු නොකරන්න යැයි අයදින්නත් ආරම්භ කර තිබුනේ... මාව මටම පාලනය කර ගන්න හැකිවුනේ නැහැ.. මං ඇයව උරහිසෙන් අල්ලා සිපගත්තෙ කුඩා කල මලක් සිපගන්නා ලෙසට...ඉන් පසුව මං ඉතාමත් වේගයෙන් ඇයව අතහැරියා... ඔව්.... සදහටම....!!!!



සුපෙම්වත____❤

සුපෙම්වත...
බිඳී විසිරෙන පිනි බිඳට
මගේ හිත ඔබ්බවමි...
ඉදින් සැනසෙන්න.
මා මියෙන බව දැන....

දෑවැද්ද



මගේ අනේකවිද සපල දහිරිය
ඔබට රිදෙන්නට ඇති එකම අවිය,
විටෙක ඔබ පිදෙන ලයාන්විත ස්වරය...
තමා ඒ අපූරුම දෑවැද්ද...,

නොදකිමියි ලෙසම ඔබමැ වයන,
නුමුත් අතැරලා නොදමන්න සිත්දෙන
ඒ අමුතුම පිටුවේ හොරෙන් හෝ සොයන
අපූරුම වදන මගේ නම,
නුමුත් රිදෙන ඉස්පිලි ඇලපිලි සහිත දිගු වැකි,,
ඔබේ රිදවිලි එක්ක මහ ගෙරවිලි...

ආයෙත් ඔබම රිදවගෙන
මගෙන පලි ගන්න තතනන
අරුම තැන ඒ ඔබේ ආදරය හංගපු....

මා අතින් පොඩි කරන
ආයෙම පොඩි දරුවකුව හුරතල් කරන
මට හිමිවු නුමුත් අහිමිව ගිය,
දෛවයේ සරදම මගේ දෑවැද්ද...


අඹ ගෙඩි රාජ්‍යය - 07




ඇත්තටම කුමාරයා අවශ්‍ය වෙලා හුන්නේ කුමරියව විනිශ්චය කරන්න. ඇගේ හැම ඉරියව්වකම, හැම හැඟීමකම හැඩතල පවා තේරුම් ගන්න...
ඒකයි කුමාරයා පැයයි විනාඩි පහලොවක් පරක්කු වෙලා ගියේ..
කුමරිය දුටුවෙන් කුමරු ඒ වන විටත් අසිහියෙන් උන්නේ. හරියට මිහිබට සුරඟන දුටුවා වගෙයි... සිනෙක්සා කුමරිය උන්නේ සුදු සේද ගවුමක් ඇඳගෙන.. ඒක කොයි තරම් සිනිඳුද කිව්වොත් සිරුරේ ස්පර්ශ වුන පමාවෙන් සියලු විඩාවන් වියැකෙනවා... ඒ වගේම තමයි ගවුම බලන්න ලස්සනයි.. ඒ ගවුමට සිනෙක්සා කුමරියත් හරිම ලස්සනට උන්නේ...
ඒත් කුමරියගේ මුහුනෙ නම් තිවුනේ කළු වළාකුළු දහස් ගණනක් එකම අහසක පායලා වගේ..යනකොටත් කුමරිය උන්නේ අධික කෝපයට පත්ව....
කුමාරය දුටු ගමන් ඇගේ ආඩම්බරකම ඉදිරියට පැමිණ, ඇය පැවසුවේ ඇයට වෙනත් රාජකාරියක් ඇති නිසා එයට සහභාගී විය යුතු බව...
"ඔබට මෙතරම් වෙලා ගියේ ඇයි දැයි මං දන් නැහැ කුමරුනි... ඔබේ කාලය අවසානයි දැනටමත්.. ඉතින් නැවත ඉදිරියෙදි මුණ ගැසෙමු...."
කුමාරයට සිදු වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්... ඇය තමාවත් විනිශ්චය ලක් කරනවාද නැති නම් තමාගේ අදිසි ප්‍රහාරයේ කම්පනය දැඩි ලෙස දරාගන්නවද, ඔහුට නොතේරුනු තරම්..
කුමරිය පිටුපා ගියේ හරිම ආඩම්බරව.. කුමරිය යන දෙස කුමරු බලා සිටියේ හරිම දුකින්... එය කුමරිය නුදුටුවත් දුටුවේ නම් සැබවින්ම එතරම් රුදුරු බවක් නොපෙනෙන්න ඉඩ තිබුනි...
කුමරු අසිහියට පත්වුනා වගේ.. මන්ද ඔහුට අවශ්‍ය වුනේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් නොව පෙම් දිනයක් ගත කිරීමට... නමුත් ඇය සමඟ කාලය කෙලෙසවත් ගෙවන්නට නොහැකි වුනේ තමාගේ අනුවණ ක්‍රියා කලාපය නිසා...
කුමරු කල්පනා කලේ දැන් කිසිම සතුටකින් කුමරිය තමා දෙස නොබලනු ඇතැයි කියමින්...
ඒ සිතිවිල්ල දෙදරවමින් කුමරුට ඉසේරුදාවක් නිර්මානය කරමින් තිබුනේ...
ඉතින් ස්ථීරේටම එදා රාත්‍රියේ කෙලෙස කුමරු සුවසේ සැතපෙන්නද....

නම නොකියනා ඔහුට.....,




මේ ලියැවෙන හැම කවියකම,
හැමෝම කියවන්නේ ඔබව..
අපේ මහ ප්‍රේමය ගැන..
ඔවුනොවුන් ඉරිසියා කරන්නේ ඔබට...

ඉදින් තරහක් නැද්ද,
කියන්න රහසින් වත්,
"ආයේ කවි නොලියන්න.."
මේ ප්‍රේමයම බර වැඩි..

ඉස්සර වගේ ඉන්න..
හීනියට හිනැහෙන්න..
"මැණික.." යැයි මුමුණමින්..
මගේ තොල් සිප ගන්න...

ඔබ දන්නවද දැන්වත්..
ඔබ අමරණීයම බව...
අප මියගියත් මිනිසුන් පැවතෙන තුරු,
ලෝකයා අපේ ප්‍රේමය මෙලෙස කියවන බවම...


රිදිල්ලක් නොවෙද ප්‍රේමය____

නෝක්කාඩුවක් ඇතිය හැංගිච්ච,
ඒකමයි මේ දුක් සුසුම් ඇද වෙච්ච..
ගැහී ගැහී හදවතේ ඇකිලිච්ච,
ප්‍රේමයකි මා නුඹ නමින් පීදිච්ච...

කොයි තරම් ගැහෙනවද හෙවනැලි,
නිරුවතින් හිරි ඔතප් ගොලුවෙච්ච..
කොයි තරම් රිදෙනවද හර්දයම,
ඇත්තම නොකියා පැල වෙච්ච...

තෙලි තුඬින් මැවූ රූ රටාවන් ඇද වෙච්ච,
කැන්වසක අලුතින්ම සිතුවම්කි ඉපදිච්ව...
එනමුදුම ප්‍රේමයක රටාවක් ඇද වෙච්ච,
රිදිල්ලක් නොවෙද ඒ ප්‍රේමයත් විසිවෙච්ච...

පව

යන්න ඕන වෙන්නේ ආදරය නැති නිසා නෙවේ... හුඟක් ආදරය නිසා.. ඒත් ඈතට වෙලා ඉන්න බැරුව එන්නේත් ආයේ ඒ හුඟ ආදරේ නිසා.... ඒකට කියන්නේ "සංස...