දුරුතු හීතල...




දුරුත්තේ හීතල මාව මුසපත් කරලා තිවුනේ.. මට අවැසි වුනේ ඇය එක්ක මේ හීතලෙන් මිරිකෙන්න.. ආයේ ආයෙත්ම මගේ විසේකාර හැඟුමන් මුදා හරින්න, ඇයත් එක්කලා.. මං ඇයට එන්න කියලා කෙටි පනිවිඩයක් යැවුවේ හැමදාම අපි ගත කරන ලස්සන දවසක් ගත කරන්න.. එදත් ඇය ආවේ කියන පමාවෙන්.. හුඟ කලෙකින් අපි හමු වෙලා තිබුනේ නැති වුනත් ඇය ආවා, කිසිම වෙනසක් නැතුවම. සමහර විට මේ හමුවීම සිදුවුනේ මාස කිහිපයකින් වගේ..  ඒ මාස කිහිපය තුල ඇය මගේ හද මඬලේ සක්මන් නොකලාම නෙවෙයි.. ඒත් අහේතුවකට මං ඇයගෙන් වෙන් වෙලා උන්නේ...

ඇත්තටම අපි'තර තිවුනේ කුමන සම්බන්ධතාවක්ද කියලා පවසන්න අපි දෙදෙනගෙන් එක්කෙනෙක්ටවත් හැකියාවක් කෙලෙසකවත් තිබුනේ නැහැ.. ඒක ආත්මීය බන්ධනයක් වගෙයි .. එහෙමත් නැත්තම් හුදෙක් මගේ පිරිමිකම පුරවා ගන්නට යත්ත දැරීමක්‍ යැයි පැවසීමත් සුදුසු නැහැ.. මොකද මං ඇත්තටම ඇයට ප්‍රේම කලා... මං අදටත් කියනවා මං ඇයට වෙන ගැහැණු දිහා බලන ඇහෙන් නෙවෙයි කවදාවත් බැලුවේ...

එදා ඈ පැමිණ මගේ යහනෙන් හිඳ ගත්තේ මා දෙස නොබලාම.. කිසිම වදනක් නොදොඩා.. ඒ නිහඬතාව මට ඇගේ වෙනස් තේරුම් ගන්න උදව් වුනා..
කිසිම දාක එලෙස නිහඬතාවක්  රජ කලේ නැහැ..

හැමදාම ඇය පැමිණි වහාම කුමක් හෝ කියමින් විහිළු තහලු කලා. ඇයට සිදුවුන කුමක් හෝ සිදුවීමක් විස්තර කලා. එසේම මට බෝඩිමේ තිබුන දෙයක් පිලියෙල කලා. නැතහොත් ඇය රැගෙන ආ යමක් පිසුවා. හැමදාම ඇගේ ආහාර වලට මම ඇලුම් කලේ ඇත්තටම ඒ ආහාර ඒ තරම් රස නිසා...
ඇත්තටම ඇගේ ඇති සමහර ගතිගුන මට නොතේරුනු තරම්.. බගාදා ඒවාට මා වසඟ වුනා වෙන්න පුලුවන්. ආයේ ආයේම මට විහිලු තහලු කරමින් මා සතුටින් තබන්න ඇය දක්ෂ වුනා...

ඒත් එදා වෙනසට හේතුව මං ඇගේ මුවින්ම ඇහුවා.. කවදාවත් අසන්නට නොපැතුව දේ...!!!
මං දැන උන්නත් ඒ දේ කවදා හරි සිදු වෙනවා කියලා, මං බලාපොරොත්තු වුනේ නැහැ මේ තරම් ඉක්මන්ට....

"මං මැරි කරනවා පියුම්.."

"මොකක්!"

මගේ හදවත මොහොතකට නැවතුන තරම්...

ඉන්පසු ඈ කිසිවක් කීවේ නැහැ.

මම ඈ දෙස නොබලාම  ඈත අහස දිහා බැලුවා.. මට වුවමනා කලේ ඇගේ නෙත් මඟ හරින්න...
ඒ වගේම ඇයට මුහුණ දෙන්න හැකියාවක් තිබුනේ නැහැ.. මට මගේ පිරිමිකම ගැන ලැජ්ජ හිතුනා...ඒ වගේම ඈට මුහුණ දීමට මට සවියක් නොතිබුන තරම්... හැමදාම කිව්වේ ඔයා මට වඩා බාල වුනා නම් කියලා විතරයි.. ඒත්... එහෙම ප්‍රේමයන් විවාහ වලින් කෙලවර නොවී නැද්ද මේ ලෝකයේ.. මට  ඇත්තටම කිව යුතු දෙයක් හිතා ගන්න බැරි වුනා.... ඊටත් වඩා මොකද්දෝ කියා ගන්න බැරි වේදනාවකින් මගේ පපුව ඇදුම් කෑවා...

වෙනදා වගේ නොවෙයි හැමදේම වුනේ ඉක්මණට.. ඇය කිසිදාකවත් නුවූ ලෙස ඉක්මන් වුනා... ඇය මට හිතාගන්නත් වෙලාවක් නොතියම මගේ මුහුණ සිප ගත්‍තා... ඉන් පස්සේ සියල්ලම සිදු වුනා... හරිම ඉක්මණින්.. වෙනදා ලෙසටම නැවුම්ව.. ඒත් ඒ අතර කුඩා සංක්‍රන්ති අවධි කිහිපයක් පසු වුනා... ඒ වල ගලා ගියේ මගේ අධික වේදනාව. ඒත් ඒවා මඟ හරින්න ඇයට පුලුවන් වුනා.. කිසිම වෙනසක් නැතුව ඇය මට ආදරේ කලා... වෙනදා වගේම...

"මම යන්නද........ ආයේ මාව බලාපොරොත්තු වෙන්න එපා... ප්ලීස්.."

අන්තිමට මගේ පාද ස්පර්ශයෙන් මාව හිරි වැටිලා ගියා... ඒ සීතල ඇඟිලි තුඩු මගේ පා'ඟිලි වල තැරවුනේ විදුලි කම්පන කිහිපයක් ඇතිකරමින්...
ඈ සමාව ඉල්ලන්නත්, ඇගේ ජීවිතය දෙපලු නොකරන්න යැයි අයදින්නත් ආරම්භ කර තිබුනේ... මාව මටම පාලනය කර ගන්න හැකිවුනේ නැහැ.. මං ඇයව උරහිසෙන් අල්ලා සිපගත්තෙ කුඩා කල මලක් සිපගන්නා ලෙසට...ඉන් පසුව මං ඉතාමත් වේගයෙන් ඇයව අතහැරියා... ඔව්.... සදහටම....!!!!



Comments

Post a Comment

Popular Posts