අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය

කාලය නවත්තන්න පුලුවන්ද කියලා ඇහුවම ඔබ කියවී, කවදාවත් බැහැ කියලා... ඒත් භෞතික විද්‍යාවට අනුව හැමදේම රාමුවක තියනවා නම් කාලයත් යම් රාමුවකට අයිති දෙයක් කියලා කිව්වොත්, අනිවාර්යයෙන්ම රාමුවෙන් පිටතට ගියහම කාලය නැවතිලා තියේවී නේද කියලා මට හැමවෙලේම හිතෙනවා... ඉතින් මට අද කියන්න තියෙන්නේ කතාවක්වත් කවියක්වත් නෙවෙයි අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය අද තමයි. ඒ කියන්නේ මං බ්ලොග් ලෝකයට ඇවිත් හරියට අවුරුද්දක්. ඒ කාලය නැවතුනා නම් මේ තරම් විශාල පෝස්ට් ප්‍රමාණයක් බ්ලොග් එකේ නැහැ නේද කියලා හිතෙනකොට, වෙලාවට මට කාලය නතර කරන්න බැරි, කියලා සතුටු හිතෙනවා මාසෙන් මාසේ පොස්ට් ගණන බැලුවම බ්ලොග් එකේ තියන..
මගේ හැම නිර්මාණයකම පලවෙනි පාඨකයා මගේ නංගි, එයා තමා හුඟක් වෙලාවට වැරදි කියන්නේ... එයා නැත්තම් අරු කියලා කෙනෙකුත් නෑ වගේ තමයි ඉතින් ඇත්තටම...
තව මගේ කෙටිකතා කවි කියවන පාසලේ, කැම්පස් එකේ යාලුවෝන්ටත් ස්තූති පුද කරන්න ඕනා මට වචනයකින් හරි දෙන දිරියට...
ඒ වගේම ඇත්තටම මං බ්ලොග් එක ලියන්න ගත්තේ බ්ලොග් කියවලා පරිණත වෙච්ච කෙනෙක් විදියටත් නෙවෙයි.
බ්ලොග් එකක් හදන්න මට ආසාව තිබුනා හුඟක් කල් ඉඳලා. ඒත් මට හදන්න තේරුමක් තිබ්බේ නැහැ..
ගිය අවුරුද්දේ මේ දවස් වල මං හිටියේ පොඩි සර්ජරි එකක් කරලා ගෙදරට වෙලා.. ඒ දවස් වල තමයි හිතට ආවේ කම්මැලි කමට බ්ලොග් එකක් කරන්න.. ප්ලේ ස්ටෝ ගිහින් බ්ලොග් කියලා සර්ච් කරපුවම ආපු ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ආපු දුර තමයි මේ.. ඉතින් අද වෙනකම් බ්ලොග් එක කලේ මං මගෙ ෆෝන් එකට පින්සිද්ධ වෙන්න...
අඩුම තරමේ සින්ඩියක් කියන්නේ මොකද්ද කියලාවත් මං බ්ලොග් එක පටන් අරන් හුඟ කාලයක් යනකම් දැනන් උන්නේ නැහැ.. ඒක කිව්වේත් රෝමා... අයියට පිං සිද්ධ වෙන්න ටික දෙනෙක් මගේ බ්ලොග් එක ගැන දැන ගත්තා... එයා තමයි මං හිතන්නේ බ්ලොග් ලෝකයේ මගේ මුල්ම පාඨකයා... ඉන් පස්සේ එයා මගේ බ්ලොග් එක සින්ඩි වලට දාගන්න මට වඩා මහන්සි වුනාද මන්ද.. ඒකට නම් මං හැමදාම ස්තුති කරන්න ඕනා..
ඉන් පස්සේ  දුමී, බක්කරේ, කොලොම්පුරේ අසංග, සොඳුරු සඳවති අක්කා, කටුසු හදවත, අමා, ලිඛිතා, සයුරි, ඉෂානි, කප්පිත්තා වගේ හුඟක් අය ආවා.. ඒවගේම ඉයන් මාමට, තරිඳු මල්ලිට, මිතිල මල්ලිට ස්තූති කරන්න ඕනා... මට අත හිත දීපු එකට මං නොදන්න සමහර දේවල් වලට කියලා දුන්නට...
මගේ බ්ලොග් එකේ දෝෂයක් නිසා සමහර සින්ඩි වල පෙන්නනෙත් නැහැ.. අටම්පහියේ අටම් අයියටත් ස්තූතියි කරන්න ඕනා මගේ බ්ලොග් සින්ඩියට ඇතුල් කලාට.
ඒ වගේම නම් නොකියපු මට වචනයකින් හරි උදව් කල සහෝදරයන්ගේ සහෝදරියන්ගේ නම් අමතක වුන නම් සමාව ඉල්ලනවා..
හුඟක් අය කියන්නේ අරුට ගැලපෙන්නේ කතා කියලා, ඒත් ඉතින් මං හුඟක් ලියන්නේ ආදරය, විරහව, අසම්මත බැඳීම් ගැන.. පොඩ්ඩක් වෙනස් විදියට හිතලා ලියන්න ගත්තත් මට ඒවා ඉවර කරගන්න බැරි වෙනවා..
කොහොම වුනත්, හුඟක් අය එන බ්ලොග් එකක් නොවුනත් මගේ පුංචි ලෝකයට එන ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි, ආදරණීය සහෘදයන් නොසිටියා නම්, පලවෙනි උපන්දිනයවත් සමරන්න වෙන්නේ නැහැ. මොකද අරු බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වෙලා තියෙන්න තිබුනා.. ඉතින් මගේ අකුරක් හරි කියවපු හැමෝටම හුඟක් ස්තූතියි...
ඉතින් දෙවනි උපන්දිනයට ඔයාලා මා එක්ක ඉඳීවි කියල ප්‍රාර්ථනා කරනවා....

Comments

  1. සුබ පැතුම් අරූ... දිගටම ලියන්න...

    ReplyDelete
  2. හැපි උපන්දිනයක් අරූගේ ලෝකයට...

    ReplyDelete
  3. අවුරුද්දක් ගියානේ...

    සතුටක් තියේ නම් ඒ තමයි අස්වැන්න. මේ කෙතේ අස්වද්දනවා දැකලා සතුටුවෙන කෙනෙක් විදියට මමත් ඔබ එක්ක එක පෙලට හිටගෙන සතුටු වෙනවා. මෙතනට කොහෙන් වැටුනද කියලා මතක නැති උනාට ඔබේ මුල්ම නිර්මාණවල තිබ්බ රසයට මම කැමති උනා.

    තව ඉදිරියට ලියන්න. මම කියවනවා.
    ( සාමාන්‍යයෙන් මම උපන්දින සුබපැතුම්, මරණ දැන්වීම් වලට ශෝකය පළකිරීම්, සංවත්සර සැමරුම් වලට සුබපැතුම් ආදිය කරන්නේ නැහැ. ඒ උනාට මේකට එහෙම බෑනේ)

    ReplyDelete
    Replies
    1. "ඔබේ මුල්ම නිර්මාණවල තිබ්බ රසයට මම කැමති උනා."

      මුල් කාලේ ටිකක් විතර ෆ්‍රී එකේ ලිව්වේ. අනික සමහර කතා, කවි හද්ද පරණයි.. දැන් හදිස්සියේ ලියන ඒවා තියන්නේ, දැන් ජීවිතය හුඟක් කාර්‍ය බහුල වෙලා... සමා වෙන්න ඔබ කියන තත්වය නැති වුනාට... ස්තූතියි ලිඛිතා ඔබේ අදහස් වලට

      Delete
    2. නිර්මාණකරණය කියන එක එක එක තත්ත්ව වලදී වෙන්න පුළුවන්. කෙනෙක් රිලැක්ස් එලාවට ලියද්දි, තවත් කෙනෙක් ස්ට්‍රෙස් අඩුකරගන්න ලියනවා. ඒ අනුව ලියවෙන දේවල්වල තිව්‍රතාවය වෙනස් උනත් ඒවා එක එක රසයන් ගෙනදෙනවා. එකම ෆ්රුට් සැලඩ් එක උනත් දවස් දෙකකදී වෙනස් රසයන් දෙන්නේ ඒ වගේ තමයි. මම ඒ වැකිය ලියද්දීම හිතුවා අරූ එකේ වෙන අර්ථයක් ගනීදෝ කියල.
      දැන් දැනෙන දේ ලියා තැබීමෙන් සිද්දවෙන හොඳම දේ තමයි (මට අනුව) අපේ ලිවීම් කොතරම් කාලයත් එක්ක වෙනස් වෙනවාද කියලා තේරෙන එකයි. පරණ ලිවීම් කියවද්දී අපිට අපි ගැනම වීවරණයක් ලැබෙනවා වගේ.

      කාර්යබහුලත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. එහෙම උනා කියලා අපි හ්තන්නේ නැහැ කියන්න බැහැනේ. ඒ අතරතුරේ ලැබෙන අවසරය මම හිතනවා මට වාසියට තියෙයි කියලා. ඒ කියන්නේ ලියයි කියල.

      කැමතියි ඔබේ ලිවීමට. අලුත් දේවල් උත්සහ කරනවා නම් තවත් කැමතියි. මොකද ඔබේ හැකියාව සීමා වෙන්න හොඳ නැති නිසා.

      Delete
    3. ඔබ කියන දේ හරි ලිඛිතා... මං ආස ආදරය එක්ක තියන බැඳීම් ගැන ලියන්න.. ඒ චරිතෙට මං ගිහින් පොඩ්ඩක් සතුටු වෙලා ඒ චරිතේ ගැන ලියනවා.. ඒක තමයි මගේ හැටි.. ඒත් වෙන වෙන මාතෘකා ගැන ලියන්න ඕන කියන දේ මගේ හිතේ නැතුව නෙවෙයි... කොහොම වුනත් අදහස්, අවවාද වලට ස්තූතියි හුඟක්...

      Delete
  4. ලියපං දිගටම... පළවෙනි අවුරුද්ද ඇද්ද කියන්නෙ ඉතිං ආපහු රිවස් නෑ.

    සුභපතනව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී....

      Delete
    2. මං උඩ එක ලිව්වෙ කොල්ලෙක් කියල හිතල. භාෂාව ගැන සොරි ඈ...

      Delete
    3. ඒකට ප්‍රශ්නයක් නැහැ ඩ්‍රැකී... ස්තූතියි

      Delete
    4. නෑ මං කිව්වෙ... අරූ කියන්නැතුව, අරකි කියල තිබුණනං එකෙම්ම තේරෙනව... හැක්!

      Delete
    5. හි හි... අරු ආවේ මගේ නමින් ඒකයි හේතුව අරකි නොදාන්න... හික්ස්..

      Delete
  5. උපාසික මාතාවට මුලින්ම ස්තූතියි මට පිං පැමිණෙව්වට.
    මම අරුශිගේ පාඨකයෙක් විතරක් නෙවෙයි රසිකයෙකුත් වෙනවා.
    අරුශිට කෝකත් ගැළපෙනවා. අපි වගේ අයට කවි වල මහප්‍රාණනම් තේරෙනවා අඩු තමයි. ඒත් ඉතිම් අපි තේරෙනවා වගේ කමෙන්ට් කරනවනෙ......කෝමත් අරුශිගෙ සමහර කෙටි කතානම් පට්ටයි.

    ReplyDelete
    Replies
    1. කවුද බොල උපාසිකා මාතාව... ශි... හා හා.. ස්තූතියි රෝමා....

      Delete
  6. අකුරක් සමග ගැළපූ පද බලන්නම්
    වරුවක් වුනත් එහි රස නිති විඳින්නම්
    වසරක් පිරෙන මොහොතෙහි මෙහි රැදෙන්නම්
    කවියක් ලියා වසරට සුභ පතන්නම්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී කවියත් ලස්සනයි

      Delete
  7. පලවෙනි උපන්දිනේ දවසේ ආවට මීට කලින් කියවලා තියනවා. මගේ හිතට ගොඩාක් ලග දේවල් ඔයා ලියන්නේ. මම ගොඩාක් ආසාවෙන් කියවනවා. ඔබට සුබ පතනවා අරූ!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝ... කොහොමත් කමෙන්ට් කරනවට වඩා කියවන ආ වැඩි.. ස්තූතියි කමෙන්ට් කරාට.

      Delete
  8. ලස්සනයි අරූ!!!!

    ReplyDelete
  9. අවුරුද්දක් සපිරුනු අරුගේ ලෝකයට සුබම සුබපැතුම් එක්කරනවා.තව තවත් ලස්සන නිර්මාණ අපිට හා ලොවට දායාද කරන්න සිතුවිලි දහස්ගනන් ඉපදේවා.
    අරුගේ නිර්මාන බැලුවත් කොමෙන්ට් කරන්න විදිහක් නෑ. ඔපිස් කොමපිටුරෙන් දැන් කොමෙන්ට් කොරන්න බැරිකරලා .
    ඊයේ වැස්සේ තෙමිගෙනම ගෙදර ආවේ සුබපතලා කොමෙන්ටුවක් දාන්න බලාගෙන . එත් සුලිි සුළං හින්දා කරන්ට් නෑ. කරන්ට් නැතිවුනත් කොහොම හරි කොමෙන්ටුවත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග සුභ පැතුම් වලට... අපේ පැත්තටත් කරන්ට් තිබුනේ නැහැ දවස් දෙකක් තිස්සේ.. එපා වෙලා හිටියේ... ඔයාලට කරදරයක් නැහැ නේද

      Delete
  10. නියමයි! අරූ .
    ඔන්න මගේ සුබපැතුමත් පිලි ගන්න !
    ජය වේවා! දිගටම ලියන්න

    ReplyDelete
  11. කලින් මෙකට කවියක් කියලා කමෙන්ට් කෙරුවා වගෙ මටකයි. ඒත් ආයිත් සුබ පතනවා අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවතත් ... ජයවේවා

      Delete
  12. සුබ පතනවා අවුරුද්දක ගමනට.මම ඉස්සෙල්ලම මෙහෙ ආවෙ කතා කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බක්කරේ... මගේ විකාරරූපී කතා කියෙව්වටත් තුති..

      Delete
  13. මගේ සුභපතුම් අරූ.
    ජීවිතය ගැන,මිනිස්සු ගැන වගේ දේවල් සම්බන්දයෙන් යථාර්තවාදී නිර්මාණත් ඔයාගෙන් ලියවේවි කියල බලාපොරොත්තු වෙනව අරූ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලීෂ්.. බලමුකෝ යථාර්තය ලියන්න පුලුවන් වෙයිද කියලා. මං තරමක් යථාර්ථය තමා ලියන්න ට්‍රයි කරන්නේ...

      Delete
  14. පරක්කු වෙලා ආවට සමා වෙන්ට ඕනේ. මගෙනුත් සුබම සුබ පැතුම්. මමත් කැමතියි අරු කතා ත් ලියනවනම්. මොකද මේ ලිපිය හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සයුරි .... පරක්කු වෙලා ආවාට කමක් නැහැ අනේ

      Delete

Post a Comment

Popular Posts