ප්‍රේමිය..
මම..
නුඹේ කෙමිය,
මතට වැටිමි.
මල් පෙතිතර
සැඟවෙමි.
මකරද මත ගිලෙමි.
හොඳටම වැඩියි ,
දරා ගන්නේ කොහොමද
නළල සුසුමකින් දිය කරන කොට.
මගේ එකම එක වරදක්,
හරවන්න බැරිව
රිදුම් දෙනකොට
නුඹත් ඔහේ
එකම එක කඳුලකින් දිය කර
මුවින් කිසිඳු රළු වදනක් නොදොඩාම,
අතින් කිසිඳු පහරක් නොගසාම,
බලා ගත් අත ඈත ගගනතල,
වලාකුලත් පපුවට තද කරන්නට ඇද,,
'"තවම ආදරෙයි මම" මුමුනනු ඇසෙනකොට,
පහර පිට පහර තැලුවත්,
දොස් තැබුවත් කම් නැතිය..
ප්‍රේමය මතින් ආයේ ආයෙත් මරවනවාට වඩා..
ප්‍රේමිය.. මම.. නුඹේ කෙමිය, මතට වැටිමි. මල් පෙතිතර සැඟවෙමි. මකරද මත ගිලෙමි.