නාට්‍යය

හොරකම් කල දෙස දිටුවන් එලවනු වස් පිණිස.
මැරකම් කල මැර කල්ලින් අතුගා ලනු පිණිස
යහපත් පාලනයක් ගෙන කරනෙමි බෝ වෙනස
මෙත්පල් නරනිදු ඔටුණු දැරුවෙය සිරස

හොරුන්‍ විසින් මෙත්පල් සිංහාසනේ තැබුවා.
ඉතින් ඔහුත් හොරමැර නොදුටුම සේ උන්නා.
ඉඟුරු දීලා මිරිස්ද ගත්තේ කියලා.
මිනිසුන් ආයේ ඉඟුරුට ඡන්දය දුන්නා.

ආයේ ඉඟුරු නයි මිරිසක් වේවිදෝ.
අලුත් මිරිස් හෙට ඉඟුරක් වේවිදෝ.
දේශපාලනය නම් කැසිකිලියක් දෝ.
කවදා හොරුන් රජ පුටුවෙන් බහිවිදෝ..

කූඹියෝ බල බලා දායකයින් වෙරි වීලා.
මරු මරු කිය කියා නොඉවසිලිමත් වීලා.
ලොකු පුටු රජ කරන ගේමක රස දැනිලා.
යථරුත එයයි හැමතැන නැතිමද දැනිලා?

මුහුණ පොතේ තහනම අලුතින් ආවා..
ඒ සමඟම වයිබර් වට්සැප් මැකුණා..
වීපීඑන් විත් තහනම විහිලුවක් වුනා..
මෙත්පල් නිරිඳු ආයෙත් විහිලුවක් කලා..

කඩා හැලීම




කිසිම හැල හොල්මනක් නැතුව උන්න හිරු, එකෙනෙහිම ස්වයං ගිනි ගැනීමක් ඇරඹුවා... ළඟ උන්න වලාකුළු හදිසි කම්පනයෙන් කම්පිතව කඩා හැලුනා... ජල බිංදු එකින් එක නිර්මිතව...
හැමදේම බාර ගත්තේ අර අහිංසක පොළව... සියල්ලම අවසානයේ හිමි පොළවට...

"ඔයාට ඇහෙනවද මගේ මේ වචන... වක් ගැහුනු වචන වල කොහෙද ආදරේ.. මං දන්නවා ඔයාට වුවමනා වුනේ ආදරේ විතරයි.. ඉතින් මට වුවමනා ඔයාගේ ළඟ ඉන්න විතරයි.."

එහෙම කිව්වේ අවම ප්‍රමාණයක ආදරයක් හරි ලබන්න...
ඒත් මං උන්නේ බඩ විරේක වෙලා , උෂ්ණේ නිසා මං අරළු බිව්ව නිසා වෙන්න ඇති, එයා නම් උන්නේ හත් මාළුවක් එක්ක බත් ගිල්ලා වගේ සන්තෝසෙන්..

"දන්නවද මං හත් මාළුව උයන්න ඉගෙන ගත්‍ත හැටි... මාළු වර්ග හොයන්නම මට අවුරුද්දක් ගත වුනා... කෑගල්ලේ හිටපු යාලුවෙක්ගේ උදව්වෙන් තමයි මං හත් මාළුව ඉව්වේ... එයා නම් කලේ රස කර කර කෑව එක... ඒත් එක පාරක් රසයි කීව්වද... ඒත් ගැහැනු ඇස් දෙකකට බැරිද පිරිමි හිතක් කියවන්න, පිරිමි මුහුණකින්... ඇත්ත.. මොනවා නැතත් ඒ හැකියාව නම් පිහිටලා තිබුනා..."

මං පිළි ගත්තා මට උරුම පොළව වෙන්න කියලා.. එයා ගගන.. ගගන්ධාර... එයා උන්නේ පිරිවර පිරිවරාගෙන. හරියට නිරිඳෙකුට ඉන්න අන්තපුරය වගේ.. මං අගමෙහෙසියක්ද නැති නම් අන්තපුරයට අයිති උප බිසවක්ද කියන්නවත් මං දැනන් උන්නෙ නැහැ... බගාදා සේවිකාවක් වෙන්ට ඇති.

" විශාලා මහනුවර තුන්භිය එනවා වත් මං දැන උන්නේ නැහැ.. මොකද එතකොටත් මං හිටියේ මගේ කාමරේ දොරගුලුත් වහගෙන.. දවස් සීයක් පුරා කිසිම කෙනෙක්ගේ සෙවණක් , සමාගමක් මට තිබුනෙ නැහැ..."

ඔයා ගගන්ධාර... මං මහීකාන්තරය.. ඇත්ත... කිසිම පෝෂ්‍යක් හිමි නොවුන නිරුදක කතරක් මං... හරියටම කියනවා නම් මහා වාලුකා කතර වගේ.. ඒත් සේද මාවත මා හරහා වැටිලා තිබුනේ, හරියට එයාට ඇයව හමු වන්න මමත් උපකාර කලා කියන කියමනම සනාථ කරන්න... ඒත් මං කල උදව්වක් තිබුනේ නැහැ.. හරියටම කියනවා නම්.., එයා මාව පාවිච්චී කලා...

ශත වර්ෂයකට පස්සේ වාලුකාවට වැස්සක් වැටුනා.. වැස්ස පසුපස හමා ආවේ කර්කශ කතාන්දරයක්.. ඒක කියන්න වුවමනාවක් නැහැ.. මොකද කාවවත් දුකට පත් කරන්න වුවමනාවක් නැති හන්දා...

රැලි ගහන ප්‍රේමයක්.. කවදාවත් දැකලා තියේද.. කවදාවත් නැවතුනේ නැහැ. ඒත් හැමදාම පැවතුනා.. මං වෙරල වුනා. මට වුවමනා වුනේ නැහැ අනන්ත ප්‍රේමයක්.. හරියට අනන්ත ප්‍රේමයකින් ඩෙල්ටා ප්‍රමාණයක් විතරක් උරුම වගේ හැමදාම රැලි නැගුනා. ඒ වගේම රැලි බැස ගියා... ඉතින් ඩෙල්ටා ප්‍රමාණයක්වත් හිමි වුනේ නැහැ.. මං උපේක්ෂාවෙන් නමුත් බලාපොරොත්තු පහන් දල්වගෙන බලා උන්නා.. හරියට වෙසක් කාලේ පන්සලේ පහන් වැට වගේ.. නොනිමෙන පහන් හැමවෙලේම දිදුලනා. ඒත් කවදාවත් ඔබ රැඳුනේ නැහැ... මං තීරණය කලා වෙරලෙන් ඈත්ව ගොඩබිමට සංක්‍රමණය වෙන්න....


අම්බපාලිය




අම්බපාලිය ඉපදුනේ ඒ වෛශාලි නුවරම නොවේ...
ඈත පිටිසර ගොවි ගමකි එය සොඳුරු අනුරාපුරේ...
පියා ගොවිකම් කලේ නම් ඒ අඳ කුඹුරු පමණකි එහේ...
නියං කාලෙට, වැස්ස කාලෙට ණය හුඟක් පිරුණා වැවේ...

තවුතිසාවට එන්න කියලා ඇයට අඬගහනා වෙලේ..
නොයනු කෙලෙසක තනිව උරදී පවුල ගොඩයන හීනයේ..
තවුතිසා නොව කොළොම්පුරයේ, ඈ වැටුනේ ස්පා කඩේ..
තෙරපන්න නොව ඇයට වූයේ සැතපෙන්න පොඩි අඟුපිලේ..

හීන ඔහොමයි කඳුලු පමණයි හිතම තද කරනා වෙලේ.

ඇගේ තනියට උන්නේ නැහැ එක කවුරුවත්වත් මෙදියතේ.

ඇගේ රූ සපු දිස්නේ දැකලා, රෑ මිලම එක දෙක වුනේ.
මොණර කොළයට පාට වැටිලා හීන හෙමිහිට එලි වුනේ.

කුරුළු පැටියෙක් ආදරෙයි කියු ගමේ වෙල් පවනත දිගේ.
රෝස මල් පෙති තැලුනේ ඈගේ රෝස කැලයද එහේ.
නපුරු හීනෙන් ඇයව මිරිකී කුසම දඟ කරනා කලේ,
කුරුල්ලා, අලුගොසුවා වීලා කුරුලු පැටියා මැරුවනේ...

මතක අමතක කල යුතුව ඇති මුත් ඇගේ හද , ගල් මලෙකි දෝ.
වැලලු හීනය අයේ ගන්නට සුදු මලක් මුනි පිදුවදෝ.
ඇගේ අසරණබවට කිසිවෙක් නොනිත් කම්පාවේවිදෝ.
දිවිය ගිය කටු කොහොල පාරෙන් ඈ කෙලෙස වෙන්වෙන්නදෝ.


නුඹට බැහැ ඔහොම ඉන්න...

කාශ්ටක නිරුධ කතරක්
කෙම්බිමක් කරන්නට
සුසුමන් හෙලූ...

කඳුලු බර දරන්නට උරහිස දුන්
හර්දයාංගම හදවත
හිමිකමක් කියූ..

අච්චරක් ආදරෙන්
නලල සිඹ,
ආදරෙන් බව ඇමතු,

නුඹට බැහැ
මෙච්චර කඳුලු ම'නෙතට පුද,
ඔහෙම නිහඬව ඉන්න...

පර්සියස්




පර්සියස් ඔබ නොසිටි නම්,
රූමත් කුමරියගේ සිත් ගත් වීරයෙකු,
මේ මිහිබට නොසිටින්නට ඇත...

මලවුන් අතරය අප දැනුදු
දස දහස් වසකට පෙර මියැදුන,
නුමුත් මතකය නොම මියෙන
තවමත් ආලෝකය වපුරන.

රූමත් රජ කුමරියකට වුව,
හදවත ගැහෙන රාවයක් තිබිය හැක,
එකම හදවතක් පමණක්ම හඳුනන...
දුප්පත්ම හදවතක් වුව විය හැකිය පර්සියස්, හිමි කරුද ඔබ....

පසු කරන් කලියුගය,
එලි කලත් දිගු රැයැක,
විරහවකින් පෙලෙන,
සසැලෙන හද පෙලුව,
දාහය ගිම් සැරය...

වර්ෂ දහස් ගණනකටත් පෙර
තරුද මියැදුනය.
ඔබ වීර කතාවක
තවමත් උස් තැනය.
මා සියල්ල පිනැවු,
රූමත් කෙල්ලක්‍ නුමුදු.
සුරකුවේ මා ඔබැම ය..

මේ තරු සිතුවම
ඒ මිහිරි සමයේ
ආදරෙන් මූර්තිමත් වූ
ඉවසිලිවන්ත කවද....

=================================

(ඇන්ඩ්‍රෝමීඩා, සෙපියුස්‌ රජුගේ සහ කැසියෝ පියෝ බිසවගේ රූමත් දූ කුමරිය වූවාය
තම දියණිය වූ ඇන්ඩ්‍රෝමීඩා මුහුදු අප්සරාවන්ටත් වඩා රූමත් බව කැසියෝ පියෝ බිසව පැවසු බව මුහුදු අප්සරාවියගේ පියා වූයේ සමුදුරට අධිපති නෙප්චූන් දෙවියන් කෝපයට පත්විය. මෙනිසා ඔහු සෙපියුස්‌ රජුගේ රාජ්‍ය බිලිගැනීමට මුහුදු මකරකු / රකුසෙකු යෑවීය.

දෛවඥයන්ගේ මතය වූයේ මෙම මුහුදු මකරාගෙන් රට බේරා ගැනීමට රාජකීය කුමරිය වූ ඇන්ඩ්‍රොමීඩාව මුහුදට බිලිදිය යුතු බවය. එනිසා සෙපියස් රජු තම දියණියව මුහුදු වෙරළෙහි ගල් කුළක බැඳ තැබීමට අණ කළේය.

මකරා මුහුදෙන් මතුව, ඇන්ඩ්‍රොමීඩාව බිලි ගැනීමට මොහොතක්‌ව තිබියදී, මෙඩුසා නමැති යක්‍ෂණියගේ හිස ද රැගෙන පියාඹන අශ්වයකු පිටේ නැඟී ඒ අසලින් පර්සියස්‌ නමැති වීරයා ගමන් කරමින් සිටියේය.
මෙඩුසාගේ දෙනෙත්වල බැල්ම පතිතවන ඕනෑම දෙයක්‌ ගල්බවට පත්වන අපූරු බලයක්‌ ද විය. පර්සියස්‌ මෙඩුසාගේ දෙනෙත් මුහුදු රකුසා වෙත යොමුකළ විට ඔහු ගල් රුවක්‌ බවට පත්විය. පසුව පර්සියස්‌ මුහුදු වෙරලේ ගල් කුලක බැඳ තිබු ඇන්ඩ්‍රොමීඩාව දම්වැල්වලින් ලිහා බේරාගත්තේය.
අද පවා පර්සියස්‌ අහසේ සිටිනුයේ තම කඩුව එක්‌ අතකින් වනමින්ද අනික්‌ අතින් මෙඩුසාගේ ලේ පෙරෙන හිස ද අතින් රැගෙනය. මෙඩුසාගේ හිස සංකේතවත් කරනුයේ ඇල්ගොල් නම් තාරකාවෙනි. අරාබි වචනයක්‌ වූ ඇල්ගොල් යන්නේ අරුත යක්‍ෂයා හෝ භූතයා හෝ යන්නය.-අන්තර්ජාලය ඇසුරෙන්)

=================================


පව

යන්න ඕන වෙන්නේ ආදරය නැති නිසා නෙවේ... හුඟක් ආදරය නිසා.. ඒත් ඈතට වෙලා ඉන්න බැරුව එන්නේත් ආයේ ඒ හුඟ ආදරේ නිසා.... ඒකට කියන්නේ "සංස...