අම්බපාලිය




අම්බපාලිය ඉපදුනේ ඒ වෛශාලි නුවරම නොවේ...
ඈත පිටිසර ගොවි ගමකි එය සොඳුරු අනුරාපුරේ...
පියා ගොවිකම් කලේ නම් ඒ අඳ කුඹුරු පමණකි එහේ...
නියං කාලෙට, වැස්ස කාලෙට ණය හුඟක් පිරුණා වැවේ...

තවුතිසාවට එන්න කියලා ඇයට අඬගහනා වෙලේ..
නොයනු කෙලෙසක තනිව උරදී පවුල ගොඩයන හීනයේ..
තවුතිසා නොව කොළොම්පුරයේ, ඈ වැටුනේ ස්පා කඩේ..
තෙරපන්න නොව ඇයට වූයේ සැතපෙන්න පොඩි අඟුපිලේ..

හීන ඔහොමයි කඳුලු පමණයි හිතම තද කරනා වෙලේ.

ඇගේ තනියට උන්නේ නැහැ එක කවුරුවත්වත් මෙදියතේ.

ඇගේ රූ සපු දිස්නේ දැකලා, රෑ මිලම එක දෙක වුනේ.
මොණර කොළයට පාට වැටිලා හීන හෙමිහිට එලි වුනේ.

කුරුළු පැටියෙක් ආදරෙයි කියු ගමේ වෙල් පවනත දිගේ.
රෝස මල් පෙති තැලුනේ ඈගේ රෝස කැලයද එහේ.
නපුරු හීනෙන් ඇයව මිරිකී කුසම දඟ කරනා කලේ,
කුරුල්ලා, අලුගොසුවා වීලා කුරුලු පැටියා මැරුවනේ...

මතක අමතක කල යුතුව ඇති මුත් ඇගේ හද , ගල් මලෙකි දෝ.
වැලලු හීනය අයේ ගන්නට සුදු මලක් මුනි පිදුවදෝ.
ඇගේ අසරණබවට කිසිවෙක් නොනිත් කම්පාවේවිදෝ.
දිවිය ගිය කටු කොහොල පාරෙන් ඈ කෙලෙස වෙන්වෙන්නදෝ.


Comments

  1. ෂා.... ඒක මරු......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආයු

      Delete
  2. අරුත්බර කවක්.... තව ටිකක් හිතලා කලබලයක් නැතුව ලිව්වනම් තව අගෙයි කියලා හිතුනා මුල තියෙන ගැලපීම තාලය අන්තිම අන්තිම වෙනකොට නෑ වගේ

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම තාලය නැති වෙලාද.. මං පෝස්ට් කරද්දි ආයේ කියෙව්වම එච්චර අවුලක් තේරුන් නැහැ. අක්ක කිව්වම නම් පේලි දෙකක අවුලක් පෙනුනා. එකක් හැදුවා.අනික නම් හදන්න අමාරුයි වගේ.. ස්තූතියි අක්කේ අදහස් වලට.

      Delete
  3. Replies
    1. ස්තූතියි ඉයන් මාමේ... 😊

      Delete
  4. Replies
    1. වැටට තුති තඩි...

      Delete
  5. Replies
    1. ස්තූතියි අයියේ

      Delete
  6. සොඳුරු සඳවතීට හිතුන දේම තමා මටත් හිතුනෙ, හැබැයි ඔයාටත් එන්නෙ අපුරු සිතුවිලි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ .... ස්තූතියි අනේ ඔයාට

      Delete
  7. දුකයි. ඒත් මේ වගේ දේවල් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනි

      Delete

Post a Comment