කඩා හැලීම




කිසිම හැල හොල්මනක් නැතුව උන්න හිරු, එකෙනෙහිම ස්වයං ගිනි ගැනීමක් ඇරඹුවා... ළඟ උන්න වලාකුළු හදිසි කම්පනයෙන් කම්පිතව කඩා හැලුනා... ජල බිංදු එකින් එක නිර්මිතව...
හැමදේම බාර ගත්තේ අර අහිංසක පොළව... සියල්ලම අවසානයේ හිමි පොළවට...

"ඔයාට ඇහෙනවද මගේ මේ වචන... වක් ගැහුනු වචන වල කොහෙද ආදරේ.. මං දන්නවා ඔයාට වුවමනා වුනේ ආදරේ විතරයි.. ඉතින් මට වුවමනා ඔයාගේ ළඟ ඉන්න විතරයි.."

එහෙම කිව්වේ අවම ප්‍රමාණයක ආදරයක් හරි ලබන්න...
ඒත් මං උන්නේ බඩ විරේක වෙලා , උෂ්ණේ නිසා මං අරළු බිව්ව නිසා වෙන්න ඇති, එයා නම් උන්නේ හත් මාළුවක් එක්ක බත් ගිල්ලා වගේ සන්තෝසෙන්..

"දන්නවද මං හත් මාළුව උයන්න ඉගෙන ගත්‍ත හැටි... මාළු වර්ග හොයන්නම මට අවුරුද්දක් ගත වුනා... කෑගල්ලේ හිටපු යාලුවෙක්ගේ උදව්වෙන් තමයි මං හත් මාළුව ඉව්වේ... එයා නම් කලේ රස කර කර කෑව එක... ඒත් එක පාරක් රසයි කීව්වද... ඒත් ගැහැනු ඇස් දෙකකට බැරිද පිරිමි හිතක් කියවන්න, පිරිමි මුහුණකින්... ඇත්ත.. මොනවා නැතත් ඒ හැකියාව නම් පිහිටලා තිබුනා..."

මං පිළි ගත්තා මට උරුම පොළව වෙන්න කියලා.. එයා ගගන.. ගගන්ධාර... එයා උන්නේ පිරිවර පිරිවරාගෙන. හරියට නිරිඳෙකුට ඉන්න අන්තපුරය වගේ.. මං අගමෙහෙසියක්ද නැති නම් අන්තපුරයට අයිති උප බිසවක්ද කියන්නවත් මං දැනන් උන්නෙ නැහැ... බගාදා සේවිකාවක් වෙන්ට ඇති.

" විශාලා මහනුවර තුන්භිය එනවා වත් මං දැන උන්නේ නැහැ.. මොකද එතකොටත් මං හිටියේ මගේ කාමරේ දොරගුලුත් වහගෙන.. දවස් සීයක් පුරා කිසිම කෙනෙක්ගේ සෙවණක් , සමාගමක් මට තිබුනෙ නැහැ..."

ඔයා ගගන්ධාර... මං මහීකාන්තරය.. ඇත්ත... කිසිම පෝෂ්‍යක් හිමි නොවුන නිරුදක කතරක් මං... හරියටම කියනවා නම් මහා වාලුකා කතර වගේ.. ඒත් සේද මාවත මා හරහා වැටිලා තිබුනේ, හරියට එයාට ඇයව හමු වන්න මමත් උපකාර කලා කියන කියමනම සනාථ කරන්න... ඒත් මං කල උදව්වක් තිබුනේ නැහැ.. හරියටම කියනවා නම්.., එයා මාව පාවිච්චී කලා...

ශත වර්ෂයකට පස්සේ වාලුකාවට වැස්සක් වැටුනා.. වැස්ස පසුපස හමා ආවේ කර්කශ කතාන්දරයක්.. ඒක කියන්න වුවමනාවක් නැහැ.. මොකද කාවවත් දුකට පත් කරන්න වුවමනාවක් නැති හන්දා...

රැලි ගහන ප්‍රේමයක්.. කවදාවත් දැකලා තියේද.. කවදාවත් නැවතුනේ නැහැ. ඒත් හැමදාම පැවතුනා.. මං වෙරල වුනා. මට වුවමනා වුනේ නැහැ අනන්ත ප්‍රේමයක්.. හරියට අනන්ත ප්‍රේමයකින් ඩෙල්ටා ප්‍රමාණයක් විතරක් උරුම වගේ හැමදාම රැලි නැගුනා. ඒ වගේම රැලි බැස ගියා... ඉතින් ඩෙල්ටා ප්‍රමාණයක්වත් හිමි වුනේ නැහැ.. මං උපේක්ෂාවෙන් නමුත් බලාපොරොත්තු පහන් දල්වගෙන බලා උන්නා.. හරියට වෙසක් කාලේ පන්සලේ පහන් වැට වගේ.. නොනිමෙන පහන් හැමවෙලේම දිදුලනා. ඒත් කවදාවත් ඔබ රැඳුනේ නැහැ... මං තීරණය කලා වෙරලෙන් ඈත්ව ගොඩබිමට සංක්‍රමණය වෙන්න....


Comments

  1. Replies
    1. අම්මෝ ඔයා හරි ආස උන එක සතුටක්, මගේ පික්සු කතාවට

      Delete
  2. මාරයි මේක .. අමුතුයි හැඩයි... මම ආසම මේ ටිකට

    ඒත් මං උන්නේ බඩ විරේක වෙලා , උෂ්ණේ නිසා මං අරළු බිව්ව නිසා වෙන්න ඇති, එයා නම් උන්නේ හත් මාළුවක් එක්ක බත් ගිල්ලා වගේ සන්තෝසෙන්..

    ReplyDelete
    Replies
    1. හීහී.. ඕක ලියන දවස් වල මං අරලු බිව්වනේ ඒකයි ඒ ලිව්වේ.

      Delete
  3. Replies
    1. මෙන්න තව බාස් කෙනෙක් ඇවිත්.. ස්තූතියි වැටට

      Delete
  4. ඔයාටත් හිතෙන දේවල් ,
    අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. හි හි.. ඇයි අවුල් වගේද .

      Delete

Post a Comment