ප්‍රේමයට...

පහන් වනතුරු අඳුරු රෑ යම
ඇඟිලි සිතඟින් හෙමින් ගනිමි...
අඳුර ආ පසු බුබුලු නිවලා
කඳුලු උල්පත හොරෙන් හරිමි...

නුඹේ මතකෙන් පිරෙන මගෙ සිත
නුවනඟින් උණු කඳුලු දරමි..
ආයේ පින්නේ සොඳුරු අරුණේ
හසකැලුම් පා සිනා සලමි...

ඉදින් ඇත්තට කියනු කවුරුද
සත්තකින් නුඹ මගෙන් නික්මී..
එදත් එහෙමයි අදත් එහෙමයි
මගේ ප්‍රියබඳ නුඹයි රදුනි...

කඳුලු දහදිය හෙමින් කලතා
මන්ද්‍ර සුළඟක ඔතා එවමි.
නුඹට ලියු කවි සියතුන්ට දී
ගයන්නට මම පැතුම් පුරමි.

මගෙ සුවඳම දැනුන පසු නුඹ
සුළඟ පසුපස ඇදෙනු දනිමි
මගේ කවි ගී ඇසුන පසු අපේ
මතක දිගැ'රෙන බවත් හිතමි.

නුඹ පැවසුවෙන් දුක හරින්නට
මධුවිතක් ගෙන බලා හිඳිමි.
මතක ඇහිරි පැමිණෙනා නුඹ
සමඟින්ම මධු විතත් පුරමි..

වැඩියෙන් මං නුඹට පොවමි.
ඉදින් නුඹ අසිහියටම යවමි.
සත්‍ය කියනා තුරුම මධු පැන්
පොවා නුඹේ හිතේ අඟුල් හරිමි..

ආදරේ මතුවන තුරා හදවතේ
මතක සැමරුම් හෙමින් අදිමි.
ආදරේ කර වෙන් වුනේ කිම
කියනතුරු ඉවසාම හිඳිමි...



පිලිතුරු කවිය:
තෙත්ව යනතුරු ගතේ අදිවත
හිරු රැසින් මා විඩා කරති
වෙහෙස නෑ මට හිරු ඔබයි මට
ඔබේ හසරැල් මතක් කරමි

ඔබේ මතකෙන් පිරෙන මගෙ සිත
එදා මෙන් මදහසක් මවති
ඔබ සිටී නම් හදේ ගැබුරත
කදුලු කුමටැයි සිනහ සලති..

කදුලු සුසුමන් හදේ සගවා
සිනහ හසරැල් සුලගෙ එවමී
සියොත් ගී නද වෙත යොමා කන්
ඔබෙන් හසුනක් වේද සොයමි

සුවද ඔබගේ ගෙනෙන සුලගේ
එතී එන්නට නොහැක පතිනී
යතා දිවි මග බොරලු කටු වෙයි
බොලද කවියක් නොවේ සදුනී

දුක නිවන්නට මදු විතෙන් බෑ
ඔබ මෙන්ම එය මමද දනිමි..
ගතද වෙහෙසයි සිතද වෙහෙසයි
මදු ක්‍ශනයකට සුවය පමනි..

ඔබ සමග කල පෙම් කතා පෙර
හාදු මල් වැල් සමග මුසුවී..
නුවනගින් දුන් කැලුම් ආදර
තවම මතකයි ප්‍රේම රැජිනි...

පෝරුවක බැදි සුලු ඇගිලි මත
ඔබට නොහැගුනු අරුත් තිබුනී..
තැලි පිලිද හා සේද පිරුවට
යුතුකමින් මා ඔබට බැදුනි..

ආදරය හද පතුලෙ සගවා
එවන් යුතුකම නිතර සිතමි..
නමුදු ඒ පෙම වියැකිලා නැහැ
ජිවිතය මගෙ ඔබයි පතිනී...

(පිලිතුර ලිවූයේ සිතුෂි...
කැම්පස් එකේ ජූනියර් නංගි කෙනෙකි.... තුති ඇයට...)


සිය පෙම්වතියගෙ ප්‍රථම ප්‍රේමයට වංචා කල පෙම්වතෙකුගේ පසුවදන.....

ආසාවේ පොඩි වෙච්ච සින්ධූර් තිලකයට
කඳුලු පර මල් පෙති වැටිලා
අදත් හීනෙක ගුලිවෙලා...

හදවතේ අත නොපොවන මායිමෙක
හීනියට දලුදමා ආයේ පරවෙලා
සදා කල් හැංගිලා හීන රොඩු තියෙනවා....

අම්බපාලියටත් පින හුඟක් තිබුනට
පත්තිනි සළුවකට කාසි හිඟ වුනිද..
හීනයක ලියැවුන ප්‍රථම ප්‍රේමය
හැංගුනේ ඒ සළුව යට නේද...
අහන්නේ හිත මගෙන්ම නේද...

නොකිව්වට එක වදනකුඳු ඇය.
රිදුනෙ නැතිවා නොවේ ඒ සඳ.
සඳක් ලෙස ඈ සිතා සිටි සඳ
බැස ගියේ පුරවා අමාවක සඳ.
ආවේ නෑ ආයෙත්ම ඒ සඳ.

රිදුන සිත



පෙමක වත්සුනු තවරලා
කොපුල් ප්‍රේමෙන් මත් වෙලා
නලලේ සින්ධුර් පැහැය තද රතු
නුඹේ නමටම ලියැවිලා

මතක මල් පෙති හැලි හැලි
පෙමක ගුම් ගුම් නද දිදි
ගලා යන මේ මාරුතේ වුව
පෙම ගැනම නිම්හිම් නැති.

සන්තානේ රිදෙනා හැටි
නුඹම නොදනි මම දනි
සියුම් වැලි ඇති පොලො තලයෙත්
රටා මැවුනේ රිදි රිදි...

නමට ලියනා කවි මවා
රටා ගැන්වු පද පවා
මෑවු පර් යාය පද ගැන.
මහත් වෙසෙසින් මිමිනුවා.

ආදරය මැකුනේ බොඳවෙලා.
කඳුලු පෙතිවල දියැවෙලා..
ඔබම නාවත් තරහා නෑ මං
පැතුම් සුනු වී නැතිවුනා..


වලාකුලක්මි____☁🏔



උග්‍ර ග්‍රීෂ්මෙක සුන්දර නිල්ම නිල් වලාකුලක්ව උප්පත්තිය ලද මා ඔබට මේ පැවසීමට තතනන්නේ මගේ ප්‍රේමාංකුරයේ අවශේෂ සංක්ෂිප්තයයි. එහි අනවැසි දේ මතකයෙන් කීතු කර ඉරා දමමින් ඔබට අව්‍යාජව විස්තර කිරීමටත් මම අපේක්ෂා කරමි,නිස්කාරනේ වචන අපතේ නොයන්නටද මඟ බලා ගනිමි. ඉදින් මේ මගේ කතාවයි..
මම සන්දුෂ්නා වෙමි. අත්ලාන්තික් සමුදුරේ ඉහල ආකාසයේ උප්පත්තිය ලද්දේ නත්තල් අවසන් වී මාස දෙකක් ඉක්මව ගිය තැනය. ඒ ඉතා වියලී කාලගුණයක් සහිතව උග්‍ර ග්‍රීෂ්මයක අනාවැකි පල කරමින් තුබූ කාලයකි. අහිංසක මේඝ දූතියක් ලොවට තිලිණ කරමින් මගේ මව මට උප්පත්තිය ලබා දුන්නීය. 
සිනහා නම් නොවන්න.. මගේ පියානන් කවුරු දැයි මම අදටත් නොදනිමි.. ඒ මෝසම් සුලඟක් වීමට හුදෙක් ඉඩ හසර තිබිය යුතුය.. මන්ද මගේ මවගේ හදවතෙහි මහත් වෛරයක් මෝසම් සුළඟ හා විරජමානව පවතින බැවිනි...

මට තිබුනේ පාවෙන්නටය. මා පාවෙමින් පාවෙමින් දෙරණතට ඉහලින් සැරිසැරුවෙමි. අනතුරුව මම අතිශය චණ්ඩ කාලතරණයෙන් පසු ඉතා නිසසල සෘතුවකට පැමිණියෙමි. ඒ අත මහා ග්‍රීෂ්මෙන් වියැලීද, අනෙක් අතට මහා සිසිර සෘතුවෙන් මිරෙකෙමින්ද  හුස්ම ඇද ඇද,වෙහෙසකර සමයන් ගව්වක් පසු කර ආමි... ඒ මා පියනැගුවේ වසන්ත සමයකටයි.. ඒ අතිශය මනස්කාන්ත දූපතක් ඉහලටයි...
මගේ මුහුන දෙසට වන්නට තිබුනේ තරු පහකි. ඒවා මලක් සේ රාත්‍රියට දිස් වුන බව වෙනත් වලාකුලක් පැවසුවේ ඊර්ෂ්‍යාවකින් බව මම දැන උනිමි.. මට අවැසි වුනේ සමුදුරක් ඉහල ලැගුම් ගන්නට නමුදු මා අවසානයේ නවාතැනක් ලෙස හිමි වූයේ කන්දකි.. එය යුරල්ද ඇල්ප්ස්ද නැතිනම් රොකීදැයි නොදනිමි..
නමුත් මට අවැසි විටෙක කදු මුදුන සිප ගැනීමට මගේ වේෂය වෙනස් කල හැකිය... දුර්ගයක් නොලැබ කඳුමුදුනක් ලැගුම්හල ලෙස ලැබීම මම ලද භාග්‍යක් සේ සලකමි. දුර්ගයක භයානක බව නොදුට,කඳු පෙලක අසිරිය විඳින්නට ලැබීම මහත් සන්තුෂ්ටියකි.
තව නවාතැන් කොච්චරක් හිමිදැයි මම නොදැන උනිමි... නමුත් මා වියැලි දිනෙක කඳුකරයෙන් බැහැර ගොස් කඳුකරය දෙස බලා හිඳිමින් වියැලෙන්නටත්, සීත දිනෙක කඳු මුදුනෙ වෙලී සීතල නස්නටත් පුරුදු වුනෙමි.. නමුත් මා පිලිබඳ කඳු මුදුන හෝ නිර්නය කිරීම පිලිබඳ තුටු නොවූයෙමි.
ප්‍රේමය නම් සොයා එන්නාමය යන කියමන සනාථ කරමින් මගේ ප්‍රේමය කඳු මුදුනක් බව හැඳිනගැනීමට වසන්ත දෙකකුත්, මහා කුණාටු දහ හතරකුත් පසු කරන්නට සිදු විනි.. නමුත් ප්‍රේමය හැඳින ගැනීමෙන් පසු මාද නැති නම් කඳු පන්තියද ගැබ්බර වූයේ යැයි මට සිතා ගත නොහැකි විනි...
අදටත් සිතින් ගැබ්බර'මි...


වස්සානය________ ❤



සුළඟකට මඟ තොට කියා
ගැහුණ තුරු පත් බිම හලා 
නිහඬ රජයන රුක් පවා
සැසැලවෙයි දෙරණත සලා...

ඔවා මුතු මිණි පල නෙලා
දුක්ඛ දාහය වල් නෙලා
කමටහන් දුන් මන්ද්‍ර සුළඟක්
සෙමින් ළං වෙයි දුර තියා...

මල් කැකුලු විකසිත වෙලා
හිරියකින් ඇඹරී ගියා.
සුළඟ කියු බස නෑසුනා ලෙස
මල් හිඳි කොනකට වෙලා...

තුරු ලතාවන් දලුලලා
වසන්තය පැමිණිය නියා
සමනලුන් පියඹලා ඇවිදින්
මල් පියලි හෙමිහිට සිඹිනවා...




පෙම් කරමි

බොහෝ රළු ගර්ජනා නොහිතාම           හිඳිමි..
හිතෙන එක මොහොතකට සඟවාම   හඬමි..
රෑ දොලොස් පැය පුරා නිදි වරා               ගෙවමි..
ආයේ අවදිව නුඹට මමම පෙම්              කරමි..

කෘෂ වේදය


    

කෘෂ වේදය අතිශය සංක්ෂිප්තව මෙසේ වන්හ...
යටගිය දවසැ මහෝදය නම් නිරිඳකු රජකම් කරන සමයෙහි හේ තෙමේගේ දියණියන් වහන්සේ මහත් රුජාවකින් පෙලෙන සේක... නිරිඳානෝ රාජ්‍යයේ සුපතල වෛද්‍යාචාරින් අමතා සංදේශයක් යැවූහ.. එය මෙසේ යත් සිය දියණිතොමෝ දසවසක මුළුල්ලෙහි පෙලෙන රුජාව නස්නය කරනු පිනිස මහත් ආනුභාව ඖෂධයක් ලබා දෙන වෙද දුරෙක් ඇත් නම් මහා සම්පත්තීන් පිරි නමා යොදුන් හාර ලක්ෂයක නින්දගම් පවරණවා යැයි අසුන් පත් කෙටවීය...
නමුත් සියලු වැසියන්ගෙන් දියණිතොමෝගේ රුජාව වසන් කරලීමට නිරිඳානෝ වෙහෙසි වූහ..

සතර දිශා වල්ලෙන්ම දස දහස් වෛද්‍යාචාර්ය වරුනු මම නස්න කරලමියි, මම නස්න කරලමියි කියමින්... අවුන් පත් එවූහ..
නමුත් රජාණෝ විසින් සිය දියණි තොමෝ ප්‍රථමයෙන් මුන ගැස්වීමට උකටලී නුවූයහ. ඉදින්, රජාණෝ තමාගේ නින්ද සැපවත් කරවීමය මහානුසම්පන්න ඖෂධයක් ලබාදෙන මෙන් ඉල්ලීය..

ඉක්බිති කිසිඳු වෛද්‍යාචාරි කෙනෙකු රජාණන්ගේ නින්ද සැපවත් කිරීමට කෞෂල්‍ය නුවුහ.
ඉදින් මහ රජාණෝ ඒ වෛද්‍යාචාරින් සිය දහසක්ට මඳක් වැඩියෙන් පිරිසක්ම නැවත හරවා ඔවුන්ගේ ගම්බිම් බලා යැවූහ.
අවසානයේ නිරිඳානන්ට මහත් පල ජීවකයාණන් තොමෝගේ ගුණ සම්පත්තීන් අසන්නට ලැබිණි.. සකලවිධ ප්‍රකට මහත් පල සහිත වූ ජීවකයානන් සොයා නිරිඳානෝ අසුන් පත් යැවූහ.. අනතුරුව ජීවකයාණෝ මාලිගාවට පැමීණීයෝය.. නිරිඳානෝ තමාගේ හිසේ රුජාව ඉවතලා, ජීවකයානන් කැඳවා මෙසේ තෙපුලහ..
"මාගේ දියණියගේ සදාතන මහත් වූ අග්නි ජාලයක් කුසහි හට ගන්නා ලදුව දියණි විසින් අමාශයෙහි හිඩැසැක් හෝ ශේෂ නොකරමියැ සිතින් එකත් පස්ව පොරොන්දු වෙමින් පූරණය කරන මහත් භෝජන සංග්‍රහය ආමාශයේ විනිවිද රුහිර ධාතුවට වැඩම නොකොට ආහාර මාර්ගයෙ අවසානයෙන් පිටතට සැපැත් වන සේක.. ඉදින් සදාතන දියණියන් ඉතා කෘශව හිඳින්නාය. මේ සා කෘෂ භාවය සහේතුකව දියණියන්ට විවාහ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වන්හ, ඉදින් මෙයට සුදුසු පිලියමක් වන්හේ නම් යුහුසුළුව කිව මැනව, එතකින් ඔබට මහත් සැපසම්පත්තීන් පුදලමි."

දියණියන් පරික්ෂා කොට බලා ජීවකයාණෝ් මෙලෙස තෙපුලහ.
"දියණියගේ කිසිඳු නිදානගත රෝගයක් නොමැති බැවින් පිලියම් නොවේ.. ආවාහ විවාහ කරදීමෙන් දියණියන්ගේ කෘෂ භාවය ශේෂ නුවනූමය..එතකින් දියණියන් කෘෂ නොවී මහත් විසල් ශරීරයක හිමිකාරියක් වන්නීය.."
ඉකිබිති, රජු දියණිගේ විවාහය සඳහා සුදුසු කුමරෙක් සොයා නැවතත් අවුන් පත් යැවීය. නැවත නැවතත් සිදු වූයේ සියල්ල ඵල රහිත වෙමින් විවාහ යෝජනා ප්‍රතික්ෂේප වීමය.. ඉදකින් නිරිඳානෝ මෙන්ම දියණියෝද විඩාවට පත් වූහ..
ජීවකයාණන් තරුණ හෙයින්ද, තවමත් ආවාහා නුවුනු  බැවින්ද, නිරිඳානෝ ජීවකයානන්ගෙන් සිය දියණි විවාහ කර ගැනීමට වදන් ඉල්ලුවේය.. ඉදකින් ජීවකයාණෝ දුර්ධරව විපලිසර භාවයට පත් වූවෝය.. නුමුත් ජීවකයානන් තමාට නුසුදුසු කුමාරිකාවක් නුවූයෙන්, පිලිවදන් දුන්නේ සිය කැමැත්ත ප්‍රකාශ කරමිනි...
අවසානයේ ජීවකයානන් විසින් කුමරිය සරණපාවා ගැනීමෙන් අනතුරුව කෘෂ භාවය ශේෂ නූවීය. එතකින් කෘෂ වේදය නිමාව දක්නා ලදහ...
=======================
මගේ පිස්සු කතා කියවන ඔබට තුති... 😂😂

මේඝා



ගැට පිච්ච සුවඳ බිඳු
කෙහෙරැල්ලේ ගවසලා
සඳ බැස්ස බිමට නුඹ
බසිනු මැන මේඝා.

රත් වෙච්ච දෙතොල ළඟ
මධු බඳුන තවරලා
රතු වෙච්ච දෙතොල් පෙති
සිපගනිමි මේඝා.

සුදෝ සුදු සේලයක්
තුනුවගේ දවටලා
නුඹ සීලයක වගේ
වත රකිනු මේඝා..

දිනිඳු ප්‍රිය සැමියා වී
නුඹ පෙමිනි මේඝා..
අහිමි මම පොළව වී
බලා ඉමී මේඝා...


රතු චතුරස්‍රය

ඒක මහ විශාල මී මැසි පෙට්ටියක්. විශාල වශයෙන් මී පැනි නිශ්පාදනයට හිමිකම් කීවේ මේ මී මැසි පෙට්ටිය. අපි ඒ මී මැසි පෙට්ටියට රතු චතුරස්‍රය කියලා නම තියමු..
මී මැසි රැජින හරිම ආඩම්බරකාරියක්.. ඉතින් මී මැස්සෝන්ට හරිම සැහැසි විදියට‍යි සැලකුවේ..
මී මැසි රැජින, විශාකා. විශාකා දේවිය තම සිංහාසනයේ වැඩ සිටියේ.. ඒ වගේම මී මැසි රැජිනට මන්දිර තුනක් තිබුනා. ඒවා හරියට සිදුහත් කුමාරයාගේ මාලිගා ත්‍රිත්වය වගෙයි.. රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා ත්‍රිත්වය. එක්ක් ගිම්හාන කාලයට, අනික වසන්ත කාලයට, ඉතිරි එක ශීත කාලයට..

(අවවාදයයි: මී මැසි පෙට්ටිය තුලට ඇතුල් වෙනවා නම් වාස්තවික දේවල් පිලිබඳ වද නොවන්න. මන්ද මී මැස්සන් විශ සහිත බැවින් ඔබේ අවිශ්වාසයට සාක්ශි සොයන්න ගොස් මී මැසි ප්‍රහාරයකට ලක් වීමට ඉඩ ඇති බැවිනි.. නොඑසේ නම් ඇතුල් නොවන්න.මේ රතු චතුරස්‍රය ඔබ දැන සිටින මී වද වලට වඩා වෙනස්ය.)

විශාකා දේවිය වැඩිමනක් ඇන්දේ ගිම්හාන ඇඳුම්. ඒවා පිරිමි මී මැස්සන් දුටුවත් එක එල්ලේ බලන්න විශාකා දේවියගේ අවසරයක් තියෙන්න ඕන වුනා. නමුත් වාසනාවන්ත එක කුමාරයෙක් හිටියා. ඒ ගැමුනු.. ගැමුනු කුමාරයාට මී මැසි රැජින නැත්තම් විශාකා දේවිය අවසර දීලා තිබුනේ හුඟක් දේවල් වලට.

ඒවට තරහ එක මී මැස්සෙක් හිටියා.ඒ ගෞරව. ඔහුට තිබුනා ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන් විශේෂ අවි පුහුනුවක් අරන් තිබුනේ.

ගැමුනු කුමාරයා කිසිම දෙයක් දැන හුන්නෙ නැහැ.. ඔහු සිය නේත්‍රා පෙම් හසුන් පවනට මුසු කලා.. විශාකා දේවිය පෙමින් ඔද්දල වෙලා උන්නේ හරි හරියට.. ගැමුනු කුමාරයාට පුදුම විසෙයක් තිවුනේ.. හරි හරියට ඒක විශාකා දේවියටත් බෝ උනා..

මුල් කාලයේ විශාල මී පැණි නිෂ්පාදනයේ ආදිපත්‍යය විශාකාව හිමි කරන් උන්නත්, ආදිපත්‍යය බිඳ වැටෙන්න ගත්තා සීරුවට..

මීමැස්සෝ විශාකාවගේ පාලනයෙන් මිදෙන්න ගත්තා. සහතිකේටම ප්‍රේම ජවනිකා බලා හිඳින්න බැරුව සමහර මී මැස්සන් එක පොදියට වෙනත් මී වද කරා පියැඹුවා. රතු චතුරස්‍රය දිනෙන් දින ආගාදය කරා ගියා..

ගෞරව කලේ මී මැසි ප්‍රහාරයක් දියත් කරන්න සුදානම් වුන එක.. විශාකාව ගැමුණු කුමාරයා එක්ක රාත්‍රි ප්‍රසංගයක් බලන්න ගිය දිනෙක ගෞරව කලේ ප්‍රහාරය දියත් කර රතු චතුරස්‍රය සිය අණසට ගත්ත එක. ඒ වෙනකොට විශාකා උන්නේ ගැමුණු එක්කලා බෝල් රූම් නැටුම් නටන ගමන්....
විශාකා දේවිය නැවත පැමිණෙන විට සියල්ල සිදුවී හමාරයි. ඇය කම්පිත දෙනෙතෙන් බලා හුන්නා වෙච්ච විනාශය ගැන.. ඇයට අමතක වුනා බෝල් රූම් නර්ථනයෙදී ගැමුණු කුමාරයා තමන්ගේ වම් කකුලේ පොඩි ඇඟිලි ලේ එන්න පාගපු රිදිල්ලත්... ඇය කර කියා ගන්න දෙයක් නැතුව බලා උන්නා සිදුවීම දෙස...

හිත හදාගෙන සියල්ල අතහැරලා විශාකා දේවිය ගැමුණු කුමාරයාගේ තුරුලට යන්න හිතනකොට, ගැමුණු කුමාරයා පලා ගොස් තිබුනා...

ගෞරවට වුනේ ඉබ්බා දියට දැමීම වගේ දෙයක්... විශාකා දේවිය රැජිනක් වෙලා උන්නත්, සිදු වුනේ ගෞරවගේ අණසකට පත් වීමට සිදු වීම..

ගැමුණු කුමාරයා පලා ගිහින් සේනා සංවිධානය කරන්න හිතුවෙවත් නැහැ. මොකද තමන්ට ඒ දේ කරන්න හැකියාවක් නැති බව ගැමුණු කුමාරයා සහසුද්දෙන්ම දැනන් හිටියා...

ගෞරව සිංහාසනාරූඪ වුනාට පස්සේ විශාකා දේවීය තවදුරටත් දේවියක් වුනේ නැහැ. ඇය මැහැල්ලක් වගේ වියපත් වෙන්න පටන් ගත්තා. කිසිම ආහාරයක් අනුභව කලේ නැහැ. හැමදේම ප්‍රතික්ෂේප කලා.. ඇයව ගෞරවට අවශ්‍ය විදියට රූකඩයක් වගේ නටවන්න බැරි විත්තිය ටික කලක් යන කොටම ගෞරව තේරුම් ගත්තා... ගෞරව, විශාකාව අකාලයේ මියැදුනොත් තමාට එල්ලවන මී මැසි චෝදනා ප්‍රහාරය පිලිබඳව හැමවිටම සිත් කනස්සලෙන් පසු වුනේ. ඒත් ගෞරවටවත්, විශාකාවටවත්, ගැමුණු කුමාරයටවත් කරන්න දෙයක් තිබුනේ නැහැ... ඉතින් හැමදාම ඒ විදියටම අලුතින් ඉර පෑයුවා කිසිම වෙනසක් නැතුව.....


සුරංගනාවි

හිසකෙස් හලා මද ඇලයට හිස හරවා
නෙත් කොට සිහින් මගේ හදවත ගෙන උදුරා
මද හසරැල් පා මුළු විශ්වය කළඹා
ඔබ ඇවිදින් ආයෙත් මට තුරුල් වුනා..

පෙම් ජවනිකා හරි හරියට හමු වන්නේ...
සිනමා පටියේ පමණකමැයි මා සිතුවේ...
ඔබ නම් ඉතින් නිලියන් හැම පරදන්නේ...
මගේ සුරඟනයි හිත් මඬලේ සැත පෙන්නේ....

අඹ ගෙඩි රාජ්‍යය-06

මුලින්ම සමාව ඉල්ලනවා කතාව අතරමඟ නැවතුනාට...
මට මේ කතාව එක දිගට ලියා ගන්න බැරි වුනා... ආයේ එහෙම නොවෙන්න දිගටම ලියන්න හිතන් ඉන්නේ...

කලින් කොටස් වලට ගිහින් කියවන්න>>>
=================================

       

සුවිස් කුමාරයා සිනෙක්සා කුමරියව දුටුවේ උදෑසන ආහාර මේසය මතදී.. රෝමයේ කිසිම තැනකවත් ඇය වැනි රූමත් කෙල්ලක් සුවිස් කුමරා දැක තිබුනේ නැහැ. වීනස් දෙවඟනටත් වඩා ලස්සනයි. දැකුම් කළුයි.. කෙස් කළඹ ඉතාමත් දිගයි.. ඝන කළු පැහැතියි.. ඇස් දෙස බලන්නවත් බැරි බව කුමාරයා තේරුම් ගත්තා. මන්ද ඒ ඇස් වල කාන්තියට කුමරා නිලංකාර වෙනවා... තමා විවාහ වනවා නම් මැය සමඟ පමණමයි යැයි සුවිස් කුමාරයට සිනෙක්සා කුමරිය දුටු සැනෙන් සිතා ගත්තා..
ඇය උන්නේ කෑම මේසයේ ඉඳ ගෙන.. ඇගේ ආඩම්බරකම කොපමණද කියනවා නම් සුවිස් කුමරා එන විට නැගිට්ටේවත් නැහැ.. යන්තම් සිනහා වුනා පමණයි. නමුත් එයත් සිනහා නොවීමක් වගෙයි... කිසිම කෙල්ලෙකු තමාට මෙතරම් ආඩම්බරකම් පෙන්වා නැහැ.. ඉතින් සුවිස් කුමාරයාට මහත් තරහක් වගේම පුදුමයකුත් දැනුනා ඇය ගැන...
" සුභ උදෑසනක්..."
සුවිස් කුමරා කුමරියට සුභ පැතුවා...
"සුභ උදෑසනක්..."
කුමරියත් තරමක් උඩඟුවෙන් වුවත් කුමරාට සුභ පැතුවා...
"ඔබ සමඟ රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වන්න ඉන්නේ. එහෙනම් ඒ වෙලාවට කතා කරමු..."
කුමරිය එසෙ කියමින් ආහාර කිස ආහාර මේසයෙන් ඉවත් වූවාය...
කුමාරයාට කුමරියගේ ආඩම්බරකම දරා ගන්න බැරි වුනා.. මන්ද කුමාරයා තමයි ඊළඟ රෝමයේ රජතුමා.. රෝමයේ ජනතාව නම් කුමාරයා දුටුවත් ආචාර කරනවා.. රෝමයේ කුමාරිකාවන් තමන් සමඟ ක්‍රීඩා කරන්න එන්නේ, මිත්‍රත්වය අවැසි නිසා.. තමාට මේ දක්වා හමු වුන හැම ගැහැනු ළමයෙක්ම තමා සමඟ කතා කරන්නේ උවමනාවෙන්ම.. ඒත් මේ කුමරියට කිසිම අවශ්‍යතාවක් නැහැ වගේ...
කුමාරයා කල්පනා කර කුමක් කරන්නද කියලා...
රාත්‍රී සාකච්ඡාව රාජතාන්ත්‍රික සාකච්ඡාවක් වෙනවට කුමරා කැමති වුනේ නැහැ...
ඒත් ප්‍රේමනීය රැයක් ගෙවන්න හැකියාවකුත් නැහැනේ.. කුමාරයා බලන් උන්නේ ඇය සමඟ ප්‍රේම ගීත ගයන්න මිසක රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්න නෙවේ...
================================
ඉදිරියට >>>

මං හිඟන කොල්ලෙක්.. ඔය සුරංගනාවිට...




සිහින හතක් බිම්මල් වගේ එක දිගට ඇත පිපුනු...
කහින ලයකි වැඩි ආයුසක් නැතිව පණ රැක ගන්න වෙර දරපු...
බිම් මල් කඩා උයා කමි...
උයන්නට දැන් කිසිත් නැති..

හෙට උදේ ඉර පෑයුවම
සිහින හොයන්නට
ආයෙත් නගරෙට එමි.....

හමුවුනේ කොලොම්පුරේ ගැහැනු හිතක්..
ඒ හිත මැද්දේ තිබුනේ අයිෆල් වලට වඩා උස පැතුම් ගොන්නක්...
මට තිබ්බේ අයිෆල් කුලුන යට හරි අයිස්ක්‍රීම් විකුනන එකම එක හීනයක්..
ඒකෙන් මගේ ඇදුමට බේත් අරන්,
ජීවිතය රැක ගන්න දුප්පත් හීනයක්...

කෙනිත්තුව හීනයකට
ඔබ ඉස්ස මල් වැස්ස
ගල් වගේ දැනුනට
වැරදි නුඹ නොවේ...

ඔබ සුරංගනාවියක් මේ මිහිපිට ඇවිදින..
මං හිඟන්නෙක් යන කාරනා සත්‍ය වග නොදැනෙන..

අපි ඉහලන් උන්නේ කුඩ දෙකක්..
හිටියත් එකම එක අහස යට.....


නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...