ආසාවේ පොඩි වෙච්ච සින්ධූර් තිලකයට
කඳුලු පර මල් පෙති වැටිලා
අදත් හීනෙක ගුලිවෙලා...
හදවතේ අත නොපොවන මායිමෙක
හීනියට දලුදමා ආයේ පරවෙලා
සදා කල් හැංගිලා හීන රොඩු තියෙනවා....
අම්බපාලියටත් පින හුඟක් තිබුනට
පත්තිනි සළුවකට කාසි හිඟ වුනිද..
හීනයක ලියැවුන ප්‍රථම ප්‍රේමය
හැංගුනේ ඒ සළුව යට නේද...
අහන්නේ හිත මගෙන්ම නේද...
නොකිව්වට එක වදනකුඳු ඇය.
රිදුනෙ නැතිවා නොවේ ඒ සඳ.
සඳක් ලෙස ඈ සිතා සිටි සඳ
බැස ගියේ පුරවා අමාවක සඳ.
ආවේ නෑ ආයෙත්ම ඒ සඳ.
++++++++++
ReplyDelete☺☺☺☺☺
Deleteඅපූරුයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි ඔබට .... ජය !!!
Deleteඔන්න මේ සඳනම් ආවා හොදේ
ReplyDeleteමේ සඳ හැමදාම පායලනේ...
Deleteම්ම්ම් ඒකෙත් හැටි නේද? අමාවක සඳත් එක්තරා විදියක සඳක් තමා
ReplyDeleteකොහෙද අප්පේ ගිගින් හිටියේ.. මං හෙව්වා නොවෑ...
Delete