මං හිඟන කොල්ලෙක්.. ඔය සුරංගනාවිට...
සිහින හතක් බිම්මල් වගේ එක දිගට ඇත පිපුනු...
කහින ලයකි වැඩි ආයුසක් නැතිව පණ රැක ගන්න වෙර දරපු...
බිම් මල් කඩා උයා කමි...
උයන්නට දැන් කිසිත් නැති..
හෙට උදේ ඉර පෑයුවම
සිහින හොයන්නට
ආයෙත් නගරෙට එමි.....
හමුවුනේ කොලොම්පුරේ ගැහැනු හිතක්..
ඒ හිත මැද්දේ තිබුනේ අයිෆල් වලට වඩා උස පැතුම් ගොන්නක්...
මට තිබ්බේ අයිෆල් කුලුන යට හරි අයිස්ක්‍රීම් විකුනන එකම එක හීනයක්..
ඒකෙන් මගේ ඇදුමට බේත් අරන්,
ජීවිතය රැක ගන්න දුප්පත් හීනයක්...
කෙනිත්තුව හීනයකට
ඔබ ඉස්ස මල් වැස්ස
ගල් වගේ දැනුනට
වැරදි නුඹ නොවේ...
ඔබ සුරංගනාවියක් මේ මිහිපිට ඇවිදින..
මං හිඟන්නෙක් යන කාරනා සත්‍ය වග නොදැනෙන..
අපි ඉහලන් උන්නේ කුඩ දෙකක්..
හිටියත් එකම එක අහස යට.....
wow... this is nice
ReplyDeleteThanx liki
Deleteela
ReplyDeleteThanx Nadun
Delete//අපි ඉහලන් උන්නේ කුඩ දෙකක්..
ReplyDeleteහිටියත් එකම එක අහස යට.....//මේ අදහස නියමයි.
ස්තූතියි බක්කරේ
Delete+++++++
ReplyDelete😇😇😇
Delete
ReplyDeleteඅදහස පැහැදිලියි.
අනික් කවි අපැහැදිලිද...
Delete😊😊
තවම බැලුවෙ නෑ.
Deleteඅන්න ඒකනම් මරු
ReplyDeleteස්තූතියි සඳවතී 😊😊
ReplyDeleteනියමයි
ReplyDeleteස්තූතියි සයු...
Delete