ප්‍රේමයට...

පහන් වනතුරු අඳුරු රෑ යම
ඇඟිලි සිතඟින් හෙමින් ගනිමි...
අඳුර ආ පසු බුබුලු නිවලා
කඳුලු උල්පත හොරෙන් හරිමි...

නුඹේ මතකෙන් පිරෙන මගෙ සිත
නුවනඟින් උණු කඳුලු දරමි..
ආයේ පින්නේ සොඳුරු අරුණේ
හසකැලුම් පා සිනා සලමි...

ඉදින් ඇත්තට කියනු කවුරුද
සත්තකින් නුඹ මගෙන් නික්මී..
එදත් එහෙමයි අදත් එහෙමයි
මගේ ප්‍රියබඳ නුඹයි රදුනි...

කඳුලු දහදිය හෙමින් කලතා
මන්ද්‍ර සුළඟක ඔතා එවමි.
නුඹට ලියු කවි සියතුන්ට දී
ගයන්නට මම පැතුම් පුරමි.

මගෙ සුවඳම දැනුන පසු නුඹ
සුළඟ පසුපස ඇදෙනු දනිමි
මගේ කවි ගී ඇසුන පසු අපේ
මතක දිගැ'රෙන බවත් හිතමි.

නුඹ පැවසුවෙන් දුක හරින්නට
මධුවිතක් ගෙන බලා හිඳිමි.
මතක ඇහිරි පැමිණෙනා නුඹ
සමඟින්ම මධු විතත් පුරමි..

වැඩියෙන් මං නුඹට පොවමි.
ඉදින් නුඹ අසිහියටම යවමි.
සත්‍ය කියනා තුරුම මධු පැන්
පොවා නුඹේ හිතේ අඟුල් හරිමි..

ආදරේ මතුවන තුරා හදවතේ
මතක සැමරුම් හෙමින් අදිමි.
ආදරේ කර වෙන් වුනේ කිම
කියනතුරු ඉවසාම හිඳිමි...



පිලිතුරු කවිය:
තෙත්ව යනතුරු ගතේ අදිවත
හිරු රැසින් මා විඩා කරති
වෙහෙස නෑ මට හිරු ඔබයි මට
ඔබේ හසරැල් මතක් කරමි

ඔබේ මතකෙන් පිරෙන මගෙ සිත
එදා මෙන් මදහසක් මවති
ඔබ සිටී නම් හදේ ගැබුරත
කදුලු කුමටැයි සිනහ සලති..

කදුලු සුසුමන් හදේ සගවා
සිනහ හසරැල් සුලගෙ එවමී
සියොත් ගී නද වෙත යොමා කන්
ඔබෙන් හසුනක් වේද සොයමි

සුවද ඔබගේ ගෙනෙන සුලගේ
එතී එන්නට නොහැක පතිනී
යතා දිවි මග බොරලු කටු වෙයි
බොලද කවියක් නොවේ සදුනී

දුක නිවන්නට මදු විතෙන් බෑ
ඔබ මෙන්ම එය මමද දනිමි..
ගතද වෙහෙසයි සිතද වෙහෙසයි
මදු ක්‍ශනයකට සුවය පමනි..

ඔබ සමග කල පෙම් කතා පෙර
හාදු මල් වැල් සමග මුසුවී..
නුවනගින් දුන් කැලුම් ආදර
තවම මතකයි ප්‍රේම රැජිනි...

පෝරුවක බැදි සුලු ඇගිලි මත
ඔබට නොහැගුනු අරුත් තිබුනී..
තැලි පිලිද හා සේද පිරුවට
යුතුකමින් මා ඔබට බැදුනි..

ආදරය හද පතුලෙ සගවා
එවන් යුතුකම නිතර සිතමි..
නමුදු ඒ පෙම වියැකිලා නැහැ
ජිවිතය මගෙ ඔබයි පතිනී...

(පිලිතුර ලිවූයේ සිතුෂි...
කැම්පස් එකේ ජූනියර් නංගි කෙනෙකි.... තුති ඇයට...)


Comments

  1. //පහන් වනතුරු අඳුරු රෑ යම
    ඇඟිලි සිතඟින් හෙමින් ගනිමි...
    අඳුර ආ පසු බුබුලු නිවලා
    කඳුලු උල්පත හොරෙන් හරිමි...//

    මම කැමතිම කොටස. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී ...ආයේ බ්ලොග් ලෝකයට ආපු එකට සතුටුයි...

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා