ගැට පිච්ච සුවඳ බිඳු
කෙහෙරැල්ලේ ගවසලා
සඳ බැස්ස බිමට නුඹ
බසිනු මැන මේඝා.
රත් වෙච්ච දෙතොල ළඟ
මධු බඳුන තවරලා
රතු වෙච්ච දෙතොල් පෙති
සිපගනිමි මේඝා.
සුදෝ සුදු සේලයක්
තුනුවගේ දවටලා
නුඹ සීලයක වගේ
වත රකිනු මේඝා..
දිනිඳු ප්‍රිය සැමියා වී
නුඹ පෙමිනි මේඝා..
අහිමි මම පොළව වී
බලා ඉමී මේඝා...
ඉර හොරෙන් බැස ගියැයි
ReplyDeleteනාඩන්න මේඝා
සඳ හොරෙන් බැස ගියයි
නාඩන්න මේඝා
අහසටත් පොලවටත්
අ'තර දුර
තාම මම
නොදනිමියි මේඝා
ඒත්
හැම උදේ නුඹ
එවන පිණි පහසකින්
ම'හද මල විකසිතයි මේඝා
නුඹට හිමි කාරයන්
ඔය අහසෙ ඇති තරම්
ඒත් මම සදහටම
නුඹගෙ විතරමයි නුඹ දන්නවද - මේඝා...
ලස්සනයි අලේ හුඟක්... සඳ ගැන නොකිව්ව නම් වඩාත්ම, මගේ එකට ගැලපෙනවා...
Delete#####
ReplyDeleteකතාවක් ලියහන්... මේ කවි මට හරියන්නේ නැහැ
ReplyDeleteකතා ලියන්න වෙලාවක් නැහැ බොල... මං මේ එරිලා ඉන්නේ පාඩම් කරගන්න බැරුව...
Deleteඔබේ දෙවුයර උනුසුංය,
Deleteපිටේ ඇති ඉන්නාද මනරංය,
මහපටැගිල්ල අත්නෑර,
සුලඟිල්ල බදා ඉමි වැලද,
මේ අම්මණ්ඩිට හරි යන්නෙ ඕං ඔය වගෙ එව්ව තමා :)
අනේ මේ! දුප් කිව්වේ
Deleteබලා ඉදුමද
ReplyDeleteමහත් සැපයක් ය
මේ ඝා
හීනයක්වගේ
නුඹ දැනෙනවා
මේඝා
හෑඃ දැනිලා තියන හැඩයි.
Deleteආ හරි මේඝා
ReplyDeleteහාකෝ
Delete