නාට්‍යය

හොරකම් කල දෙස දිටුවන් එලවනු වස් පිණිස.
මැරකම් කල මැර කල්ලින් අතුගා ලනු පිණිස
යහපත් පාලනයක් ගෙන කරනෙමි බෝ වෙනස
මෙත්පල් නරනිදු ඔටුණු දැරුවෙය සිරස

හොරුන්‍ විසින් මෙත්පල් සිංහාසනේ තැබුවා.
ඉතින් ඔහුත් හොරමැර නොදුටුම සේ උන්නා.
ඉඟුරු දීලා මිරිස්ද ගත්තේ කියලා.
මිනිසුන් ආයේ ඉඟුරුට ඡන්දය දුන්නා.

ආයේ ඉඟුරු නයි මිරිසක් වේවිදෝ.
අලුත් මිරිස් හෙට ඉඟුරක් වේවිදෝ.
දේශපාලනය නම් කැසිකිලියක් දෝ.
කවදා හොරුන් රජ පුටුවෙන් බහිවිදෝ..

කූඹියෝ බල බලා දායකයින් වෙරි වීලා.
මරු මරු කිය කියා නොඉවසිලිමත් වීලා.
ලොකු පුටු රජ කරන ගේමක රස දැනිලා.
යථරුත එයයි හැමතැන නැතිමද දැනිලා?

මුහුණ පොතේ තහනම අලුතින් ආවා..
ඒ සමඟම වයිබර් වට්සැප් මැකුණා..
වීපීඑන් විත් තහනම විහිලුවක් වුනා..
මෙත්පල් නිරිඳු ආයෙත් විහිලුවක් කලා..

Comments


  1. මෙත්පල් නිරිඳුනි අපේ රැකියා සුරක්ෂිත කරන්න .

    මීට - " ටෙනී - බන්දු සිනාසාගර ඇකඩමිය " .

    ReplyDelete
    Replies
    1. අයියෝ ... මේවා සිඟිති ආතල්

      Delete

Post a Comment

Popular Posts