අන්තිම දවස



"ස්ස්.."
බියර් ටින් එක කැඩුවේ මං, ඒ වෙනකොටත් එයා බ්‍රැන්ඩි වීදුරු දෙකක්ම හිස් කරලා තිබුනේ...
අපි හිටියේ එයාගේ මහල් නිවාසේ බැල්කනි එකේ.. යන්තම් පොද වැස්සක් වැටෙමින් තිවුනේ... මං ආස උනේ මේ වගේ වැස්ස වෙලාවක මත් වෙමින් ආයේ මත් වෙන්න.. අද තමයි හොඳම දවස...
එයා... මං... මහල් නිවාසය... ලිකර්... වැස්ස...
හැමදේම..!!!
මේක තමයි අන්තිමට දවස...
"ඔයා බොන්න පුරුදු වුනේ කවදා ඉඳන්ද සුදූ..?"
එයා ඇහුවේ පුදුමෙන් වගේ... මං බියර් ටින් එක බීපු වේගේ දැකලා..
ඒක එයාව හිමින් හූරන්න පුලුවන් ප්‍රශ්නයක්...
මං... ඔව්..!! ඇත්තටම සුදු නපුරුයි.. විශේෂයෙන්ම එයාට.. මොකද මේ ආදරය කියනේ වෙනස් වෙන දෙයක්.. ඒ පාට ඇතුලේ තිබ්බේ දේදුන්නක්.. ඒත් එයාමයි ඒක අඳුරු වලාකුලක් බවට පත් කලේ... හැමදේම මහ මූසල පාටකින් වෙලාගෙන තිබුනේ...
"ඔයා මාව අතෑරපු දවසේ ඉඳන්..."
මං කිව්වේ එයාගේ ඇස් දිහා බලන්, ඩිරෙක්ට්ලි...
එක පාර ගැස්සුනා ඒ ඇස්... ඉන් පස්සේ බලන් ඉද්දිම මුහුන කලු වුනා...
"සොරි කවී..."
එයා උන්නේ හරියටම මගේ ඉදිරිපිට ඩිවාන් එකේ.. මට එයාව රිද්දන්න ඕන වුනාට එයාට රිදුනම මටයි වැඩියෙන් රිදෙන්නේ... මං මුල ඉඳන්ම බලන් උන්නේ එයාගේ මුහුන දිහා... හරියට නෙලුම් මලක් වගේ... ලස්සනට පිපිලා තිබුන නෙලුම බලා ඉද්දිම පර වෙලා පෙති එකින් එක හැලුනා.. ඇත්තටම පර වෙන්න තරම් සැහැස් වචන කිව්වේ මං..
මං හිටිය පුටුවෙන් නැගිටලා එයාගේ ඩිවාන් එකේ වාඩි වුනා.. එකේ මට ඇති තරම් ඉඩ තිබුනා.. මං හුඟක් කෙට්ටු නිසා... මාව ස්පර්ශ වෙද්දිම එයා වෙවුලුවා... මට ඒක දැනුනා...
"ඇයි මාව අතෑරියේ කවී..."
මං ඇහුවේ එයාගේ ඇස් මගේ ඇස් වල තියාගෙන... එයාට මඟහරින්න බැරි වෙන්න...
"  ඔයාගේ හොඳටමයි මං එහෙම කලේ.. නැතුව, පුලුවන් කමකට නෙවෙයි සුදූ... "
හැමදාම කියන වචනේ... මාව එක මොහොතකින් එයාගෙම කර ගත්ත පිරිමියා මාව අතහැරියේ මගේ හොඳට.  ඒක මහ විකාර කතාවක්..
"දැන් දන්නවනේ.. මං දැන් සල්ලං වෙච්ච ගෑණියෙක්.. මට ඩිවෝස් එක ලැබෙයි හෙට අනිද්දම..."
මං කිව්වා නෙවෙයි..කියවුනා.. ඒක එයා දැනන් හිටියා.. මගෙන් නොවුනත්.. මං දන්නවා එයා දැනන් හිටිය බව...
"ඔයා එයාව මැරි කලේ කැමැත්තෙන් නෙවේද සුදූ... මගෙන් පලි ගන්න නේද හැමදේම ඔයා කලේ.."
"ඔයාගෙන් මං මොකටද පලි ගන්නේ.. මං මගෙනුයි පලි ගත්තේ කවිෂ්.. මට වුවමනා වුනේ නෑ, ආයේ ආදරේ කරන්න.. මට පුලුවන්කමක් තිබ්බේ නැහැ ආයේ ආදරේ කරන්න.. මං හිටියේ හොඳටම ෆෙඩප් වෙලා... ඔයා අතෑරලා ගිය දවසේ ඉඳන් මට වුවමනා වුනේ ඒ ජීවිතයට තිත තියන්න. ඒකයි මං ඒකට කැමති වුනේ.."
අන්තිමට ඔක්කොම සිද්ධ වුනාට පස්සේ මේවා දැනගෙන වැඩක් තියේද එයා.. රිදිල්ල විතරයි.. මං එයාට ඒවා කිව්වේ නැහැ..
" මගේ දෛවය ඒක... "
මං එහෙම කිව්වේ අහක බලාගෙන.
"මගේ ඇස් බලන්න සුදූ.."
මට බලන්න වුවමනා වුනේ නැහැ.. දැන් වුන දේවල් ඉවරයි..
"ඔයා ඇයි එහෙම කලේ... කෙල්ලෙක් කොහොමද තනියෙන් ඉන්නේ.. ඊටත්..."
"ඔව්..ඊටත්... කසාදේ ලිහිච්ච ගෑණියෙක්.."
මං එහෙම කියලා හිනා වුනා.. කවිෂ් මං දිහා බලන් හිටියේ පුදුමෙන්..
"මට දැන් ඒවා කතා කරන්න වුවමනා නෑ කවී..  වෙච්ච දේවල් වුනා.."
මං නැගිට්ටා.. ඒ එතනින් යන්න.. එයා එක්ක ස්පර්ශ වෙවී ඉන්නවා කියන්නේ මං මාවම පුච්ච ගන්නවා කියන එක...
මං යන්න හදද්දිම එයා මාව නවත්ත් ගත්තේ වේගයෙන්.. මාව ඇද වැටුනේ මං හුඟ කාලයකට කලින් සැනසුම හෙව්ව පපුව උඩට.. !!!

Comments

  1. මේ ගැන ලියන්න හිතයි. අරූ ටිකක් වෙනස් තේමාවක් ගන්න උත්සහ කලොත් මොකෝ?? ඔයාගේ ටැලන්ට් එක සිමා කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අපොයි.... බලාපොරොත්තුවෙන් හිටපු දේ කියලා.. මාත් දන්නවා ඒ දේ නම්.. සීමා වෙලා කියලා.. ලියවෙන් නෑනේ.. දුක තමා... ට්‍රයි කරන්නම්කෝ ලියන්න....

      Delete
  2. කාලෙකට පස්සෙ අරූගෙ කතාවක් කියවන්ඩ ආවා

    ReplyDelete
    Replies
    1. මට එක්පාරටම අරූගෙ කතාවල චරිත අඳුරගන්න අමාරුයි.කවුද කොල්ල, කවුද කෙල්ල,ශුවර් එකටම කොල්ලෙක් ද? මට කතාවෙ බාගයක් විතර යනකන් ඔයවගේ ප්‍රශ්න ගොඩයි.මේ කතාවල පොඩි ටැබූ ගතියක් තියන නිසා කලින් කියපු ප්‍රශ්නවලට හිතෙන්නෙත් මහ පිස්සු අදහස්.

      Delete
    2. මගේ හැම කතාවක්ම එකම විදියයි.. චරිත විතරයි වෙනස්.. ඒකාකාරී කියලත් හිතෙනවා.. වෙනස් විදියක එකක් ලියන්න හිතුවත් හැමදේම භාගෙට නවතිනවා... ස්තූතියි බක්කරේ මගේ කතා මේ විදියට විඳිනවට..

      Delete
  3. අමුතුම ලස්සනක් තිබ්බ ඒ කතාවේ .


    ReplyDelete
  4. හරිම අදරනීයයි. එත් අනේ

    ගොඩාක් දුකයි.

    ReplyDelete
  5. හරිම අදරනීයයි. එත් අනේ

    ගොඩාක් දුකයි.

    ReplyDelete
  6. හරිම අදරනීයයි. එත් අනේ ගොඩාක් දුකයිනේ .

    ReplyDelete

Post a Comment

Popular Posts