කාල වර්ණිත ස්වරූප
ඉකිබිඳුම් නොවන පබැඳුම්
සියුම් රත් හූයෙන් ගොතා
ඔබ වෙතම තිලිණ කරාවූ..
ඒ ආශා නදියේ රටා,
වලාවන් උනා දමා
වැතිරුනා වූවද..
ප්‍රේමයේ ලතෙත් බව නොදැක,
නොව, නොම හැඳින
මවෙතට ඉසූ වාග් ප්‍රහාරයන්
මා වෙත පතිත වූයේ නැති වූ සැන
ඔබම විසින් කෝපාවිෂ්ට වූ
ඔබේ දෑතැඟිලි වල රස්නය දැනුනද..
එකී සැබෑ ස්වරූප
අමතක සේ හිඳිමින්
රතු තැඹිලි කහ වර්ණ අතර..
සිහිනයේ සැරි සරමි.
ඒ ස්වරූප, ඒ කාල වර්ණිත ස්වරූප
ශඩ් වර්ණිත මගේ ලොව තුල
වර්ණවත් කරන්නේ කෙලෙස
මිහිදන් කර ගත නොහී..,
නුඹ යළිත් සිනාසුනද
නුඹ යළි ප්‍රේමාතුර වුවද....


Comments
Post a Comment