ඒ හිමි
කඩා වැටුණ ආවාස ගෙයි මැද
තබා කැඩිච්ච බාල්දිය
එකතු කරයි වැහි වතුර..
වේයන්ට ලැගුම් හල වුණ
පොත් ගුලේ හැමදාම
වරු ගණන් හිඳ
ඉතිරි වුණ පොත් ඇහිඳියි..
බෝගහ මුල හිඳින
ඉරි තැලුණ බුදු පිළිමේ
නමදියි, ඉදිරිපිට තියා වතුසුද්ද
තනිවම විහාර ඉම අමදියි..
පැය දෙකකටත් වඩා යන වරු එමටයි.
ඒ ඇමදුමෙන් කොළ රොඩු එකතු කරන්නට.
දානේ කිසිවක් නැතිව
දින ගණන් වරු ගණන්
පිණ්ඩපාතේ වඩියි ඒ හිමි
ගිහියන්ගෙන්
අසා එහා ගමේ මහ පන්සලේ විත්ති,
නිහඬ වෙයි, සිවුරට නොකර අවමන.
මහ පන්සල ළඟින් වඩින විට
කාසි ගරනවැයි
ගිහියන් දෙස් තියන හාමුදුරුවන්ගේ
වටේ හිඳින ගිහියන් දෙස බලා
එහිමි ඉදිරියට වඩී..
උදාසීනව..
දමනය කර සිත, අටලෝ දහම මෙනෙහිකර...
ටික දුරක් යද්දි විටෙක,
ඒ මේ පුරවරට සංඝනායක හිමි,
මහ පන්සලේ හාමුදුරුවෝ
හිමිකම් කියන බෙන්ස් එක වේගයෙන් යයි
පසු කර ඒ හිමි
ඒහිමි
බිම බලන් වඩී
නොපැකිලව
පිණ්ඩපාතය සොයාගෙන


හ්ම්.........😔
ReplyDelete+++++++++++++++++++++++👌