පංකජයක්මි
ඔබ විසින් කියා දෙනු ඇතැයි මම නොසලකා
නොමිනිසුන් සිටින වග, තිරසනුන් වන,
කොන්ක්‍රීට් වන මැදත්..
මම ඉගෙන ගතිමි.
කෛරාටික රජුන් රාජිනියක්,
සේනාව එකත් පසව හිඳුවා,
ගොම අමතකව ක්ෂීර දියෙන් දොවාගෙන
විරාජමානව වැජඹෙනු දුටුවෙමි.
ඒ අතර බිලාල කුලයේ හුන්
බෙලහීනයන්,
ඒ කෛරාටිකයන් පසු පස ඇවිද යනු දුටුවෙමි.
පසුව ඔවුන්ද, අග තැම්පත්,
පුරෝහිත කම් සමඟ කේවට්ටකම්ද
රැකියාව සේ කරනු දකිමි.
මේ මවු රාජ්‍ය තුල,
මව්වත්, පැලැන්තිය පසෙකලා
බිලාල කුල, හිවල් කුල මෙන්ම එකි මෙකී නොකී කුල රාශියක් රජකම් කරනු දුටිමි.
නමුත් ඒ සියල්ල
මා වේදනාවට පත් කරනවා නොව,
මා ශක්තිමත් කර ඇත.
ඒ මඬ ගොහුරෙන්ම නැගී දිලිසෙන
පංකජයක් සේ
දැනුදු මම සිනාසෙමි. හෙටද සිනාසෙමි.


Comments
Post a Comment