මාග්‍රට් මී මැසි රැජින


මී මැසි රාජධානියක
අතවැසි මී මැස්සියක්ව
මහ වැඩ දහසක් කරමින්
පය පැටලී වැටෙද්දිත්
දාසකමටම උර දෙමි.

මී මැසි රැජින හරියට 
මාග්‍රට් තැචර්..
රාජධානියට සවියක්.
ෆෝක්ලන්ඩ්වත් දිනා දුන්නොත්
දාසකම හැරදා බැරිද
නිදහස්ව ජීවත්වෙන්න මට

අපූරු ආදරය දන්න පුරුෂ බිඟුවෙක්ව
වෛවාහ කර යන්නද ඈතකට 
රාජධානියෙන් වෙන්ව.
මී මැසි රැජින අවසරද මට
යුද්ධයක් ප්‍රකාශ කරන්නට


Comments

Popular Posts