නිමා වූ ප්‍රේමය

ඈත දුරකින් ඉන්න හිතලා
ඈත රටකට පියැඹුවා මම්
නොදත් කිසිවෙකු ඉන්න නගරෙක
හුස්ම ගත්තා කාලයක් මං
තනිව යන මඟ අහම්බෙන් දුටු
ගැස්සිලා ගිය තත්පරයේ මං
දුටුවේ නුඹවයි නොදත් නගරයේ
මිනිස් වනයක අතරමං වුණු

නුඹත් තනියෙන්, මමත් තනියෙන්
ආව මඟ දුර තනි නොවුණමුත්
හීන දහසක් මවාගෙන උන්
ජීවිතේ හෙට වෙනස් වෙනවා.
අතහැරිය මා ආයෙ නොඑනා
ගමන් ගිය බැව් නොදන්නා නුඹ
දැන ගන්න ඇති, ගැස්සුනත් මා
නොදැක්කා සේ පා එසවු හැටි.


Comments

Popular Posts