නුඹ ඈතින් මට


අතහැරී ගිය පසුත්,
සෞම්‍ය ඒ සුළඟ පමණකි.
ඒ පරණ තුරු වලට
මම තවම ණයගැති'මි.
ඔබට මට සෙවණ දුන්
ප්‍රේමයට සවිය වුණ.
ඒ ළදරු තෘණපත්ද
මට තවම මිතුරැති....

ඔබ කොහේදැයි අසන්නට වෙර දරන
ඒ මවිත වූ මාරුතය
ගොළු මාව තනි නොකර මා අසල 
නිහඬවම සසැලෙයි.

මේ ඔබට මිතුරැති තුරු හිස්ද
සෙවණ සලසයි මට ගොළුව හිඳ
නුඹ නැතිව අද මා තනිව 
අපි අත් පටලවා හිඳි වෙරළ කොණ.

සුළඟට,  තුරු වලට,
අසන්නට සිත් වුණිද නුඹ කොහෙද 
නොඅසනා ඒ භෞතිකයන්
කෙතරම යහපත්ද ....

නොදන්නා සයුරු ඉම 
සහස් ගව්වක් එහා
පසුකරන් ගියපු නුඹ..
අන්ෆ්‍රෙන්ඩ් කරපු මගේ බුකියේ 
පෙනෙන එකම එක
අපැහැදිලි රූපයේ 
නුඹ දියණියක් හා
එක්කෝ කැනඩාවේ, එක්කො ඔසී වල.
සුදෝ සුදු හිම එක්ක
හිතමි මම නුඹ කොහෙද.
බලා ඉමි, ඔබව... හා නම නොදත්,
අපේ සිහින වල හුන් ඒ දියණි දෙස





Comments

Popular Posts