කවි සහ අවි


ලියැවෙන පමාවට
ඔබ ඇවිත් කවි කියවන අපූරුව
හොරෙන් එබිකම් කර 
මගේ බුකියට අනවසරව ඇතුල් වී

සියයක් දහසක් කියවන්නන් අතර 
ඔබ අල්ප්‍රමාණිත ශුද්‍ර අංශුවක් බැවින්
ලියන දේ ඔබටැයි නොසිත
අනෙක් පස හැරී නිදාගන්න

නොඑසේ නම් කියවන්න.
කියවන්නන් දහස් ගණනකින්
කුහුඹුවෙකුව.

කවිය යනු අවියකි
ඔබට රිදෙන්නේ එබැවිනි
ඔබට නොලිව් කවි 
සිතා ඔබට'මැයි 
අපූරුවට කියවයි

මසිත සන්තුෂ්ටිය දනවයි 
ඔබ මගේ කියවන්නෙකු වීමම.

Comments

Popular Posts